2022-01-24

ඉගෙන ගන්න අයට FREE ENDLESS OS

Endless OS එක කියන්නෙ ගොඩක් Education එක පැත්තට බර OS මේකෙ ගොඩක් වැදගත් දේවල් ටිකක් තියනව අපි බලමු මොනවද මේ කියල.

1. භාවිතයට හරිම ලේසියි මොකද මොබයිල් ෆෝන් එකක වගේ interface එකක් වගේ තමයි තියෙන්නෙ හරිම සිම්පල්.

2. offline (internet) නැතුව use කරන්න් පුලූවන් නමුත් ගොඩක් දේවල් එක්ක  (inbuild ගොඩක් දේවල් තියනව)

3. Encyclopedia එකක්  විශ්වකෝෂයක් තියනව 50,000 විතර articles තියන.

4.  ඉගෙන ගන්න පොඩ්ඩන්ට එහෙම ගොඩක් හොදයි ඒ වගේම පාසල් වලට සහ ඉන්ටර්නෙට් නැති පැති වලට ගොඩක් ප්‍රයොජනවත්

5. History , Math , Sciences , Economy Humanity , biology  සහ තවත් ගොඩක්  විෂයන් වලට අදාල Educational courses මේකෙ තියනව.


6.  මේක independent learning platform එකක් විදියට භාවිතා කරන්න පුලුවන්. (පොඩ්ඩන්ට තනියම ඉගෙන ගන්න)

7. Pre loaded Music, Videos, Games ගොඩක් මේකෙ තියනව.

8. මේ හැමදේම සම්පූර්ණයෙන් නොමිලේ තමයි.

අපිට මේක side by side with windows විදියට ඉන්ස්ටෝල් කරගන්න පුලුවන් ලේසියෙන්ම නැත්තම්  Dual Boot Or Full install කරගන්නත් පුලුවන්.  Endless OS එක versions කිහිපයකින් එනව.  

ඔයාලත් මේක දාගෙන බලන්න ගෙදර පොඩි අය ඉන්නව නම් එයාලට ඉන්ස්ටෝල් කරල දෙන්න.

ඉන්ස්ටෝල් කරන විඩියෝ එකක්

වෙබ් සයිට් එක https://endlessos.com/

එයාලගෙ foundation එක https://www.endlessos.org/

Linux Lanka facebook page එක like කරල group එකටත්  join වෙන්න.

https://www.facebook.com/LinuxLankaCommunity

https://www.facebook.com/groups/307118092732096

ලිනක්ස් ලංකා Forum එකත් එක්ක ඉන්න ලිනක්ස් දැනුම බෙදා ගන්න.

https://linuxlanka.com

Share:

2022-01-23

වින්ඩෝස් Games ලින්ක්ස් වල RUN කරන්න - PROTON

 


Proton කියන්නෙ Compatibility layer එකක් වින්ඩෝස් ගේම්ස් ලින්ක්ස් වල රන් කරන්න පුලුවන් . මේකට ගොඩක් අලුත් NVDIA GPU Drivers එහෙමත් Support කරනව.  සමහර windows Games windows වලටත් වඩා හොදට මේකෙ වැඩ කරනව කියල තමයි කියන්නෙ මේ තියෙන්නෙ මේකෙ වෙබ් සයිට් එක 

https://www.protondb.com/ 

මේ වෙනකොට Games ගොඩක් ලොකු ප්‍රමාණයක් Proton එකට Support කරනව ඒ ගැන විස්තර protondb වෙබ් සයිට් එකෙන් බලාගන්න පුලුවන්.

STEAM එකත් එක්ක තමයි මේක වැඩ කරන්නෙ



පහල තියන videos බලන්න ඒකෙන් ඔයාලට මේක Use කරන විදිය ගැන ලොකු අදහසක් ගන්න පුලුවන්.

ඉන්ස්ටෝල් කරගන්න විදිය

https://ubuntu.com/blog/linux-gaming-with-ubuntu-desktop-steam-and-proton

Linux Lanka Facebook page එක like කරල group එකටත්  join වෙන්න.

https://www.facebook.com/LinuxLankaCommunity

ලිනක්ස් ලංකා Forum එකත් එක්ක ඉන්න ලිනක්ස් දැනුම බෙදා ගන්න.


Share:

2022-01-11

Parrot OS හැකින් සහ ක්‍රැකින් වලට.

Parrot OS

මේ OS එක ඩෙබියන් බේස් කරගනිපු Lightweight Operating System එකක්. අපිට මේකෙ Security , Home සහ ARM කියන Edition තුනකින් download කර ගන්න පුලුවන්. මේ OS එක ගොඩක් හොද Security පැත්තෙ වැඩ වලට විශේෂයෙන්ම Penetration testing , Revers Engineering සහ Digital Forensics වගේ දේවල් වලට, තව TOR browsing , TOR File sharing වගේම Crypto wallet එකකුත් එනව මේ OS එකත් එක්ක. ලෝකෙ වටේම ඉන්න security specialists එකතු වෙලා තමයි මේ OS එකට Contribute කරන්නෙ. කාලි ලිනක්ස් වගේම OS එකක් තමයි මේකත්. වැදගත්ම දේ මේක FREE සහ OPEN SOURCE

මෙන්න ලින්ක් එක :- https://www.parrotsec.org/

අපේ page එක like කරල group එකට join වෙන්න.

https://www.facebook.com/LinuxLankaCommunity




Share: