2011-06-04

Face book Chat window එක නැති කිරීම

Face Book ගැන හැම කෙනෙක්ම දන්නවනෙ එකෙ තියන Chat Window එකත් අනිවාර්යෙන්ම දන්නවනෙ.

  මම ඔයලට කියන්නම් කොහොමද  ඒක අයින් කරන්නෙ කියල.සමහර අවස්ථා තියනව computer වල chat disable කරන්න.

මේක කරන්න firefox browser එක ඔන තවත් පොඩි add-ons එකකුත් ඔන මුලින්ම add-ons එක install කර ගන්න browser ඒකේ tools-addons යන්න ගිහින් adblock plus කියන addons එක browser එකට install කර ගන්න දැන් firefox restart කරල අයෙත් tool-addons-Extensions කියන එකට ගියහම AdBlock Plus කියල එකක් තියනව.






ඒකෙ Preferences button එක click කරන්න එතකොට එන window එකේ තියනව add filter කියල buttou එකක් ඒක click කරල කියන new filter  එකට මෙක ඇතුල් කරල කරන්න.

facebook.com#div(id*=presence)

දැන් Face book ගිහින් බැලුවොත් chat window එකක් නෑ කියල පෙනයි. 
Share:

උබුන්ටු වල Root ගෙන් log වෙමු (admin)

මම දැන් කියන්න යන්නෙ කොහොමද උබුන්ටු වල root account (Administer) එකට යන්නෙ කියල අපි උබුන්ටු install කරහම අපට කෙලින්ම ලොග් වෙන්න දෙන්නෙ Administer එක නෙවෙයි.ඒත් අපට ලොකු වැඩක් දාන්න ඔන උනහම Administer ගෙන් ලොග් වෙන්න වෙනව මම කියන්නම් කොහොමද ඒක කරන්නෙ කියල හරිම ලේසියි වඩේ ලේසි උනා කියල නිතරම එකෙන් ලොග් වෙලා වැඩ දාන්න යන්න එපා අවුලක් උනොත් ඉවරම තමයි.

මුලින්ම Terminal එක open කර ගන්න.කරගෙන  sudo passwd root කියල type කරන්න එතකොට තමන් දැන් ලොග් වෙලා ඉන්න account එකේ password එක ඉල්ලනවා එක දෙන්න.දැන් ඉල්ලනව අලුත් root password එක ඒක type කරල enter press  කරහම conform කර ගන්න ආයෙමත් ඒ password එක ඉල්ලනව එක දෙන්න දැන් වැඩේ හරි.

දැන් ලොග් out වෙලා  other kiyana තැනට root කියල දීල password එකත් දෙන්න දැන් ඔයා ඉන්නෙ root ගෙ. හැබැයි පරිස්සමින් use කරන්න.
Share:

උබුන්ටු සඳහා Mobile partner

උබුන්ටු කරන අය දන්නවනෙ උබුන්ටුයි Internet එකයි කියන්නෙ එකත අඹරපු  ලණු දෙකක් වගේ කියල ඒ තරමටම ඒ දෙක සමීපයි.ගොඩක් Devices plug කර ගමන් උබුන්ටු ඒව හඳින ගන්නව ඒ නිසා අවුලක් නැ . ඒ උනත් ගැටලුව ඒක නෙවෙයි Dialog prepaid වගෙ use කරන අය කොහොමද Packages active කර ගන්න sms  එකක් එහෙම යවන්නෙ කියල. වින්ඩොස් වලදි නම් Mobile Partner ගෙන්  කරන්න තිබුන. මේකෙ එහෙම කරන්න බෑනෙ. බය වෙන්න එපා එහෙම ඔන නැහැ දැන් තියනව ලිනක්ස් වලටත් mobile partner. තවත් තිබුන අවුලක් තමයි පරණ උබුන්ටු versions වල network එක 3g  ද 2g ද කියල select කරන්න බැරි එක උබුන්ටු 11.04 ගෙ නම් එක කරන්න පුලුවන්.


මම දෙන්නම් versions 2ක් දෙකම වැඩ ඒත් safaricom BroadBand එක තමයි මම use කලේ  safaricom BroadBand වලට වැඩ කරන්නෙ නැති ඩොන්ග්ල් වලට අනිත් version එක දාල බලන්න. safaricom BroadBand එක install කරන්නෙ මෙහෙමයි.
1.මුලින්ම මෙතනින් Download කර ගන්න.
2.වැඩේ ලේසි වෙන්න Desktop එකට Copy කර ගන්න.
3.දැන් start-Accessories ගිහින් Terminal එක open කරගන්න
4.su කියල කරන්න එතකොට passwd එක ඉල්ලනව එක දෙන්න(Administer password).
4.දැන් cd Desktop කියල type කරල Desktop එකට යන්න.
5. ls කියල Type කරහම එකේ තියන ඔක්කොම පෙන්නනව.
6.දැන tar -xvf MobilePartner.tar.gz  කියල Type කරන්න එතකොට Package එක Extreact වෙනව desktop එකේ අලුත් folder එකක් හැදෙනව MobilePartner කියල
7.දන් අයේ terminal එකේ cd MobilePartner කියල type කරන්න එතකොට Mobile Partner folder එක ඇතුලට යනව .
8.දැන් bash install කියල type කරන්න් දැන් install වෙන්න පටන් ගන්නව එන ඒව ඔක්කොටම yes කරන්න් වැඩේ ඉවර උනහම coputer eka එක restart කරන්න.

මෙතෙක් වෙලා ගහපු command ටික මම දාන්නම්.

chathun@chathun-HP-ProBook-4520s:~$ su
Password:
root@chathun-HP-ProBook-4520s:/home/chathun# cd Desktop/
root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop# ls
audacious2.desktop      Macromedia Dreamweaver 8.desktop  MobilePartner.tar.gz
firefox.desktop         MADHURA Dictionary.desktop        netbeans-7.0.desktop
gnome-terminal.desktop  MobilePartner.desktop             web.zip
root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop# tar -xvf MobilePartner.tar.gz
MobilePartner/
MobilePartner/SysConfig.dat
MobilePartner/MobilePartner.tar.gz
MobilePartner/install
MobilePartner/DataCard_Verify
MobilePartner/data.bin
root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop# cd MobilePartner
root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop/MobilePartner# ls
data.bin  DataCard_Verify  install  MobilePartner.tar.gz  SysConfig.dat
root@chathun-HP-ProBook-4520s:/home/chathun/Desktop/MobilePartner# bash install


දැන් අනිත් version එක. කලින් වගේ තමයි හැබැයි ටිකක් ලේසියි.

1.මුලින්ම මෙතනින් Download කර ගන්න.
http://www.mediafire.com/?0xsz2dzyvp3gzbp
2.වැඩේ ලේසි වෙන්න Desktop එකට Copy කර ගන්න.
3.දැන් start-Accessories ගිහින් Terminal එක open කරගන්න
4.su කියල type කරන්න එතකොට passwd එක ඉල්ලනව එක දෙන්න(Administer password).
4.දැන් cd Desktop කියල type කරල Desktop එකට යන්න.
5.දැන් bash install  කියල type කරන්න.
6.දැන් install වෙන්න පටන් ගන්නව එන ඒව ඔක්කොටම yes කරන්න වැඩේ ඉවර උනහම coputer eka එක restart කරන්න.
Start -internet ගිහින් බැලුවහම තියනව.












Share:

Start

මම බ්ලොග් ලියන්න තවම අලුත් මේක තමයි මගේ පළමු බ්ලොග් අඩවිය දැනුම බෙදා ගන්න ලැබෙන එක තමයි බ්ලොග් වල මම දැකපු හොඳම දේ මහ මෙරක් තරම් දේවල් දන්නෙ නැති උනත් මම දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න මම කැමතියි. මේ බ්ලොග් එකෙන් මම උත්සාහ කරන්න්නෙ ඒ දේ කරන්න. මම ඔයාලගෙ සහයෝගය බලාපොරත්තු වෙනව.
Share: