අපි බලමු
කොහොමද හොද ලිනක්ස් ඩිස්ට්‍රො
එකක් (ඒ කිව්වෙ
ලිනක්ස් කර්නල් එක පාදක කරගත්
os එකක්) ඉන්ස්ටෝල්
කරගන්නෙ කියල. ඔයාලට
පුලුවන් කැමති ඩිස්ට්‍රෝ
එකක් තෝරගන්න එහෙම තෝර ගන්න
ඩිස්ට්ට්‍රෝ 750 විතර
දැනට තියෙනව.ඒ
අතරින් මේ කාලෙ ගොඩක් ජනප්‍රිය
උන ඩිස්ට්‍රො 10 ක්
ගැන පහල තියෙනව ඒ අදාල web
sites වලට ගිහින්,
තව විස්තර හොයල බලල
download කර ගන්න.
මම නම් ගොඩක් කල්
ඉදල use කරන්නෙ
ubuntu කියන os එක
මම නම් හිතන්නෙ අනෙක්
ඒවට වඩා උබුන්ටු පහසුයි කියල.
අනික උබුන්ටු වලට
ගොඩක් hardware device කිසි
කරදරයක් නැතුව ඩිටෙක් කර
ගන්නව.(ඩොන්ගල්
,ස්කෑනර් , කැමරා
වගේ ඒව) Applications හා
updates
එහෙමත්
කරදරයක් නැතුව ලබා ගන්න
පුලුවන්(ඔක්කෙම
දෙන්නෙ free
දෙන
නිසා කිසි කරදරයක් නෑ).
01.Ubuntu
02.Fedora
03.Open Suse
04.Debian
05.Mandriva
06.Linux mint
http://linuxmint.com/
07.Pc linux os
08.Slackware
09.Gentoo linux
10.Cent os
මේවයින් කැමති එකක්
ඩ්වුන්ලෝඩ් කරගෙන cd එකකට
හරි dvd එකකට හරි
Write කර ගන්න. මේව
ඉන්ස්ටෝල් කරන්න ආකාර කිහිපයක්
මම කියල දෙන්නම් ඔයාලට කැමති
විදියක් තෝර ගන්න. මම
කියල දෙන්නෙ ubuntu os එක
ඉන්ස්ටෝල් කරන්න අනිත් ඒවත්
ගොඩක් දුරට ඒ වගේම තමයි.Ms
windows වලට ගොඩ කාලයක්
පුරුදු වෙලා හිටපු අයනෙ ගොඩක්ම
ඉන්නෙ ඒ අයට ගැලපෙන විදියට,
හුරු විදියට වැඩේ
කරොත් හොදයි කියල මම හිතනව.
1.Ubuntu පමණක් ඉන්ස්ටෝල්
කිරීම
මේකෙදි කම්පියුටර්
එකේ තියෙන්නෙ උබුන්ටු ම විතරයි
වෙන කිසිම os එකක්
නෑ උබුන්ටු වලට ආධුනිකයෙකුට
නම් මේක ඒ තරම් සුදුසු නෑ කියලයි
මම නම් හිතන්නෙ.හරි
කමක් නෑ අපි බලමු මේක කරන්නෙ
කොහොමද කියල.
- මුලින්ම ububtu cd එක හරි dvd එක හරි දාල boot කරන්න. දැන් එනව මෙන්න මේ වගේ boot මෙනු එකක්. ඒකෙ දෙවනි එක click කරන්න ඒ කියන්නෙ Install Ubuntu කියන එක.2.ඊළඟට මේ මෙනු එක එනව මෙතනින් try කියන එකෙන් ගියොත් කම්පියුටර් එකේ කිසි වෙනසක් කරන්නෙ නැතුව උබුන්ටු මෙනවගේ එකක්ද කියල බලන්න පුලුවන්. os එක රන් වෙන්නෙ cd එක උඩ් ඒ නිසා ටිකක් slow(හැම ඩිස්ට්‍රෝ එකකම මෙහෙම බලන්න බෑ) කොහොම හරි මේකෙන් අපට යම් අදහසක් ගන්න පුලුවන් os එක ගැන. os එක ඉන්ස්ටෝල් කරගන්න ඔන නම් install ubuntu කියන එක ඔබන්න.
3.මේකෙ Download updates while
installing කියන එකට හරි දාන්න ඔන වේගවත් ඉන්ටර්නෙට්
කනෙක්ශන් එකක් තියෙනවනම්
විතරයි නැත්තම් ඉන්ස්ටෝල්
වෙන්න ගොඩක් වෙලා යවි.install
this third-party software කියන එකටත්
හරි දාන්න.
4.මෙතන තමයි ගොඩක්ම
වැදගත් තැන මෙතන මෙතනින් තමයි
උබුන්ටු ඉන්ස්ටෝල් කරන තැන
තීරණය කරන්නෙ.
කොහොම උනත් මම කියල
දෙන්නෙ manual partition කරන
විදිය නැත්තම් නා ගන්න වෙන
නිසා. ඔයාල මෙතනින්
Something else කියන එක
select කරල forward
button එක click කරන්න.
5.ඊළඟට කරන්න තියෙන්නෙ
partition කරන වැඩේ මේක
ගොඩක් පරිස්සමින් කරන ඔන.
උදාහරණයක් විදියට
අපි හිතමු අපට ඔන අපේ 320 Gb
hard disk එක 100gb කොටස්
දෙකයි 60gb කොටස්
දෙකකටයි partition කරල්
එක 60 gb කොටසකට
උබුන්ටු දාගන්න ඔන කියල.
එතකොට අපි හදාගන්න
ඔන partition ප්රමාණ්ය.
100 gb – දෙකයි
60 gb - දෙකයි
මුලු partition ගණන
හතරයි .ඒ උනත්
උබුන්ටු දා ගන්න අපි අඩුමතරමෙ
උබුන්ටු වලට විතරක්ම partitions
තුනක් හදා ගන්න ඔන.
එහෙම බැලුවෙත් මෙන්න
මේ තරම් partitions ගණනක්
අවශ්‍ය වෙනව.
100 gb – දෙකයි
60 gb – 1
x gb -1
y gb -1
z gb -1
මුලු partitions ගණන
6 වෙනව. අපි 60 gb
එකකටනෙ උබුන්ටු
දාන්න හිතාගෙන හිටියෙ ඒ 60
gb එක තමයි x , y , z
කියල කොටස් තුනකට
බෙදුවෙ. ඊළඟට බලමු
කොහොමද මේව බෙදන්නෙ කියල
මම කලින් කිව්වනෙ
උබුන්ටු දා ගන්න අඩුම තරමෙ
partitions තුනක් වත්
හදා ගන්න් ඔන කියල, ඒ partitions
තුන root , boot හා
swap කියල හදුන්වනව.
swap – මෙයා හදන්න ඔන
ram එක වගේ දෙගුණයක්.
boot(/boot) – මෙයා 200 mb වගේ
ගානක් දුන්නාම ඇති.
root(/) - මෙයාට තමයි
වැඩිපුරම ඉඩ ප්‍රමාණයක් දෙන්න
ඔන.
උදාහරණයක් විදියට
අපේ 60 gb partitions එක
මෙන්න මේ විදියට තමයි බෙදෙන්නෙ
swap- ram එක 1gb(1024 mb) කියල
හිතුවොත් swap එක
2048 mb දෙන්න .
boot- 250 mb
root -60 gb වලින් swap හා
boot partitions වලට යන ගණන
අයින් කරහම එන ප්‍රමාණය.
(ආසන්නව 56 gb වගේ)
ඔන්න ඔය විදියට
තමයි partitions කරගන්න
ඔන (මේක කරන්න
පුලුවන් සරලම ක්‍රමයක් විතරයි
මීට වඩා ගොඩක් Advanced විදියට
කරන්න පුලුවන්)
උඩ තියෙන වගේ එකකින්
තමයි partitions කරන්න
දෙන්නෙ. ඔය තියෙන්නෙ කොටස්
හතරකට බෙදෙපු hard disk එකක්.
add කියන button එක
click කරහම පහල තියෙන
වගේ වින්ඩෝ එකක් එනව ඒකෙන්
තමයි හදන partitions එකේ
ප්‍රමාණය,ෆොමැට්
එක, mount point එක(එ
කිව්වෙ root ද boot
ද swap කියන
එක) තෝරන්නෙ.
format type- වින්ඩෝස් වල
තියෙන්නෙ ntfs කියල
format එකක් කියල ඔයාල
දන්නවනෙ ? ඒ වගේ
උබුන්ටු වලත් තියෙනව format
type කිහිපයක් අලුතෙන්ම
ආපු ටයිප් එක තමයි Ext4 කියන
වර්ගය. Ubuntu තියන
partitions (/)එක
අනිවාර්යෙන්ම මේ ext ටයිප්
එකකට format කරන්න
ඔන. boot එකත් එ විදියටම
තමයි.අපි කලින්
හදන්න හිතන් හිටි partition table
එකේ 100 gb කොටස්
දෙකක් තිබුනනෙ.ඒව වඩා හොඳයි
ntfs වලට format කරොත්. මොකද
හදිස්සියෙවත් වින්ඩෝස් තියෙන
කම්පියුටර් එකකට hard disk එක
හයි කරල බලන්න උනොත් එහෙම පොඩි
අවුලක් වෙනව ext4 type එක
වින්ඩෝස් වලදි පේන්නෙ නැති
නිසා.
5.ඊළඟට තියෙන්නෙ time zone එක තෝරගන්න.
6.keyboard layer එක තෝරන්න.
වෙනස් කරන්න එපා
default එන එකම තියන්න.
7.user name password ලබා දෙන්න.
8.Complete
ඊළඟට ඉන්ස්ටෝල් කිරීම ඉවර කරන්න තියෙන්නෙ.
2.වින්ඩෝස් හා උබුන්ටු
යන දෙකම ඉන්ස්ටෝල් කිරීම(
වින්ඩෝස් තුලටම ඉන්ස්ටෝල් කිරීම).
මේක කරන්න අනිවාර්යෙන්ම
කම්පියුටර් එකට මුලින් වින්ඩෝස් දාල තියෙන්න
ඔන.මේහෙම ඉන්ස්ටෝල්
කරනකොට partition කරන
වැඩ කිසි එකක් නෑ හරිම ලේසියි.
තියෙන partition එකකටම
තමයි ඉන්ස්ටෝල් වෙන්නෙ.
හැබැයි අවුලකට
තියෙන්නෙ මෙහෙම ඉන්ස්ටෝල
කරහම උබුන්ටු වල උපරිම
performance ලැබෙන්නෙ
නැති එක. ඉන්ස්ටෝල්
කර ගන්නෙ මෙහෙමයි වින්ඩෝස්
වලින් ලොග් වෙලා උබුන්ටු cd
එක රොම් එකට දාන්න
ඊළඟට මේ මෙනු එක එනව
මෙතනින් install
inside windows කියන එක click
කරන්න.ඊළඟට
එන මෙනු එකෙන් ඉන්ස්ටෝල් කරන්න
ඔන තැන(වැඩි ඉඩ
පරමාණයක් තියෙන partition එකක්
තෝර ගන්න ),ප්‍රමාණය
(උබුන්ටු සඳහා
කොයි තරම් ප්‍රමාණයක් ඉඩ වෙන්
කරනවද කියන එක ),භාෂාව
තෝරන්න password,user name ලබා
දෙන්න.
ඊළඟට ඉන්ස්ටෝල්
button එක click කරල
ඉන්ස්ටෝල් කරන්න.
වැඩ ඔක්කොම ඉවර උනාට
පස්සෙ computer එක
restart කරන්න.එතකොට
මේ විදියට ඉන්ස්ටෝල් උන එක
පෙන්නාවි.
ඕනම වෙලාවක වින්ඩෝස්
වල add/remove programs වලට
ගිහින් ඉන්ස්ටෝල කරපු os එක
සාමන්‍ය programma එකක්
වගේම ඉවත් කරන්න පුලුවන්.
- වින්ඩෝස් හා උබුන්ටු යන දෙකම ඉන්ස්ටෝල් කිරීම
මෙතනදි කරන්නෙත්
පළවෙනි ක්‍රමයට කරපු දේම
තමයි.පළවෙනි එකේ
ගනිපු උදාහරණෙම මම මේකත ගන්නම්.
අපි හිතමු අපට ඔන
අපේ 320 Gb hard disk එක
100gb කොටස් දෙකයි
60gb කොටස් දෙකකටයි
partition කරල් එක 60
gb කොටසකට වින්ඩෝස්
හා අනික් 60gb කොටසට
උබුන්ටු දාගන්න ඔන කියල.
එතකොට අපි හදාගන්න
ඔන partition ප්‍රමාණය.
100 gb – දෙකයි
60 gb – එකයි (windows
සඳහා)
ඉතුරු 60 gb partition කරල කලින් වගේ
උබුන්ටු වලට තුනක් හදා ගන්න
ඔන.
x gb -1
y gb -1
z gb -1
මුලින්ම ඉන්ස්ටෝල්
කරන්න ඔන වින්ඩෝස් ඒක
අනිවාර්යයි.වැඩේ
ලේසි වෙන්න මෙන්න මේ විදියට
කරන්න.
වින්ඩෝස් දානකොට
hard disk එක 100gb -2 , 60
gb -2 කොටස් වලට partition
කරල එක 60 gb එකකට
windows දාන්න.ඊළඟට
Ubuntu දාන කොට
පරිස්සමින් අනිත් 60 gb partition
එක තෝරල එක අයෙත්
කොටස් තුනකට (root,boot හා swap සඳහා) partition කරල. පළවෙනි ක්‍රමේදි කියල දුන්න පිළිවෙලට
දිගටම කරගෙන යන්න.
9 comments:
ඉතාම වැදගත් ලිපියක් , උබුන්ටු මුලින්ම දාල වින්ඩෝස් දැම්මාම මැකිල යන උබුන්ටු බූට් ලෝඩර් එක , ලයිව් සීඩී එකක් හරහා රිකවර් කරගන්න හැකියාවකුත් තියනව (මගෙන් නම් අහන්න එපා , මම කරන විදිහ නම් දන්නේ නැ :D )
ඒ ගැන දැනුවත් කරාට ස්තූතියි.
ස්තුතියි දැනුවත් කිඍිමට. ගොඩාක් කාලීන, වැදගත් ලිපියක්... ජය !
ඇයි ලිනක්ස් මින්ට් හැලිල තියෙන්නෙ..දැන් පොපියුලර්ම ලිස්ට් එකේ ඉන්න කෙනෙක් තමා ලිනක්ස් මින්ට්..අපිට කමේන්ට් කරන්න අමාරුයි වර්ඩ් වේරිෆිකේසණ් නිසා..
indi මම හිතන්නෙ ඔයා ඒක දැකල නෑ 6. වෙනි ස්ථානයෙ තියෙන්නෙ ලිනක්ස් මින්ට තමයි.
මේ අලුන් බ්ලොගර් ඉන්ටර්ෆේස් එකේ word verification අයින් කරන තැන හොයා ගන්න බැරි උනා අයෙ පරණ ඉන්ටර්ෆේස් එකට ගිහින් තමයි අයින් කරේ.
niyama blog eka machan.... digatama karapan
ayye mama use karanne...Hanthana Linux os eka...eka honda ekak neweida...
උබුන්ටු සහ වින්ඩෝස් dual boot කිරීම
http://www.youtube.com/watch?v=Y_wl_EvtuNo&feature=related
වින්ඩෝස් තුළ උබුන්ටු ස්ථාපනය කිරීම
http://www.youtube.com/watch?v=rxIqrBTA11U&feature=relmfu
Post a Comment