2011-09-23

Bit Defender හැමදාටම (BitDefender for life time)

Bit Defender virus Gard මුලු ජිවිත කාලෙටම සම්පූර්ණයෙන්ම නෙමිලේ භාවිතා කරන්න කැමතිද? Crack කරල නෙවෙයි හොදේ.......හැබැයි මෙ Version එක තියෙන්නෙ ලින්ක්ස් වලට විතරයි.  හික්ස්!  ලින්ක්ස් වලට මොන වයිරස් ද?  එහෙම නෙවෙයි අපිට පුලුවන් මේකෙන් වින්ඩෝස් තියෙන කම්පුටර් එකක ගහපු, වයිරස් බෝ උන පෙන් එකක තියන වයිරස් එහෙම අයින් කර ගන්න.මම දැන් කියන්නම් කෙහොමද මේක ඉන්ස්ටෝල් කරන්නෙ කියල මුලින්ම මෙන්න මේ file එක download කර ගන්න 40 MB විතර තියෙනවා.ලින්ක් එක click  කරහම නිකන් පෙන්නන්නෙ text  file එකක් විදියට නම් ඒක කොහේට හරි මෙන්න මේ නමින් Save  කර ගන්න. BitDefender-Antivirus-Scanner-7.6-4.linux-gcc4x.i586.deb.run
දැන්  Applications>Accessors>Terminal ගිහින් ටර්මිනල් එක open කර ගන්න. දැන් cd command එක use කරල Download කරපු file එක තියෙන තැනට යන්න(cd command එක use කරන හැටි කලින් පොස්ට් වල බලන්න)
Download කරපු file එක තියෙන තැනට ගිහින් මේ command එක දෙන්න.
 sudo sh BitDefender-Antivirus-Scanner-7.6-4.linux-gcc4x.i586.deb.run  දැන් root Password එක අහනව එකත් දෙන්න. දැන් Agreement එකක් පෙන්නනව පිස්සු නම් කියවන්න. දැන් අහනව 
Agreement එකට එකඟ ද කියල. ඔව් නිසා accept කියල type කරල Enter key එක ඔබන්න.

දැන් අහනව
Do you want to install BitDefender Antivirus Scanner GUI package (Y/N) කියල දෙන්න Y කියල. දැන් ඉන්ස්ටෝල් වෙලා ඉවර උනහම Applications>System tools වලට ගිහින් Bit Defender open කරන්න. 

දැන් ඒකෙ තියෙන  Get a new Free license key for personal use කියන ලින්ක් එක click කරල අවශය  විස්තර ලබා දිල license key එක e-mail එකට ගෙන්න ගන්න. license key එක 365 day valid ඒක ඉවර උනහම තව එකක් ගන්න පුලුවන් නිකම්ම. මේ වැඩ ඔක්කොම ඉවර කරල Update කරන්න.
Share:

1 comments:

Anonymous said...

ko machan link eka download karna?