2011-11-10

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 08



15.echo කමාන්ඩ් එක ගැන........

මේ කමාන්ඩ් එක අපි කලින් use කරානෙ. ඒකෙන් අපි කරේ අපට අවශ්‍ය දේවල් ප්‍රින්ට් කරගනිපු එක.මේකෙ තව වැඩ කෑලි වගයක් තියෙනව අපි බලමු ඒවත්.

මේක හරියටම use කරන්නෙ මෙහෙමයි.

echo [options] [string, variables...]

මේ options කියන තැනට දාන ඒව ගැන අපි බලමු දැන්.

echo -n
-n -මේකෙන් කියන්නෙ output එක තවත් අලුත් ලයින් එකකට යවන්න එපා කියල.

echo -e
-e - මේකෙන් කියන්නෙ පහල තියෙන backslash හා specials characters වලින් ඉදිරිපත් වෙන අර්ත දැක්වීම් සක්‍රිය වෙන්න කියල.

දැන් කලින් කියපු දෙක උදාහරණ වලින් පැහැදිලි කර ගනිමු.

echo “Myname is kamal”

මේක රන් කරහම ටර්මිනල් එකේ ඊළඟ ලයින් එකේ Myname is kamal කියල ප්‍රින්ට් වෙලා ආයෙ කර්සර් එක පහල ලයින් එකට ගියා නේද ?(කර්සර් එක ට වම් පැත්තෙන් තව කම්පියුටර් එකේ නම user ගෙ නම වගේ විස්තර වගයකුත් තියෙනව මම ඒව ගැන සලකන්නෙ නැතුව තමයි කිව්වෙ)


දැන් මේක කරල බලන්න
echo -n “Myname is kamal”
මේක රන් කරහම ටර්මිනල් එකේ ඊළඟ ලයින් එකේ Myname is kamal කියල ප්‍රින්ට් වෙලා කර්සර් එක එතන ඉස්සරහම බ්ලින්ක් වෙවී තිබුන නේද ?


-n මගින් new ලයින් එකකට යන එක නවත්තනව කියල තේරුනා නේද?

ඊළඟට බලමු -e ගැන 
 
අපි echo මගින් ප්‍රින්ට් කරන්න හදන String (අකුරු ඉලක්කම් අයත් වන data type එක) එක ඇතුලෙ තියෙන special characters (key bord එකේ තියෙන backspace,escape වගේ keys නිරූපණය කරන characters ) වල නිරූපණය සක්‍රිය කරන්න කියන එක තමයි -e මගින් කියන්නෙ.

echo “Myname is kamal”
මේක රන් කරහම එන output එක දන්නවනෙ අපි දැන් මේකට special character එකක් එකතු කරමු. back space එක නියෝජනය කරන \b කියන එක තමයි එකතු කරන්නෙ.
echo “Myname is kamal'\b'”

දැන් හරි නම් out එක එන්න ඔන Myname is kama කියල ඒ මොකද \b කියන special character එකෙන් නිතරම ඊට කලින් තියෙන අකුර මකන නිසා (back space key එක ඔබන කොට වෙන දේ) ඒත් එහෙම වෙලා නෑ out එක එන්නෙ “Myname is kamal\b” කියල ඒ කියන්නෙ special character එකට අදාල දේ වෙලා නෑ කියන එක. ඊළඟට මේක රන් කරල බලන්න

echo -e “Myname is kamal'\b'”
මේකෙදි නම් out එක එනව “Myname is kama” කියල -e යොදපු නිසා special character වලට අදාල නිරූපණ සක්‍රිය වෙලා.

මෙතන තියෙනව වැදගත් වන special character කිහිපයක්
\a alert (bell)
\b backspace
\c suppress trailing new line
\n new line
\r carriage return
\t horizontal tab
\\ backslash

මේව use කරල බලන්න ඔයාල.
Share:

0 comments: