5.Shell Script කියන්නෙ
මොනවද?
කලින්
අපි ඉගෙන ගත්තනෙ shell කියන්නෙ
මොනවද කියල දැන් බලමු shell
Script කියන්නෙ මොනවද
කියල. සරලවම
කිව්වොත් shell Script කියල
කියන්නෙ shell Command එක
කට වැඩි ප්රමාණයක් අනුපිළිවෙලට
ලියල තියෙන file එකකට(series
of command කියල
හිතමකො ) මේ
script එක රන් කරහම
ඒක ඇතුලෙ ලියල තියෙන කමාන්ඩ්ස්
රන් වීම සිද්ධ වෙනව. මේක
වින්ඩෝස් වල තියෙන MS-Dos batch
file එකකට සමාන කරන්න
පුලුවන් හැබැයි ඊට වඩා ගොඩක්
බලවත්.
6.ඇයි
අපි මේ shell Script ලියන්නෙ
?
01. user ගෙ
inputs මෙ Script මගින්
ලබා දෙන්න පුලුවන්.
02. ප්රයෝජනවත්
විදියට තමන්ගේම Commands නිර්මාණය
කරගන්න පුලුවන්.
03. කාලය
ඉතුරු කර ගන්න පුලුවන්(එකම
දේ නැවත නැවත type කර
කර ඉන්නෙ නැතුව)
04. ස්වයංක්රීයව
යම් දේවල් කරගැණීමට හැකි වීම.
- ස්වයංක්රීයව පද්ධති කටයුතු පාලනය කරගැනීමට හැකිවීම
ඔන්න
ඔය වගේ දේවල් කර ගන්න පුලුවන්
නිසා තමයි අපි shell Script ලියන්නෙ.
7.Shell සමග
වැඩ පටන් ගැනීම.
මෙතන
ඉදන් අපි shell වල
වැඩ කිඩ පටන් ගන්නයි හදන්නෙ.
අපි මේ වැඩ කරන්න
use කරන්නෙ බාස්
ශෙල් නෑ නෑ bash shell කියන
වර්ගය.මෙතන ඉදන්
ඉස්සරහට shell ලියන්න
,කියවන්න,රන්
කරවන්න එකී මෙකී නොකී ගොඩක්
වැඩ කරන්න තමයි හදන්නෙ ඒ නිසා
හොදට තේරුම් අරගෙන වැඩේ කරගෙන
යන්න.
8.කොහොමද
මේ shell Script එකක්
ලියන්නෙ ?
මේකට
පියවර දෙකක් සපුර ගන්න ඔන.එව
තමයි
1.shell Script එක
ලියාගන්න ටෙක්ස්ට් එඩිටර්
එකක්-මම නම් මේකට
use කරන්නෙ ubuntu
වල තියෙන gedit කියන
ටෙක්ස්ට් එඩිටර් එක ඔයාල use
කරන OS එකේ
තියෙන කැමති එකක් තෝර ගන්න.
2.තව
දැනගන්න ඔන කොහොමද ලිනක්ස්
වල file permissions වෙනස්
කරන්නෙ කියල. මොකද
ලියන sell script එක රන්
කරන්න permissions එක
ගන්න ඕන.
දැන්
අපි පොඩ්ඩක් මේ linux file permissions
ගැන කතා කරමු.
9. Linux file permissions
ලිනක්ස්
(ගොඩක් දුරට UNIX
System වලත්) වල
ප්රධාන වශයෙන් user class තුනක්
තියෙනව. user class කියල
කිව්වෙ භාවිතා කරන පිරිස වෙන්
කරල දක්වන්න පුලුවන් බෙදීමක්
වගේ දෙයක්.
අපි බලමු
මොනවද මේ user classes තුන
කියල.
1.User (u)- මේකෙන්
කියන්නෙ file එකේ
අයිතිකෙනා ගැන(owner) file එක
හදපු එක්කෙනා කියල හිතාගන්න.
2.Group (g)-මේකෙන්
කියන්නෙ file එක
access කරන අය.
කෙනෙක් හදපු files
වෙන අය use කරන්න
පුලුවන්නෙ.
3.Other (o)-මේ
කියන්නෙ උඩ කතා කරපු අය හැරුනාම
අනිත් අය ගැන.
ලිනක්ස්
file permissions වෙනස් කරල
අපට පුලුවන් උඩ ඉන්න තුන්
ගොල්ලන්ට කරන්න පුලුවන් දේවල්
පාලනය කරන්න.සරලවම
ගත්තොත් මෙන්න මෙහෙමයි ඔන්න
ඉන්නව file එකක් අයිති කෙනෙක් එයට පුලුවන්
එයාගෙ file එක edit
කරන්න write කරන්න.
execute කරන්න පුලුවන්
ජාතියෙ එකක් නම් එහෙමත් කරන්න.
(කරන්න පුලුවන්
ඔක්කොම ජාති කරන්න).දැන්
බලන්න ඒ file එකම
access කරන අය ගැන (Group
කියන එකේ කස්ටිය)
ඒ අයට පුලුවන් file
එක execute කරන්නයි
write කරන්නයි හැබැයි
delete කරන්න බෑ.
ඊළඟට Other කියන
එකේ කස්ටියට පුලුවන් Read
කරන්න විතරයි.
උදාහරණයක් විදියට
මෙහෙම හිතන්න ඔයාගෙ කම්පියුටරේ
guest Account එකක ඉදන්
සමහර file open කරන්න
delete කරන්න Access
කරන්න බෑ නේද ?අන්න ඒ වගේ කතාන්දරයක් තමයි මේකත්.
අපට
පුලුවන් ලිනක්ස් වල තියෙන
file එකක මේ permissions
වෙනස් කරන්න ඒ කියන්නෙ
කලින් කියපු තුන් ගොල්ලන්ට
තියෙන වරප්රසාද වෙනස් කරන්න
පුලුවන්.දැන්
බලමු කොහොමද ඒව කරන්නෙ කියල.
අපිට
file එකකට කරන්න
පුලුවන් ප්රධාන දේවල් තුනක්
තියෙනව ඒව තම
01.Read (r)
02.Write (w)
03.Execute (x)
වරහන්
ඇතුලෙ තියෙන අකුරු වලින්
කියන්නෙ කෙටි යෙදුම් කියල
මතක තියා ගන්නකො.
File permissions mode තුනක්
තියෙනව. ඒව තමයි
1.Linux Read mode permissions- file
එකක් හරි directory එකක්
හරි Read කරන්න දෙන
අවසරය.
2.Write mode permissions- file එකක්
හරි directory එකක් හරි
Write කරන්න දෙන
අවසරය.
3.Execute mode permissions-file එකක්
හරි directory එකක් හරි Execute කරන්න දෙන
අවසරය.
ඔක්ටල්
නම්බර් කතාවකුත් තියෙනව මේවත්
එක්ක ඒකත් බලලම ඉම්මුකො
ඔක්ටල්
කතාව මේකයි
අපි
කලින් file එකකට
කරන්න පුලුවන් දේවල් තුනක්
ගැන කතා කරානෙ r,w,x කියල
ඒ r,w,x ඔක්ටල් වලින්
ඉදිරිපත් කරගන්න ඒවට මේ අගයන්
දාගන්න
r =4
w=2
x =1
දැන්
ඉතින් දැනගන්න ඕන 4 කිව්වොත්
read , 2 කිව්වොත්
write, 1 කිව්වොත්
execute කියල.හරියට r , w , x වලට කෙටි නම් දැම්ම වගේ
අපි දැන්
බලමු Linux Read Write අවස්ථාව
ඔක්ටල් වලින් කොහොමද කියල
0+r+w+e =0+4+2+0 = 6
**මේ තියන ගණිත කර්මෙ දැක්කහම බය වෙන්න එපා කරල තියෙන්නෙ read හා write වලට අපි දාගණිපු කෙටි නම් වල අගයන් එකතු කරපු එක. විතරයි.මුලට 0 දාගත්තෙ පාලුවට කියල හිතන්නකො.execute වලට 0 ආවෙ file එක execute කරන්න අවසර දෙන්නෙ නැති නිසා. **
පේනව
නේද Read & Write අවස්ථාවෙ
ඔක්ටල් අගය = 6
ඊළඟට
බලමු read & execute අවස්ථාව
0+r+w+e = 0+4+0+1 =5
Read & execute අවස්ථාවෙ
ඔක්ටල් අගය = 5
දැන්
Read, Write & execute අවස්ථාව
0+r+w+e = 0+4+2+1 = 7
Read, Write & execute අවස්ථාවෙ
ඔක්ටල් අගය = 7
ඔක්ටල්
වල තියෙන්නෙ 0 ඉදල
7 වෙනකම් ඉලක්කම්
ටික නෙ ඒ නිසා 7 න්
එහා යන්නෙ නෑ කියලත් මතක තියා
ගන්න.
කලින්
කිව්ව permissions mode යොදාගෙන
පොඩි වැඩක් කරල බලමු දැන්
ඔන්න
හිතන්න මෙහෙම තියනව file එකක්
ඒකෙ user(u) ට Read,Write
& execute කියන permissions
3 නම දෙන්න ඔන. Group(g)
ට දෙන්න ඔන Read &
Write permissions දෙක Other
(o) ට දෙන්න ඔන execute
permissions එක විතරක් එතකොට
මෙන්න මේ විදියට තමයි ගණනය
කරන්න ඔන.
User = 0+r+w+x = 0+4+2+1 = 7
Group= 0+r+w+x = 0+4+2+0 = 6
Others = 0+r+w+x = 0+0+0+1 = 1
Group= 0+r+w+x = 0+4+2+0 = 6
Others = 0+r+w+x = 0+0+0+1 = 1
මේවගේම
තවත් එකකුත් බලමු දැන්
file එකක
Read,Write & execute කියන
permissions u,g,o කියන
තුන්ගොල්ලොන්ටම දෙන්න ඕන එකට
ගණනය කිරීම කරන්න ඕන මෙහෙමයි.
User = 0+r+w+x = 0+4+2+1 = 7
Group= 0+r+w+x = 0+4+2+1 = 7
Others = 0+r+w+x = 0+4+2+1 = 7
Group= 0+r+w+x = 0+4+2+1 = 7
Others = 0+r+w+x = 0+4+2+1 = 7
මම
හිතිනව ඔයාලට මම කියපු දේ
තේරෙන්න ඇති කියල මේ විදියට
අපට ඕන Permission එකක් හදා
ගන්න පුලුවන්.
file Permissions හදා
ගන්න හැටි next පාඩමෙන් කියන්නම්.
2 comments:
සිරා මචන්. ඇත්තටම ගොඩක් වැදගත්. ඉතුරු ටිකත් ඉකමනට දාපන්.
waiting for the next post.
Post a Comment