2012-02-02

flow charts පාඩම

 
මම කියල දෙන්න හදන්නෙ flow chart  ගැන... ම්ම්ම්ම්ම් මුලින්ම බලමු මොනවද මේ
 flow chart කියන්නෙ කියල. සරලම අර්ත දැක්වීම විදියට කියනව නම් flow chart එකක් 
කියල කියන්නෙ diagram(රෑප සටහනකට) එකකට හරියට චිත්‍රයක් වගේ එකක්. 
අපට මේ චිත්‍ර(flow charts) වලින් අදහස් තේරුම් ගන්න පුලුවන් ඒ වගේම අදහස් ඉදිරිපත්
 කරන්න පුලුවන්. 

අපි බලමු මොනවගේ අදහස් ද මේවයින් ඉදිරිපත් කරන්න පුලුවන් කියල.

1. algorithm 
2. process
                          
මම කලින් කියපු දේවල් තේරුනා කියල මම හිතනව. ඉතින් flow chart එකකින් අපට 
පුලුවන් process එකක් හරි algorithm එකක් හරි Graphical ඉදිරිපත් කරන්න.
මේව අදින එක හරිම ලේසියි. අපි දැන් පියවරෙන් පියවර බලමු කොහොමද මේව
 අදින්නෙ කියල.


අපි මුලින්ම බලල ඉමු සරල උදාහරණ දෙකක් 

1.


මේ තියෙන්නෙ සරල flow chart එකක්. මේකෙ මුලින්ම කරල තියෙන්නෙ x හා y 
කියල memory locations (Variables ) දෙකකට 10 හා 20 දාගෙන තියෙනව
 ඊළගට ඒ දෙකේ එකතුව Tot කියල තවත් variable එකකට යොදල ඒ Tot කියන
 Variable එකේ අගය Display කිරීම සිදු කරල තියෙනව.  
2.

 
මෙතන තියෙන සටහන මගින් පෙන්නන්නෙ වැඩ කරන්නෙ නැති lamp එකක් 
පිළිබද කතාවක්.මේ සටහන අනූව අපට තීරණයකට 
එන්න පුලුවන් lamp එක නිසි ආකාරව ක්‍රියා කරන්නෙ නැත්තෙ ඇයි කියල.

මුලිනම අපි දැනගන්න ඕන flow charts වල තියෙන සලකුණු ටිකක් flow charts 
කියන්නෙ භාෂාවක් කියල හිතුවොත් ඒ භාෂාවෙ තියන අකුරු වගේ තමයි මේව 
ඒ නිසා මේව මතක තියෙන්න ඕන හොදට. 

 
මේ සලකුණෙන් තමයි program එකක
 අවසානය හෝ ආරම්භය නිරෑපනය කරන්නෙ.

process එකක් එහෙමත් නැත්තම් කියාවලියක් දක්වන්නෙ 
මේ මගින් 
input  හෝ output එකක් පෙන්නනෙ මේ මගින්  


මේකෙන් තමයි Decision එකක් නිරෑපනය කරන්නෙ. 
තීරණයක් ගත්ත වගේ වැඩක් කියල මතක තියා
 ගන්න( දෙකෙන් එකක් තෝර ගන්නව ව්ගේ)

මේක තමයි සම්බන්ධකයක් වගේ join  කිරීම් වලට 
යොදා ගන්නෙ.
 
 
    flow lines කියන්නෙ මේවට තමයි chart එකක එක එක 
    සලකුණු යා වෙන්නෙ මේ    ඊතළ වලින් තමයි.



මම මෙතන දීපුවට අමතරව තව සලකුණු කිහිපයක් තියෙනව.ඒත් මේ සලකුණු 
තමයි ගොඩක් දුරට භාවිතා වෙන්නෙ.  

 දැන් බලමු මේ සලකුණු සම්බන්ධ විශේෂිත කරුණු ටිකක්.

1. නිතරම Process symbol එකකට එන්නෙ එක flow line එකක් විතරයි.
 ඒක තිරස් හෝ සිරස් අතට එන්න පුලුවන්. පහල තියන රෑප සටහන් බලන්න.
(ඊතල හිස් එකයි එන්නෙ)

                             
2.  Decision symbol  එකකට  flow lineහතරක් සම්බන්ධ කරන්න පුලුවන් 
මෙන්න මේ විදියට.
 

අවම වශයෙන් දෙකක් සම්බන්ධ වෙනව.කොහොම උනත් අනිවාර්යයෙන් 
එක flow line එකක් input එකක් විදියට තියෙන්න ඕන. අනිත් තුනෙන් එකක් 
හෝ තුනම උනත් output විදියට තියෙන්න පුලුවන්.  Output  එකක් තිබුනත් ඊට
 වැඩි ගානක් තිබුනත් Decision symbol  එකක් හරහා යනකොට එක පාරකට 
යන්න පුලුවන් එක flow line එකක් හරහා පමණයි. උඩ තියන පින්තුරෙ දිහා 
බැලුවොත් පෙනෙයි < 0  ,  > 0  , =0  කියන condition තුන output විදියට තියෙන 
flow line තුනට අදාලව ලියල තියන බව ඒකෙන් අදහස් වෙන්නෙ ඒ  condition 
තුනෙන් true වෙන එකට අදාල  flow line එක හරහා තමයි යන්නෙ කියන එක. 
මේ ගැන පැහැදිලි අදහසක් ඉස්සරහදි ලැබෙයි.

3.  Start හෝ Stop කියන symbol එකට flow line එන්න හෝ යන්න පුලුවන් එකයි. 
බලන්න පහල තියන රෑප සටහන්.

                                  

4. flow chart එකක් අදිනකොට ඒකට logical order එකක් තියෙන්න ඕන. මේ order 
එක flow chart එක අදින කෙනා අනූව සමහර විට වෙනස් වෙන්න පුලුවන්. හොහොම
උනත් තමන් මේක ගැලපෙන විදියට හදා ගන්න ඕන. අපි මේ ගැන උදාහරණයකින් 
පැහැදිලි කරගමු.

  
 
මේ chart එකේ තියෙන්න හැමෝගෙම ගෙදර තියෙන විදුලි බල්බ ගැන සටහනක්. 
හොදට බලන්න මේ සටහන දිහා අපි ගොඩක් දුරට කියාකරන්නෙ මේ පිළිවෙළට 
නේද ? නැත්තම් බල්බ එක පත්තු නොවෙනකොටම switch එක මාරු කරල බලන්නෙ
 නෑ නෙ එහෙමත් නැත්තම් විදුලි කාර්මිකයෙකුගේ සහය ලබා ගන්න යන්නෙ නෑ නෙ.
 මෙන්න මේකට තමයි අපි logic එකේ පිළිවෙල කියල කියන්නෙ.සමහර කියාවලි වලට
 එකම පිළිවෙළ තියෙන්න පුලුවන් එහෙමත් නැත්තම් flow chat එක අදින කෙනා අනූවත්
 මේක වෙනස් වෙන්න පුලුවන්.

5. flow chart එකක් අදිනකොට ඒක පිරිසිදුව පිළිවෙලට අදින්න ඕන.
6. flow chart එකක් අදින්න ඕන වමේ සිට දකුණට එහෙමත් නැත්තනම් උඩ ඉදල පහලට.
7.  flow chart එකක් ගොඩක් complex වෙනව නම් බෝලෙ වගේ සලකුණ 
ඒ කිව්වෙconnector එක යොදාගන්න ඕන.

 
8.  flow chart එකේ start එකයි end එකයි දාන්න අමතක කරන්න එපා. 



 ඔන්න දැන් flow charts ගැන දැනගන්න ඕන ගොඩක් දේවල් මම කියල දුන්න. මෙතන
 ඉදන් කරන්න තියෙන්නෙ පහල මම දීල තියෙන උදාගරණ හොදට බලන එක තමයි. 

1.


2. 


3.
මේ උදාහරණෙ condition symbol කිහිපයක් භාවිතා කරල තියනව කියල පේනව
නේද? Marks  කියන වේරියබල් එකට යොදාගන්න ලකුණු ප්‍රමාණය 75 වැඩිනම්  
pass කියල ප්‍රින්ට් වෙනව අඩු නම් ඊළග condition එක රන් වෙනව එතනදිත් 
50 වැඩිනම් "credit ” කියල ප්‍රින්ට් වෙනව නැත්තම් ඊළග condition එක රන් 
වෙනව.මෙහෙම දිගටම සිද්ධ වෙනව.

4. 

මෙතනදි දීල තියෙන condition එක false වෙනකම් "Hi flow” කියල ප්‍රින්ට් වෙන එක 
සිදුවෙනව. ඒ කියන්නෙ x ගෙ අගය 10ට සමාන වෙනකම්ම කියා කරනව කියන එක 
x = x+1 කියන ප්‍රොසෙස් එකෙන් තමයි x ගෙ අගය එකින් එක වැඩි කරන්නෙ.
ඒ කෙන් නිතරම x ගෙ තියන අගට එකක් එකතු කරල ආයෙ xට ම ඒ නව අගය එකතු
කිරීම සිද්ධ කරනව.  For loop ඉදිරිපත් කරන්න මේ ක්‍රමය යොදා ගන්නව.

5.
 
මේකත් කලින් එක වගේම තමයි හැබැයි වෙනසකට තියෙන්නෙ condition එක check
 කරන්නෙ අන්තිමට .කොහොම හරි condition එක false වෙනකම් කියාවලිය දිගටම 
සිද්ධවෙනව. Do while loop ඉදිරිපත් කරන්න මේ ක්‍රමය යොදා ගන්නව.

6.


මේ flow chart එකෙන් පැහැදිලි කරන්නෙ case statement එක පිළිබදව. අපි 
ඇතුලත කරන පළතුරේ නමට අදාල  ප්‍රොසෙස් එක සිදුවෙනව. Switch කිරීමක්
 තමයි සිඳ්ධ වෙන්නෙ වරකට එක ප්‍රොසෙස් එකක් විතරයි සිද්ධ වෙන්නෙ. 

7.මේ තියෙන්නෙ customer කෙනෙකුට භාණ්ඩ අලෙවි කිරීමක් පැහැදිලි 
කරන chart එකක්.
 
 8.software development  වලදි යොදා ගන්න flow chart එකක්.
  

9. වාහනයක ටයරයක් මාරු කිරීම දැක්වෙන flow chart එකක් තමයි මෙතන
 දක්වල තියෙන්නෙ.
10.ගෙයක් පේන්ට් කිරීමක් සම්බන්ධ දේවල් තමයි මේකෙන් පෙන්නුම් කරන්නෙ.

11.

12.මේ තියෙන්නෙ Vista Os එක upgrade කරන්න පුලුවන් විදිය 
කියන flow chart එක.

13.

මේකෙ සිදුවන ක්‍රියාවලිය.

1. int type එකෙන් x හා tot කියල වේරියබල් දෙකක් create කරනව.

2. x හා tot වේරියබල් දෙකට 1 හා 0 ආදේශ කරනව.

3.  x ,  දහයට වඩා කුඩාද ? සමානද  check කරනව. කුඩා නම් x 2 ක්
  එකතු කරල ඒකට tot හි අගය එකතු කරනව. දැන් ඒ සම්පූර්ණ අගය  
    tot කියන වේරියබල් එකට ආදේශ කිරීම සිදුකරන්ව. 
  බලන්න ඒක පැහැදිලි කරල තියනව. 
      tot = tot + (x+2)    පළමු පියවරේදි මෙහෙමයි මේකෙ අගයන් තියෙන්නෙ . 
      tot =0 , x= 1  ඒ නිසා  tot = 0 + (1+2)    මුලින්ම 
        tot ගෙ තියෙන 0 අගය 0 + (1+2)  මගින් replace වෙනව. 
 
4.මේ පියවරේදි x ගෙ අගය එකකින් වැඩිවීම සිදු වෙනව.

5.condition එකේදි x ගෙ අගය 10 වඩා වැඩි උනොත් tot වේරියබල් 
එකේ අගය ප්‍රින්ට් වෙනව. condition එක 10 වරක් රන් වෙන නිසා අපි 
ඒ වාර 10 දි ලැබෙන අගයන් table එකකට දාල බලමු.
14. 

1 සිට 5 දක්වා තියෙන තිකෝණ ඉලක්කම් display කරන flow chart එකක් තමයි
 මේ තියෙන්නෙ.කලින් උදාහරණේ  විදියට ඔයාල වගුවක් ඇදල බලන්න.
 එතකොට මේක වෙන්නෙ කොහොමද කියල හොදට තේරේවි
(x, y හා display  කරන x ගෙ අගය වගුව සදහා යොදා ගන්න.) 
 

  

 
 

  
Share:

4 comments:

හරී said...

සිරා...මේ වගේ පාඩම් තව ඕනේ... :)

The Stunny said...

බොහෝම ස්තූතියි

♠♦ මැජික් | Magic ♥♣ said...

හොදට පැහැදිලිව කියල දීල තියෙනවා. ගොඩක් ස්තුතියි මේ වගේ පෝස්ට් එකක් දැම්මට.

networkdisa said...

නියමයි පැහැදිලිව කියල දීල තියෙනව