2011-12-26

Boot වෙන්නෙ නැද්ද? (GRUB Repair)


ගොඩ කාලෙකින් තමයි පොස්ට් එකක් දාන්නෙ. ශෙල් පාඩම ආයෙමත් පටන් ගන්නව ඉක්මනින්ම.
අද මම කියන්න යන්නෙ ලිනක්ක් os එක use කරන අයට පට්ට විදියට වැදගත් වන දෙයක් ගැන එකම කම්පියුටර් එකේ ලිනක්ස් හා වින්ඩොස් os දෙකම use කරන අයට මේක පට්ටම පට්ට විදියට වැදගත් වෙනව.

ඔයාලටත් මේ වගේ වැඩ වෙලා තියෙනවද



 
වින්ඩොස් ලිනක්ස් දෙකම තියෙන එකක මේක උනාම දෙකෙන් එකකට වත් යන්න ලැබෙන්නෙ නෑ මේක සිද්ධ වෙන්නෙ GRUB (GRand Unified Bootloader )කියන Boot loader එක මැකුනහම හරි වෙන මොකක් හරි සිද්ධියක් උනහම එතකොට boot වෙන්න ඔන මොන os එකද කියල කම්පියුටර් එකට හොයා ගන්න බැරි වෙනව. Grub වලින් තමයි multi os තියෙනකොට අවශය OS එක තෝරල boot කරන්න පහසු කම සලසල දෙන්නෙ.
දැන් බලමු කොහොමද මේක අවුල් උනොත් repair කර ගන්නෙ කියල.මුලින් මෙතෙන්ට ගිහින් මේ තියන .iso එක Download කරගෙන cd එකකට burn කරගන්න නැත්තම් bootable pen creator එකක් use කරල pen එකකට දාගන්න.


ඊළගට cd එක CD-ROM එකට දාල computer එක restart කරන්න. දැන් cd එක boot කරන්න එකොට පහල තියෙනව වගේ පෙනෙයි මෙතනින් තෝරන්න 32 bit 64 bit ද කියන එක ඔයාලගෙ computer එක අනුව

 
ඊළගට මේක පොර්ටබල් os එකක් විදියට LOAD වෙනව ලස්සන ඩෙස්ක්ටොප් එකකුත් එක්ක. මේකෙ තියන Main මෙනු එකේ තියනව Boot Repair කියල සොෆ්ට්වෙයාර් එකක්



ඒක ඔපන් කරල Recommended repair කියන එක තෝරල උඩ තියන පින්තුරෙ විදියට කරල apply කරන්න. ඊට පස්සෙ කම්පියුටර් එක restart කරල බලන්න පුලුවන්. තවත් මේකෙ තියන පට්ට වැදගත් දෙයක් තමයි OS-Uninstaller කියන tool එක මේකෙන් පුලුවන් computer එකේ දැනට තියෙන OS එකක් uninstall කරන්න.


 වැඩේ එල නම් කමෙන්ට් එකකුත් දාල යන්න.

 sudo add-apt-repository ppa:yannubuntu/boot-repair && sudo apt-get update
 sudo apt-get install -y boot-repair && boot-repair
 
මෙන්න මේ කමාන්ඩ් දෙක ලින්ක්ස් වල ටර්මිනල් එකේ රන් කරල boot-repair tool එක වෙනමම තමන් දෑන් ඉන්න OS එකට  ඉන්ස්ටොල් කර ගන්නත් පුලුවන් ඒත් CD එකකට Burn කරල තියන එක් තමයි ගොඩක් වටින්නෙ.


Share:

8 comments:

Anonymous said...

සහෝදරයා GNU GRUB වල Booting order එක වෙනස් කරන්නේ කොහොමද?

The Stunny said...

මෙක කරන්න ගොඩක් ක්‍රම තියෙනව මුලින්ම මම කියන්නම් ලේසිම ක්‍රමය sudo apt-get install startupmanager කියල ටර්මිනල් එකේ ට්යිප් කරල startupmanager කියන tool එක මගින් ලේසියෙන්ම පුලුවන් default OS එක Chiang කරන්න. නෑත්තම් sudo gedit /boot/grub/menu.lst කියල ටර්මිනල් එකේ ට්යිප් කරල GRUB_DEFAULT=0 කියන එක line එක GRUB_DEFAULT=4 කියන විදියට වෙනස් කරන්න ඕන මේක කරනකොට ටිකක් කල්පනාවෙන් කරන්න ඔන නැත්තම් ආයෙ boot කරල හමාරයි. 4 කියන්නෙ වින්ඩොස් වලට GRUB එක තුල තියෙන තැන සමහර විට ඒක වෙනස් වෙන්න පුලුවන් මෙතනනින් ඒක බලාගන්න පුලුවන් (මෙක terminal එකේ රන් කරන්න ) cat /boot/grub/grub.cfg | grep menuentry මෙකෙ menuentry කියල තියන line ගාන ගණන් කරහම අදාල අගය ලබා ගන්න පුලුවන් 0 ඉදන් තමයි ගණන් කරන්න පටන් ගන්නෙ.

Anonymous said...

හරි ගියේ නැහැ සහෝදරයා,මම පාවිචිචි කරන්නේ Fedora 16,ඒකට එන්නේ GNU GRUB 1.99,terminal එකේ ගැහුවම password එක ඉල්ලනවා,ඊට පස්සේ කියනවා command එක වැරදියි ලු

The Stunny said...

startupmanager කියන tool එක use කරල බැලුවද ?

Anonymous said...

ඒකත් එහෙම තමයි?GRUB_DEFAULT වෙනස් කරන්න open වෙන window එක හිස්

The Stunny said...

එහෙනම් මෙන්න මෙතන බලන්න sudo gedit /usr/share/doc/grub/examples/menu.lst මීට වඩා ලේසියි ටර්මිනල් එකේ sudo apt-get install startupmanager කියල ටයිප් කරල මේ tool එක ඉන්ස්ටෝල් කර ගන්න දැන් start < System < Administration < Startup-manager ඔපන් කරල ඒකෙන් boot ඔර්ඩර් එක change කරගන්න.

Anonymous said...

ubuntu wala c++ karanna oni wena G++ compiler eka daganna oni kohomda

Anonymous said...

supiri machan !!!!