2012-01-06

ලිනක්ස් වල wireless නැති අයට (wireless drivers for linux)

 

 
ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ලිනක්ස් පදනම් උන os එකක් laptop එකකට දාගත්තහම lap එකේ wireless (wifi) හා Bluetooth Drivers එහෙම භාවිතයට ගන්න නොහැකිවීම.මම කියන්නම් දැන් කොහොමද ඒ ප්‍රශ්නෙ විසදගන්නෙ කියල.මේක ටිකක් විතර සරල  වැඩක් අපි දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල
මුලින්ම terminal එක open කරල මෙහම type කරන්න.
lshw
දැන් password එක ඉල්ලුවොත් ඒක දෙන්න.මෙතනින් ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලගෙ computer එකේ තියන සියලුම hardwares device ටික.(මම මේක කිව්වෙ දැනගැනීම පිණිස)
 ඔයාල දැනගන්න ඕන ඔයාලගෙ කම්පියුටර් එකේ තියෙන ලිනක්ස් කර්නල් එකේ version එක. ඒක දැනගන්න මේ කමාන්ඩ් එක රන් කරවන්න.
uname -r  
 එතකොට මෙන්න මේ වගේ output එකක් පෙන්නාවි.  
2.6.38-13-generic  
 මේ මගේ computer එකේ තියෙන කර්නල් එකේ version එක ඊළගට තියෙන්නෙ මේ කර්නල් version එකට අදාල wireless driver එක download කරගන්න. ඒකට මෙන්න මේ website එකට යන්න.http://linuxwireless.org/en/users/Download/stable/ 
මෙතන තියෙන වගු වලින් තමන්ගෙ කර්නල් එකට ගැලපෙන file එක download කරගන්න 


compat-wireless 2.6.38 stablereleases

------------------------------------------------------------------------------------------------------------------------------------
Kernel release sha1sum size ChangeLog-wireless
compat-wireless-2.6.38.2-2.tar.bz2
 
07d1c99c5f9db3413c8ae8a58b8e9d57db78c576 3.9 MB ChangeLog-2.6.38-wireless
 
compat-wireless-2.6.38.2-2-ns.tar.bz2 c0470b3cbb3d9b31a1d9a98ea82f4fe344c8ea59 3.9 MB ChangeLog-2.6.38-wireless
-------------------------------------------------------------------------------------------------------------------------------------
මමdown කරන්නෙමේක compat-wireless-2.6.38.2-2.tar.bz2  කියන එක ඔයාලත්ගැලපෙන එක තෝරල downකරන්න.අපි දැන්හිතම down කරපුඑක තියෙන්නෙ ඔයාලගෙ කම්පියුටර්එකේ Downloads කියනfolder එකේකියල ටර්මිනල් එකෙන් ඒ ෆොල්ඩර්එක ඇතුලට ගිහින් මෙන්න මේපියවරවල් ටික කරන්න.

1. tar -xfcompat-wireless-2.6.38.2-2.tar.bz2 මේකෙන්වෙන්නෙ download කරපුfile එකextract කරනඑක (මේකඒ file එකඋඩ right click කරලත්ලේසියෙන්ම කරන්න පුලුවන්)
දැන්ඔයාලට ඒ file එකේනමින් folder එකක්දැකගන්න පුලුවන්.

 2. දැන්ටර්මිනල් එකේ ආයෙ cdcompat-wireless-2.6.38.2-2 කියලටයිප් කරහම ඒ folder එකඇතුලට යනව.
3.දැන්make කියලtype කරන්න(මේකවෙන්න ටිකක් වෙලා යනව)
4. sudo make installමගින් තමයිdriver එකinstall වෙන්නෙමේක වෙන්නත් ටික කාලයක් ගතවෙනවpassword එකඉල්ලුවොත් ඒක ලබාදෙන්න.සමගර තැන්වලදී Y | N කියලඅහනව ඒකට y කියලtype කරලenter කරන්න.
සියලුදේහරියට උනා නම් මෙහෙම දකින්නලැබෙයි.
5.දැන්අවසාන වශයෙන් sudomake unload කියලදෙන්න load උනසියලු කර්නල් modulesunload කරන්න.
6.දැනcomputer එකreboot කරන්න.
මෙතනින්ගිහින් wireless profile එකක්ලේසියෙන්ම හදාගන්න පුලුවන්security කියනඑක none දුන්නාමලේසියන්ම අනිත් කම්පියුටර්එක්ක ලේසියෙන්ම shareකරගන්නපුලුවන්.
Share:

2012-01-02

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 09




  1. Shell ගණිත කර්ම

                             අපි දැන් බලමු කොහොමද මේ shell Programming වලදි ගණිත කර්ම වැඩ කරගන්නෙ කියල . +,-,*,/,% වගේ වැඩ වලට එකම වගේ ක්‍රමයක් තමයි තියෙන්නෙ දැන් බලන්නෙකො ඒක.

expr value1 math-operator value2

උදා- expr 5 + 6

operator එක දෙපැත්තෙ මේවගේ space දෙකක් තියෙන්න ඕන නැත්තම් වැරදියි

5 + 6 

අනිත් හැම එකක්ම වගේ ඔහොම තමයි.බලන්නකො උදාහරණ ටික.

           1එකතු කිරීම
                        expr 12 + 3
    1. අඩු කිරීම
        expr 6 – 1
    1. බෙදීම
        expr 10 / 2
    1. ප්‍රතිශත
        expr 20 % 3
මේකෙ උත්තරය 2 එහෙම වෙන්නෙ විස්ස 3න් බෙදුවහම 18 ඉතුරු 2.
    1. වැඩි කිරීම
        මෙතනදි නම් පෙඩි වෙනසක් තියෙනව අපි සාමාන්‍යයෙන් වැඩි කරනකොට භාවිතා කරන්නෙ * ලකුණනෙ ඒත් shell Programming වලදි වැඩි කිරීම් සදහා භාවිතා කරන්නෙ \* කියන ලකුණ .
expr 2 \* 4

echo එකත් එක්ක බලමු දැන්.

මෙන්න මෙහෙම ලිව්වහම මොකක් වෙයි ද ?
echo “expr 6 + 2”
echo 'expr 6 + 2'
කරල බලන්න වැඩ කරන්නෙ නම් නෑ. ඒත් මෙහෙම කරොත් නම් හරි
echo `expr 6 + 2 `
මොකද්ද වෙනස සමහර විට එක පාරටම පේන එකක් නෑ expr 6 + 2 දෙපැත්තෙ තියෙන්නෙ Single quotes (' ') නෙවෙයි. Back quote (` ` ) කියන ජාතිය.(ඒව තියෙන්නෙ keybord එකේ escape key එකට පහලින් tab key එකට උඩින් ~ තියෙන key එකේ

  1. Quotes පිළිබඳ

      quotes ඒ කියන්නෙ මෙන්න මේව " , ' , ` ගැන තමයි දැන අපි කතා කරන්න හදන්නෙ.

    1. Double Quotes (“ ” ) -  “My name is kamal”
                        double quotes ඇතුලෙ ලියන ඒව ගැන කිව්වොත් කම්පුටරේ ඒව තේරුම් ගන්නෙ අර්ථයක් නැති දෙයක් විදියට.ඒවයින් ප්‍රෝග්‍රෑම් එකට කිසිම බලපෑමක් වෙන්නෙ නෑ.

      1. Single quotes(' ') - 'My name is kamal
               මේකත් කලින් එක වගේ තමයි.
      1. Back quote (` `) -   “Date is `date` ”
                මේව ඇතුලෙ ලියන්නෙ execute වෙන commands
 උදාහරණ
echo “i have a computer”
echo 'my name is mad'
echo “this months calendar `cal` ”

18.The read Statement

අපි කම්පියුටර් එකේ කීබෝඩ් එකෙන් ඇතුලත් කරන දත්තයක් වේරියබල් එකකට save කර ගන්න විදිය තමයි දැන් බලන්නෙ. ඔයාලත් එහෙම අවස්ථා දැකල ඇති terminal එක use කරනකොට user name , password ඇතුලු කරන්න තියෙන අවස්තාවත් මෙහෙම එකක්.
මුලුන්ම මේ පොඩි වැඩේ කරල බලන්න.ටර්මිනල් එකේ මෙහෙම ටයිප් කරල enter key එක ඔබන්න.
read myinput


ඔයාලට පේනව නේද කර්සර් එක බිලින්ක් වෙවී තියෙනව කියල ඊලඟට මොකක් හරි වචනයක් type කරල එන්ටර් කරහම සුපුරුදු විදියට කර්සර් එක එනව. දැන් echo command එක use කරල myinput කියන UDV එක ප්‍රින්ට් කරල බලන්න එතකොට ඔයාට දකින්න ලැබෙයි ඔයා ඉන්පුට් කරපු අගය තමයි ආයෙ ප්‍රින්ට් වෙලා තියෙන්නෙ කියල.
Read කියන එකෙන් තමයි මේ ඉන්පුට් කරන values අල්ලගන්නෙ අපි දැන් මේ සම්බන්ධයෙන් පොඩි උදාහරණයක් බලමු.
ඔයාලත් මේ shell script එක ලියල රන් කරල බලන්න.
####################################################


$ gedit my
#
# Hi this is my input test Programm
#
clear
echo "Please Enter Your Name"
read myinput
echo " your input is :-$myinput"


###################################################
2.
####################################################


$ gedit my
#
# Hi this is my Simple calculator
#
clear
echo "Please Enter Your First Value"
read myinput1


echo "Please Enter Your second Value"
read myinput2


echo "your Total Value is ` expr $myinput1 + $myinput2 `"


###################################################
මතකනෙ මේව රන් කරන්න කලින් chmod වලින් මොඩ් කරල ඉන්න ඔන හරිද ?

Share: