2011-07-26

උබුන්ටු වල කුණු බක්කියට Files යවන්න බැරිද ? Can't move files to Trash in ubuntu (bug solved)


ඔයාගෙ Computer එකෙත් තියන NTFS Partitions වල තියෙන files & folders Delete කරහම Trash එකට යන්න නැතුව කෙලින්ම Permanent delete කරන්න අහනවද? මෙන්න එහෙනම් ඒකට විසදුම. මුලින්ම ගන්න Terminal එක. ගහන්න su කියල. දෙන්න Admin Password එක. දැන් Type කරන්න ntfs-config කියල එතකොට මේක.
එනව පහල තියන ඊතල කෑල්ල ඔබල තියන Partitions ටික බලා ගන්න. 
දැන් ඕක පැත්තකින් තියල තව Terminal එකක් Open කර ගන්න ඒකෙ ගහන්න

sudo gedit /etc/fstab
දැන් පහල තියන විදියෙ Window එකක් Openවෙනව.

  දැන් ඔතන තියනව ඔයාලගෙ partitions ටික ඒ ටිකෙන් තෝර ගන්න මොනවද ඔයාලගෙ NTFS partitions ටික (තව තියනව ext4 ,swap වගේ එවත් ) දැන් පහල තියන පින්තුරෙ විදියට "uid=1000" කියන එක හැම Partition එකකම දාන්න. (Line එකට)
 
දැන් file එක Save කරල Close කරන්න.
දැන් ඔයාගෙ හැම NTFS partition එකකම .Trash-1000 කියල Folder එකක් හදන්න.හදනකොට හදන්න බෑ කලින් හදල තියෙන්නෙ කියල කිව්වොත් කමක් නෑ.එතකොට හරි.
ආයෙත් Terminal එක Open කරල පහල තියෙන Command එක ගහල එන්ටර් ගහන්න. sdaකියන එකට දෙන්න ඔයගෙ ඔයාගෙ ඒ ඒ Partition එකට අදාලsda name එක. ඒක බලාගන්න මේකෙන්.
ex :- sda1 ,sda5 ,sda6.....
 
sudo umount /dev/sda && sudo mount -a
දැන් වැඩේ හරි file එකක් හදල Delete කරල බලන්න කුණු බක්කියට යනවද කියල.
Share:

2011-07-24

උබුන්ටු සඳහා සිංහල ශබ්දකෝෂයක් (Sinhala English Dictionary for Ubuntu)

මම අද කියන්න යන්නෙ කොහොමද උබුන්ටු වලට සිංහල-English Dictionary   එකක් ඉන්ස්ටෝල් කරන්නෙ කොහෙමද කියල.මේකෙ Dictionary එකේ තියන පහසුම දේ තමයි අපි කොහේ ඉදන් මොන Text එකක් select කරත් එකේ සිංහල  තේරුම පෙන්වල දෙන එක ඒ වගේම තමයි සිංහල වචනයක් select කරත් ඒකෙ English තේරුම පෙන්වල දෙනව.

මුලින්ම ඔයගෙ Computer ඒක terminal එක open කරගන්න දැන් StarDict කියන Dictionary  එක install කරගන්න ඔන. මුලින්ම බලන්න ඔයාගෙ Computer එකේ ඒක කලින්ම install එක කරලද තියෙන්නෙ කියල. Start-Accessories වල තමයි තිබුනොත් තියෙන්නෙ නැත්තම් install කරගන්න terminal එකේ මේ Command එක type කරන්න.
apt-get install stardict
 
මතක ඇතුව ඇඩ්මින් එකෙන් ලොග් වෙන්න.(අඩ්මින් ලොග් වෙන කමාන්ඩ් එක තමයි  su)

Dictionary  එක install  උනහම මෙන්න මේ ගොනුව Download කර ගන්න.
Link :- Download hear(mediafire)

දැන් ඔයා Download කරගත්තු file එක තියන තැනට Terminal එකෙන් යන්න.උදාහරණයක් විදියට අපි හිතමු එක තියෙන්නෙ Download කියන folder  එකේ කියල එතකොට මුලින්ම terninal එකේ මෙහෙම type කරන්න.

su      - Administrator  privileges ලබා ගන්න. දැන් password එක ඉල්ලනව ඒක දෙන්න.
cd /    -root folder එකට යන්න.
cd home/*------මෙතනත දෙන්න ඔයගෙ download කියන folder එක තියන home foldereka nama (user name)එකේ නම------*/

cd Downloads -Downloads folder එක ඇතුලට යෑමට.

දැන් මේ command එක Run කරවන්න.
tar -xzvf sinhala-stardict-Dic .tar.gz -C /usr/share/stardict/dic

පොඩ්ඩක් වෙලා ගියහම ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනව.
දැන් වැඩේ හරි. Start-Accessories වලට ගිහින් StarDict කියන එක open කරල බලන්න.
Dictionary එක ඔපන් කරල කොහේ මොන වචනෙ Select  කරත් තේරුම පෙන්නනව.
Share: