2012-02-02

flow charts පාඩම

 
මම කියල දෙන්න හදන්නෙ flow chart  ගැන... ම්ම්ම්ම්ම් මුලින්ම බලමු මොනවද මේ
 flow chart කියන්නෙ කියල. සරලම අර්ත දැක්වීම විදියට කියනව නම් flow chart එකක් 
කියල කියන්නෙ diagram(රෑප සටහනකට) එකකට හරියට චිත්‍රයක් වගේ එකක්. 
අපට මේ චිත්‍ර(flow charts) වලින් අදහස් තේරුම් ගන්න පුලුවන් ඒ වගේම අදහස් ඉදිරිපත්
 කරන්න පුලුවන්. 

අපි බලමු මොනවගේ අදහස් ද මේවයින් ඉදිරිපත් කරන්න පුලුවන් කියල.

1. algorithm 
2. process
                          
මම කලින් කියපු දේවල් තේරුනා කියල මම හිතනව. ඉතින් flow chart එකකින් අපට 
පුලුවන් process එකක් හරි algorithm එකක් හරි Graphical ඉදිරිපත් කරන්න.
මේව අදින එක හරිම ලේසියි. අපි දැන් පියවරෙන් පියවර බලමු කොහොමද මේව
 අදින්නෙ කියල.


අපි මුලින්ම බලල ඉමු සරල උදාහරණ දෙකක් 

1.


මේ තියෙන්නෙ සරල flow chart එකක්. මේකෙ මුලින්ම කරල තියෙන්නෙ x හා y 
කියල memory locations (Variables ) දෙකකට 10 හා 20 දාගෙන තියෙනව
 ඊළගට ඒ දෙකේ එකතුව Tot කියල තවත් variable එකකට යොදල ඒ Tot කියන
 Variable එකේ අගය Display කිරීම සිදු කරල තියෙනව.  
2.

 
මෙතන තියෙන සටහන මගින් පෙන්නන්නෙ වැඩ කරන්නෙ නැති lamp එකක් 
පිළිබද කතාවක්.මේ සටහන අනූව අපට තීරණයකට 
එන්න පුලුවන් lamp එක නිසි ආකාරව ක්‍රියා කරන්නෙ නැත්තෙ ඇයි කියල.

මුලිනම අපි දැනගන්න ඕන flow charts වල තියෙන සලකුණු ටිකක් flow charts 
කියන්නෙ භාෂාවක් කියල හිතුවොත් ඒ භාෂාවෙ තියන අකුරු වගේ තමයි මේව 
ඒ නිසා මේව මතක තියෙන්න ඕන හොදට. 

 
මේ සලකුණෙන් තමයි program එකක
 අවසානය හෝ ආරම්භය නිරෑපනය කරන්නෙ.

process එකක් එහෙමත් නැත්තම් කියාවලියක් දක්වන්නෙ 
මේ මගින් 
input  හෝ output එකක් පෙන්නනෙ මේ මගින්  


මේකෙන් තමයි Decision එකක් නිරෑපනය කරන්නෙ. 
තීරණයක් ගත්ත වගේ වැඩක් කියල මතක තියා
 ගන්න( දෙකෙන් එකක් තෝර ගන්නව ව්ගේ)

මේක තමයි සම්බන්ධකයක් වගේ join  කිරීම් වලට 
යොදා ගන්නෙ.
 
 
    flow lines කියන්නෙ මේවට තමයි chart එකක එක එක 
    සලකුණු යා වෙන්නෙ මේ    ඊතළ වලින් තමයි.



මම මෙතන දීපුවට අමතරව තව සලකුණු කිහිපයක් තියෙනව.ඒත් මේ සලකුණු 
තමයි ගොඩක් දුරට භාවිතා වෙන්නෙ.  

 දැන් බලමු මේ සලකුණු සම්බන්ධ විශේෂිත කරුණු ටිකක්.

1. නිතරම Process symbol එකකට එන්නෙ එක flow line එකක් විතරයි.
 ඒක තිරස් හෝ සිරස් අතට එන්න පුලුවන්. පහල තියන රෑප සටහන් බලන්න.
(ඊතල හිස් එකයි එන්නෙ)

                             
2.  Decision symbol  එකකට  flow lineහතරක් සම්බන්ධ කරන්න පුලුවන් 
මෙන්න මේ විදියට.
 

අවම වශයෙන් දෙකක් සම්බන්ධ වෙනව.කොහොම උනත් අනිවාර්යයෙන් 
එක flow line එකක් input එකක් විදියට තියෙන්න ඕන. අනිත් තුනෙන් එකක් 
හෝ තුනම උනත් output විදියට තියෙන්න පුලුවන්.  Output  එකක් තිබුනත් ඊට
 වැඩි ගානක් තිබුනත් Decision symbol  එකක් හරහා යනකොට එක පාරකට 
යන්න පුලුවන් එක flow line එකක් හරහා පමණයි. උඩ තියන පින්තුරෙ දිහා 
බැලුවොත් පෙනෙයි < 0  ,  > 0  , =0  කියන condition තුන output විදියට තියෙන 
flow line තුනට අදාලව ලියල තියන බව ඒකෙන් අදහස් වෙන්නෙ ඒ  condition 
තුනෙන් true වෙන එකට අදාල  flow line එක හරහා තමයි යන්නෙ කියන එක. 
මේ ගැන පැහැදිලි අදහසක් ඉස්සරහදි ලැබෙයි.

3.  Start හෝ Stop කියන symbol එකට flow line එන්න හෝ යන්න පුලුවන් එකයි. 
බලන්න පහල තියන රෑප සටහන්.

                                  

4. flow chart එකක් අදිනකොට ඒකට logical order එකක් තියෙන්න ඕන. මේ order 
එක flow chart එක අදින කෙනා අනූව සමහර විට වෙනස් වෙන්න පුලුවන්. හොහොම
උනත් තමන් මේක ගැලපෙන විදියට හදා ගන්න ඕන. අපි මේ ගැන උදාහරණයකින් 
පැහැදිලි කරගමු.

  
 
මේ chart එකේ තියෙන්න හැමෝගෙම ගෙදර තියෙන විදුලි බල්බ ගැන සටහනක්. 
හොදට බලන්න මේ සටහන දිහා අපි ගොඩක් දුරට කියාකරන්නෙ මේ පිළිවෙළට 
නේද ? නැත්තම් බල්බ එක පත්තු නොවෙනකොටම switch එක මාරු කරල බලන්නෙ
 නෑ නෙ එහෙමත් නැත්තම් විදුලි කාර්මිකයෙකුගේ සහය ලබා ගන්න යන්නෙ නෑ නෙ.
 මෙන්න මේකට තමයි අපි logic එකේ පිළිවෙල කියල කියන්නෙ.සමහර කියාවලි වලට
 එකම පිළිවෙළ තියෙන්න පුලුවන් එහෙමත් නැත්තම් flow chat එක අදින කෙනා අනූවත්
 මේක වෙනස් වෙන්න පුලුවන්.

5. flow chart එකක් අදිනකොට ඒක පිරිසිදුව පිළිවෙලට අදින්න ඕන.
6. flow chart එකක් අදින්න ඕන වමේ සිට දකුණට එහෙමත් නැත්තනම් උඩ ඉදල පහලට.
7.  flow chart එකක් ගොඩක් complex වෙනව නම් බෝලෙ වගේ සලකුණ 
ඒ කිව්වෙconnector එක යොදාගන්න ඕන.

 
8.  flow chart එකේ start එකයි end එකයි දාන්න අමතක කරන්න එපා. 



 ඔන්න දැන් flow charts ගැන දැනගන්න ඕන ගොඩක් දේවල් මම කියල දුන්න. මෙතන
 ඉදන් කරන්න තියෙන්නෙ පහල මම දීල තියෙන උදාගරණ හොදට බලන එක තමයි. 

1.


2. 


3.
මේ උදාහරණෙ condition symbol කිහිපයක් භාවිතා කරල තියනව කියල පේනව
නේද? Marks  කියන වේරියබල් එකට යොදාගන්න ලකුණු ප්‍රමාණය 75 වැඩිනම්  
pass කියල ප්‍රින්ට් වෙනව අඩු නම් ඊළග condition එක රන් වෙනව එතනදිත් 
50 වැඩිනම් "credit ” කියල ප්‍රින්ට් වෙනව නැත්තම් ඊළග condition එක රන් 
වෙනව.මෙහෙම දිගටම සිද්ධ වෙනව.

4. 

මෙතනදි දීල තියෙන condition එක false වෙනකම් "Hi flow” කියල ප්‍රින්ට් වෙන එක 
සිදුවෙනව. ඒ කියන්නෙ x ගෙ අගය 10ට සමාන වෙනකම්ම කියා කරනව කියන එක 
x = x+1 කියන ප්‍රොසෙස් එකෙන් තමයි x ගෙ අගය එකින් එක වැඩි කරන්නෙ.
ඒ කෙන් නිතරම x ගෙ තියන අගට එකක් එකතු කරල ආයෙ xට ම ඒ නව අගය එකතු
කිරීම සිද්ධ කරනව.  For loop ඉදිරිපත් කරන්න මේ ක්‍රමය යොදා ගන්නව.

5.
 
මේකත් කලින් එක වගේම තමයි හැබැයි වෙනසකට තියෙන්නෙ condition එක check
 කරන්නෙ අන්තිමට .කොහොම හරි condition එක false වෙනකම් කියාවලිය දිගටම 
සිද්ධවෙනව. Do while loop ඉදිරිපත් කරන්න මේ ක්‍රමය යොදා ගන්නව.

6.


මේ flow chart එකෙන් පැහැදිලි කරන්නෙ case statement එක පිළිබදව. අපි 
ඇතුලත කරන පළතුරේ නමට අදාල  ප්‍රොසෙස් එක සිදුවෙනව. Switch කිරීමක්
 තමයි සිඳ්ධ වෙන්නෙ වරකට එක ප්‍රොසෙස් එකක් විතරයි සිද්ධ වෙන්නෙ. 

7.මේ තියෙන්නෙ customer කෙනෙකුට භාණ්ඩ අලෙවි කිරීමක් පැහැදිලි 
කරන chart එකක්.
 
 8.software development  වලදි යොදා ගන්න flow chart එකක්.
  

9. වාහනයක ටයරයක් මාරු කිරීම දැක්වෙන flow chart එකක් තමයි මෙතන
 දක්වල තියෙන්නෙ.
10.ගෙයක් පේන්ට් කිරීමක් සම්බන්ධ දේවල් තමයි මේකෙන් පෙන්නුම් කරන්නෙ.

11.

12.මේ තියෙන්නෙ Vista Os එක upgrade කරන්න පුලුවන් විදිය 
කියන flow chart එක.

13.

මේකෙ සිදුවන ක්‍රියාවලිය.

1. int type එකෙන් x හා tot කියල වේරියබල් දෙකක් create කරනව.

2. x හා tot වේරියබල් දෙකට 1 හා 0 ආදේශ කරනව.

3.  x ,  දහයට වඩා කුඩාද ? සමානද  check කරනව. කුඩා නම් x ට 2 ක්
  එකතු කරල ඒකට tot හි අගය එකතු කරනව. දැන් ඒ සම්පූර්ණ අගය  
    tot කියන වේරියබල් එකට ආදේශ කිරීම සිදුකරන්ව. 
  බලන්න ඒක පැහැදිලි කරල තියනව. 
      tot = tot + (x+2)    පළමු පියවරේදි මෙහෙමයි මේකෙ අගයන් තියෙන්නෙ . 
      tot =0 , x= 1  ඒ නිසා  tot = 0 + (1+2)    මුලින්ම 
        tot ගෙ තියෙන 0 අගය 0 + (1+2)  මගින් replace වෙනව. 
 
4.මේ පියවරේදි x ගෙ අගය එකකින් වැඩිවීම සිදු වෙනව.

5.condition එකේදි x ගෙ අගය 10 වඩා වැඩි උනොත් tot වේරියබල් 
එකේ අගය ප්‍රින්ට් වෙනව. condition එක 10 වරක් රන් වෙන නිසා අපි 
ඒ වාර 10 දි ලැබෙන අගයන් table එකකට දාල බලමු.
14. 

1 සිට 5 දක්වා තියෙන තිකෝණ ඉලක්කම් display කරන flow chart එකක් තමයි
 මේ තියෙන්නෙ.කලින් උදාහරණේ  විදියට ඔයාල වගුවක් ඇදල බලන්න.
 එතකොට මේක වෙන්නෙ කොහොමද කියල හොදට තේරේවි
(x, y හා display  කරන x ගෙ අගය වගුව සදහා යොදා ගන්න.) 
 

  

 
 

  
Share:

2012-01-06

ලිනක්ස් වල wireless නැති අයට (wireless drivers for linux)

 

 
ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ලිනක්ස් පදනම් උන os එකක් laptop එකකට දාගත්තහම lap එකේ wireless (wifi) හා Bluetooth Drivers එහෙම භාවිතයට ගන්න නොහැකිවීම.මම කියන්නම් දැන් කොහොමද ඒ ප්‍රශ්නෙ විසදගන්නෙ කියල.මේක ටිකක් විතර සරල  වැඩක් අපි දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල
මුලින්ම terminal එක open කරල මෙහම type කරන්න.
lshw
දැන් password එක ඉල්ලුවොත් ඒක දෙන්න.මෙතනින් ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලගෙ computer එකේ තියන සියලුම hardwares device ටික.(මම මේක කිව්වෙ දැනගැනීම පිණිස)
 ඔයාල දැනගන්න ඕන ඔයාලගෙ කම්පියුටර් එකේ තියෙන ලිනක්ස් කර්නල් එකේ version එක. ඒක දැනගන්න මේ කමාන්ඩ් එක රන් කරවන්න.
uname -r  
 එතකොට මෙන්න මේ වගේ output එකක් පෙන්නාවි.  
2.6.38-13-generic  
 මේ මගේ computer එකේ තියෙන කර්නල් එකේ version එක ඊළගට තියෙන්නෙ මේ කර්නල් version එකට අදාල wireless driver එක download කරගන්න. ඒකට මෙන්න මේ website එකට යන්න.http://linuxwireless.org/en/users/Download/stable/ 
මෙතන තියෙන වගු වලින් තමන්ගෙ කර්නල් එකට ගැලපෙන file එක download කරගන්න 


compat-wireless 2.6.38 stablereleases

------------------------------------------------------------------------------------------------------------------------------------
Kernel release sha1sum size ChangeLog-wireless
compat-wireless-2.6.38.2-2.tar.bz2
 
07d1c99c5f9db3413c8ae8a58b8e9d57db78c576 3.9 MB ChangeLog-2.6.38-wireless
 
compat-wireless-2.6.38.2-2-ns.tar.bz2 c0470b3cbb3d9b31a1d9a98ea82f4fe344c8ea59 3.9 MB ChangeLog-2.6.38-wireless
-------------------------------------------------------------------------------------------------------------------------------------
මමdown කරන්නෙමේක compat-wireless-2.6.38.2-2.tar.bz2  කියන එක ඔයාලත්ගැලපෙන එක තෝරල downකරන්න.අපි දැන්හිතම down කරපුඑක තියෙන්නෙ ඔයාලගෙ කම්පියුටර්එකේ Downloads කියනfolder එකේකියල ටර්මිනල් එකෙන් ඒ ෆොල්ඩර්එක ඇතුලට ගිහින් මෙන්න මේපියවරවල් ටික කරන්න.

1. tar -xfcompat-wireless-2.6.38.2-2.tar.bz2 මේකෙන්වෙන්නෙ download කරපුfile එකextract කරනඑක (මේකඒ file එකඋඩ right click කරලත්ලේසියෙන්ම කරන්න පුලුවන්)
දැන්ඔයාලට ඒ file එකේනමින් folder එකක්දැකගන්න පුලුවන්.

 2. දැන්ටර්මිනල් එකේ ආයෙ cdcompat-wireless-2.6.38.2-2 කියලටයිප් කරහම ඒ folder එකඇතුලට යනව.
3.දැන්make කියලtype කරන්න(මේකවෙන්න ටිකක් වෙලා යනව)
4. sudo make installමගින් තමයිdriver එකinstall වෙන්නෙමේක වෙන්නත් ටික කාලයක් ගතවෙනවpassword එකඉල්ලුවොත් ඒක ලබාදෙන්න.සමගර තැන්වලදී Y | N කියලඅහනව ඒකට y කියලtype කරලenter කරන්න.
සියලුදේහරියට උනා නම් මෙහෙම දකින්නලැබෙයි.
5.දැන්අවසාන වශයෙන් sudomake unload කියලදෙන්න load උනසියලු කර්නල් modulesunload කරන්න.
6.දැනcomputer එකreboot කරන්න.
මෙතනින්ගිහින් wireless profile එකක්ලේසියෙන්ම හදාගන්න පුලුවන්security කියනඑක none දුන්නාමලේසියන්ම අනිත් කම්පියුටර්එක්ක ලේසියෙන්ම shareකරගන්නපුලුවන්.
Share:

2012-01-02

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 09




  1. Shell ගණිත කර්ම

                             අපි දැන් බලමු කොහොමද මේ shell Programming වලදි ගණිත කර්ම වැඩ කරගන්නෙ කියල . +,-,*,/,% වගේ වැඩ වලට එකම වගේ ක්‍රමයක් තමයි තියෙන්නෙ දැන් බලන්නෙකො ඒක.

expr value1 math-operator value2

උදා- expr 5 + 6

operator එක දෙපැත්තෙ මේවගේ space දෙකක් තියෙන්න ඕන නැත්තම් වැරදියි. 

5 + 6 

අනිත් හැම එකක්ම වගේ ඔහොම තමයි.බලන්නකො උදාහරණ ටික.

           1එකතු කිරීම
                        expr 12 + 3
    1. අඩු කිරීම
        expr 6 – 1
    1. බෙදීම
        expr 10 / 2
    1. ප්‍රතිශත
        expr 20 % 3
මේකෙ උත්තරය 2 එහෙම වෙන්නෙ විස්ස 3න් බෙදුවහම 18 ඉතුරු 2.
    1. වැඩි කිරීම
        මෙතනදි නම් පෙඩි වෙනසක් තියෙනව අපි සාමාන්‍යයෙන් වැඩි කරනකොට භාවිතා කරන්නෙ * ලකුණනෙ ඒත් shell Programming වලදි වැඩි කිරීම් සදහා භාවිතා කරන්නෙ \* කියන ලකුණ .
expr 2 \* 4

echo එකත් එක්ක බලමු දැන්.

මෙන්න මෙහෙම ලිව්වහම මොකක් වෙයි ද ?
echo “expr 6 + 2”
echo 'expr 6 + 2'
කරල බලන්න වැඩ කරන්නෙ නම් නෑ. ඒත් මෙහෙම කරොත් නම් හරි
echo `expr 6 + 2 `
මොකද්ද වෙනස සමහර විට එක පාරටම පේන එකක් නෑ expr 6 + 2 දෙපැත්තෙ තියෙන්නෙ Single quotes (' ') නෙවෙයි. Back quote (` ` ) කියන ජාතිය.(ඒව තියෙන්නෙ keybord එකේ escape key එකට පහලින් tab key එකට උඩින් ~ තියෙන key එකේ) 

  1. Quotes පිළිබඳ

      quotes ඒ කියන්නෙ මෙන්න මේව " , ' , ` ගැන තමයි දැන අපි කතා කරන්න හදන්නෙ.

    1. Double Quotes (“ ” ) -  “My name is kamal”
                        double quotes ඇතුලෙ ලියන ඒව ගැන කිව්වොත් කම්පුටරේ ඒව තේරුම් ගන්නෙ අර්ථයක් නැති දෙයක් විදියට.ඒවයින් ප්‍රෝග්‍රෑම් එකට කිසිම බලපෑමක් වෙන්නෙ නෑ.

      1. Single quotes(' ') - 'My name is kamal
               මේකත් කලින් එක වගේ තමයි.
      1. Back quote (` `) -   “Date is `date` ”
                මේව ඇතුලෙ ලියන්නෙ execute වෙන commands
 උදාහරණ
echo “i have a computer”
echo 'my name is mad'
echo “this months calendar `cal` ”

18.The read Statement

අපි කම්පියුටර් එකේ කීබෝඩ් එකෙන් ඇතුලත් කරන දත්තයක් වේරියබල් එකකට save කර ගන්න විදිය තමයි දැන් බලන්නෙ. ඔයාලත් එහෙම අවස්ථා දැකල ඇති terminal එක use කරනකොට user name , password ඇතුලු කරන්න තියෙන අවස්තාවත් මෙහෙම එකක්.
මුලුන්ම මේ පොඩි වැඩේ කරල බලන්න.ටර්මිනල් එකේ මෙහෙම ටයිප් කරල enter key එක ඔබන්න.
read myinput


ඔයාලට පේනව නේද කර්සර් එක බිලින්ක් වෙවී තියෙනව කියල ඊලඟට මොකක් හරි වචනයක් type කරල එන්ටර් කරහම සුපුරුදු විදියට කර්සර් එක එනව. දැන් echo command එක use කරල myinput කියන UDV එක ප්‍රින්ට් කරල බලන්න එතකොට ඔයාට දකින්න ලැබෙයි ඔයා ඉන්පුට් කරපු අගය තමයි ආයෙ ප්‍රින්ට් වෙලා තියෙන්නෙ කියල.
Read කියන එකෙන් තමයි මේ ඉන්පුට් කරන values අල්ලගන්නෙ අපි දැන් මේ සම්බන්ධයෙන් පොඩි උදාහරණයක් බලමු.
ඔයාලත් මේ shell script එක ලියල රන් කරල බලන්න.
####################################################


$ gedit my
#
# Hi this is my input test Programm
#
clear
echo "Please Enter Your Name"
read myinput
echo " your input is :-$myinput"


###################################################
2.
####################################################


$ gedit my
#
# Hi this is my Simple calculator
#
clear
echo "Please Enter Your First Value"
read myinput1


echo "Please Enter Your second Value"
read myinput2


echo "your Total Value is ` expr $myinput1 + $myinput2 `"


###################################################
මතකනෙ මේව රන් කරන්න කලින් chmod වලින් මොඩ් කරල ඉන්න ඔන හරිද ?

Share:

2011-12-26

Boot වෙන්නෙ නැද්ද? (GRUB Repair)


ගොඩ කාලෙකින් තමයි පොස්ට් එකක් දාන්නෙ. ශෙල් පාඩම ආයෙමත් පටන් ගන්නව ඉක්මනින්ම.
අද මම කියන්න යන්නෙ ලිනක්ක් os එක use කරන අයට පට්ට විදියට වැදගත් වන දෙයක් ගැන එකම කම්පියුටර් එකේ ලිනක්ස් හා වින්ඩොස් os දෙකම use කරන අයට මේක පට්ටම පට්ට විදියට වැදගත් වෙනව.

ඔයාලටත් මේ වගේ වැඩ වෙලා තියෙනවද ? 



 
වින්ඩොස් ලිනක්ස් දෙකම තියෙන එකක මේක උනාම දෙකෙන් එකකට වත් යන්න ලැබෙන්නෙ නෑ මේක සිද්ධ වෙන්නෙ GRUB (GRand Unified Bootloader )කියන Boot loader එක මැකුනහම හරි වෙන මොකක් හරි සිද්ධියක් උනහම එතකොට boot වෙන්න ඔන මොන os එකද කියල කම්පියුටර් එකට හොයා ගන්න බැරි වෙනව. Grub වලින් තමයි multi os තියෙනකොට අවශය OS එක තෝරල boot කරන්න පහසු කම සලසල දෙන්නෙ.
දැන් බලමු කොහොමද මේක අවුල් උනොත් repair කර ගන්නෙ කියල.මුලින් මෙතෙන්ට ගිහින් මේ තියන .iso එක Download කරගෙන cd එකකට burn කරගන්න නැත්තම් bootable pen creator එකක් use කරල pen එකකට දාගන්න.


ඊළගට cd එක CD-ROM එකට දාල computer එක restart කරන්න. දැන් cd එක boot කරන්න එකොට පහල තියෙනව වගේ පෙනෙයි මෙතනින් තෝරන්න 32 bit ද 64 bit ද කියන එක ඔයාලගෙ computer එක අනුව

 
ඊළගට මේක පොර්ටබල් os එකක් විදියට LOAD වෙනව ලස්සන ඩෙස්ක්ටොප් එකකුත් එක්ක. මේකෙ තියන Main මෙනු එකේ තියනව Boot Repair කියල සොෆ්ට්වෙයාර් එකක්



ඒක ඔපන් කරල Recommended repair කියන එක තෝරල උඩ තියන පින්තුරෙ විදියට කරල apply කරන්න. ඊට පස්සෙ කම්පියුටර් එක restart කරල බලන්න පුලුවන්. තවත් මේකෙ තියන පට්ට වැදගත් දෙයක් තමයි OS-Uninstaller කියන tool එක මේකෙන් පුලුවන් computer එකේ දැනට තියෙන OS එකක් uninstall කරන්න.


 වැඩේ එල නම් කමෙන්ට් එකකුත් දාල යන්න.

 sudo add-apt-repository ppa:yannubuntu/boot-repair && sudo apt-get update
 sudo apt-get install -y boot-repair && boot-repair
 
මෙන්න මේ කමාන්ඩ් දෙක ලින්ක්ස් වල ටර්මිනල් එකේ රන් කරල boot-repair tool එක වෙනමම තමන් දෑන් ඉන්න OS එකට  ඉන්ස්ටොල් කර ගන්නත් පුලුවන් ඒත් CD එකකට Burn කරල තියන එක් තමයි ගොඩක් වටින්නෙ.


Share:

2011-11-11

ඔයාලගෙ Nokia දුරකතනයට ඇන්ඩ්‍රොයිඩ් දාගන්න කැමතිද? (Android for Nokia Phones)





ඇත්තම කිව්වොත් නොකිය phone එකකට ඇන්ඩ්‍රොයිඩ් දාන්න බැහැ. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් දැම්ම වගේ පොඩි ප්‍රෝඩාවක් කරන්න පුලුවන්. ප්‍රෝඩාවක් උනාට මේක සුපිරි ගණයේ එකක්. ඇන්ඩ්‍රොයිඩ් තියන phone එකක් use කරන අත්දැකීමම විදගන්න පුලුවන් මේකෙන්. (මේක them එකක් නෙවෙයි) පොඩි software එකක්. දැන් මම කියන්නම් කොහොමද ඒක දාගන්නෙ කියල.තව ටිකෙන් අමතක වෙනව කියන්න ඇන්ඩ්‍රොයිඩ් විතරක් නෙවෙයි ඔන නම් Apple mobile OS , windows mobile OS , Black Berry mobile OS , Ubuntu වගේ එවත් දාගන්න පුලුවන්. හරිම සරලයි.

    Symbian S60 5th Edition Software වලට සහය දක්වන phones වලට විතරයි මේක දාන්න පුලුවන්.( Google වල search පාරක් දාල බැලුවොත් අනික් versions හොයාගන්න බැරි වෙන එකක් නෑ)

    1. පහල link එකෙන් සොෆ්ට්වෙයා එක download කරගෙන extract කරගන්න. Download Click Me 

    2. දැන් ඒක ඔයාගෙ phone එකේ මෙමරි කාඩ් එකට කොපි කරන්න.

    3. ඔයා දාගනිපු folder එක ඇතුලෙ තියන Gdesk v0.33g Install SIS කියන folder එක ඇතුලට ගිහින් ඒකෙ තියන .sis ෆයිල් ඔක්කොම ටික ඉන්ස්ටෝල් කරන්න.(phone එකෙන් කම්පියුටර් එකෙන් නෙවෙයි)

      1. දැන් ඔයාලගෙ phone එකේ Applications වල installed apps. ෆොල්ඩර් එකට ගිහින් ඒකෙ තියන Gdesk කියන application එක ඔපන් කරන්න. දැන මේවගේ එකක් දකින්න ලැබෙයි.

      2. මේක උඩ ටච් කරාම එන මෙනු එකෙන් design කියන එක select කරන්න දැන මේ වගේ එකක් එනව.

      3. මේ මෙනු එකේ තියන Load Design කියන එක කියන එක select කරන්න.
      4. දැන් මෙමරි කාඩ් එක select කරල අපි download කරල phone එකට දාගනිපු folder එක ඇතුලෙ තියන Android 2.1.gdd කියන file එක open කරන්න.

      5. ඔන්න දැන් වැඩේ හරි දැන් ඔයාලට මෙන්න මේ වගේ දැක ගන්න පුලුවන්.


        දැන් කැමති විදියට customize කරගන්න. මොනා හරි අවුලක් උනොත ආයෙ කලින් විදියට Load Design ගිහින් Android 2.1.gdd කියන file එක open කරන්න. එතකොට ආයෙ මුල් තත්වෙට පත්වෙනව.

      6. මේ ලින්ක් එකෙන් ගිහින් තව තව Desing download කරගන්න.
        http://gdesk.wetpaint.com/page/GDesk+designs
     
Share: