2011-10-20

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 06



11. විචල්‍ය (වේරියබල්)

                           අපි කම්පියුටරෙන් මොකක් හරි වැඩක් කරනකොට අපි භාවිතා කරන සමහර දත්ත RAM මෙමරි එකේ තැම්පත් කරල තියාගන්නව කියල ඔයාල දන්නවනෙ. Ram එක කුඩා කොටස් ගණනාවකට බෙදල තියෙන්නෙ ඒ හැම කොටසකටම එකිනෙකට වෙනස් ඇඩ්ඩ්‍රස් තියෙනව හරියට අපෙ ගෙවල් වලට තියෙනව වගේ අපි ඒ කුඩා කොටසක් හදුන්වනව memory location එකක් කියල. ඒව ඇතුලෙ තමයි අපේ දත්ත ගබඩා වෙලා තියෙන්නෙ. ප්‍රෝග්‍රැමර්ස් ලට පුලුවන් ඒ අඩ්ඩ්‍රස් වෙනස් කරගන්න කැමති විදියකට. අන්න එහෙම වෙනත් නමකින් memory location එකක් වෙන් කර ගත්තම අපි එකට කියනව variable එකක් කියල.මේ variable එකක එක පාරකට save කරන්න පුලුවන් එක වර්ගයක දත්ත විතරයි.

Shell ගැන කතා කරනකොට අපි variables දෙකක් ගැන කතා කරනව ඒව තමයි.
  1. System Variables (SV)- මේව හදල තියෙන්නෙ shell හදපු අයම තමයි අපට වෙනස් කරන්න බෑ නිතරම මේව ලියන්නෙ ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින්.
  2. User defined Variables (UDV) – මේව හදල නඩත්තු කරන්නෙ User ඒ කියන්නෙ අපි. මේ වේරියබල්ස් ලියනකොට ලියන්නෙ ඉංග්‍රීසි සිම්පල් අකුරු වලින්.
මම දැන් දෙනව ගොඩක් වැදගත් වෙන SV කිහිපයක් ඒව මේව වෙනස් කරන්න යන්න නම් එපා. එහෙම කරොත් සමහර විට අවුල් අතිවෙන්න පුලුවන්.

01.BASH - මේකෙ තියෙන්නෙ අපේ computer එකේ තියෙන shell වර්ගය(නම). 

02.BASH_VERSION -computer එකේ තියෙන shell version.

03.COLUMNS- අපේ ස්ක්‍රීන් එකේ තියෙන columns ගණන.

04.HOME- අපේ home directory එකේ name එක.

05.LINES- අපේ ස්ක්‍රීන් එකේ තියෙන ළlines ගණන.

06.LOGNAME-දැනට අපි ලොග් වෙලා ඉන්න නම.

07.OSTYPE- අපේ තියෙන OS එකේ වර්ගය.

08.PATH-path වල සැකැස්ම.

09.PS1-අපේ ප්‍රොම්ට්(prompt) සැකැස්ම

10.PWD -අපි දැනට ඉන්න ඩිරෙක්ටරි එක.

11.SHELL-මේකෙ තියෙන්නෙ අපේ computer එකේ තියෙන shell වර්ගය(නම). 

12.USERNAME- දැනට ලොග් වෙලා ඉන්න කෙනාගෙ username එක.

මේ තියෙන හැම වේරියබල් එකකම මොනව හරි අගයක් save වෙලා තියෙනව ඔයාලට ඒක බලා ගන්න ඔන නම් මෙන්න මෙහෙම කරල බලන්න.

echo $BASH

echo $USERNAME 

මෙහෙම හැම variable එකකම තියෙන අගයන් ප්‍රින්ට් කරල බලන්න පුලුවන් අනිව $ මාර්ක් එක තියෙන්න ඕන Variable එකට ඉස්සරහින් හරිද ? මෙන්න මෙහෙම කරොත් ප්‍රින්ට් වෙන්න වෙන එකක් 
 
echo BASH
වේරියබල් එකේ නම ම තමයි ප්‍රින්ට් වෙන්නෙ.

අපට පුලුවන් 
                     BASH=කැමති වැලියු එකක්”

කියල දීල BASH කියන SV එකේ අගය වෙනස් කරන්න ඒත් එහෙම කරන්න යන්න එපා. ඒ වෙගේ ඒව පස්සෙ කරල බලන්න පුලුවන්.

12.User defined variables ගැන කතා කරමු දැන්

අපි හදමු name කියල variable එකක් ඒකට assign කරමු Nimal කියල ඒක කරන්නෙ මෙහෙමයි

name=nimal 

හරිම සරලයි මෙන්න මේකයි පොදු ක්‍රමය වේරියබල් හැදීමේ 
 
වේරියබල් එකේ නම=assing කරන්න බලාපොරොත්තු වෙන අගය 
 
මතක තියාගන්න name = nimal කියල සමාන ලකුන දෙපැත්තෙ ඉඩ (spaces) තියන්න බැරි බව.

මෙන්න තව එව්ව ටිකක්
      1. animal=cat
      2. blogs=madterminal.blogspot.com
      3. vehicle=car
      4. integer=15
      5. double=19.258
හැබැයි මෙන්න මෙහෙම නම් කරන්න බෑ හරිද

15=integer

 මේවගේ value එකට නමක් දාන්න නම් බෑ එතකොට වැරදියි. නිතරම දාන අගය තියෙන්න ඔන දකුණු පැත්තෙ.

01.animal=cat
02.blogs=madterminal.blogspot.com
03.vehicle=car

මේ තියෙන ඒව අර්ත දක්වන්නෙ මෙහෙමයි

animal=cat -:Animal having cat සත්තු අතර තමයි පූස ඉන්නෙ
blogs=madterminal.blogspot.com -:blogs having madterminal.blogspot.com බ්ලොග් වල තමයි madterminal.blogspot.com තියෙන්නෙ.

vehicle=car -: vehicle having car වාහන වල තමයි car තියෙන්නෙ.

වේරියබල් නාමකරණයේ නීති රීති. next පාඩමෙන් බලාපොරොත්තු වෙන්න.

Share:

1 comments:

Anonymous said...

this is good post