11. විචල්‍ය
(වේරියබල්)
අපි
කම්පියුටරෙන් මොකක් හරි වැඩක්
කරනකොට අපි භාවිතා කරන සමහර
දත්ත RAM මෙමරි එකේ
තැම්පත් කරල තියාගන්නව කියල
ඔයාල දන්නවනෙ. Ram එක
කුඩා කොටස් ගණනාවකට බෙදල
තියෙන්නෙ ඒ හැම කොටසකටම එකිනෙකට
වෙනස් ඇඩ්ඩ්‍රස් තියෙනව හරියට
අපෙ ගෙවල් වලට තියෙනව වගේ අපි
ඒ කුඩා කොටසක් හදුන්වනව memory
location එකක් කියල.
ඒව ඇතුලෙ තමයි අපේ
දත්ත ගබඩා වෙලා තියෙන්නෙ.
ප්‍රෝග්‍රැමර්ස්
ලට පුලුවන් ඒ අඩ්ඩ්‍රස් වෙනස්
කරගන්න කැමති විදියකට. අන්න
එහෙම වෙනත් නමකින් memory
location එකක් වෙන් කර
ගත්තම අපි එකට කියනව variable
එකක් කියල.මේ
variable එකක එක පාරකට
save කරන්න පුලුවන්
එක වර්ගයක දත්ත විතරයි.
Shell ගැන
කතා කරනකොට අපි variables දෙකක්
ගැන කතා කරනව ඒව තමයි.
- System Variables (SV)- මේව හදල තියෙන්නෙ shell හදපු අයම තමයි අපට වෙනස් කරන්න බෑ නිතරම මේව ලියන්නෙ ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින්.
- User defined Variables (UDV) – මේව හදල නඩත්තු කරන්නෙ User ඒ කියන්නෙ අපි. මේ වේරියබල්ස් ලියනකොට ලියන්නෙ ඉංග්‍රීසි සිම්පල් අකුරු වලින්.
මම
දැන් දෙනව ගොඩක් වැදගත් වෙන
SV කිහිපයක් ඒව
මේව වෙනස් කරන්න යන්න නම් එපා.
එහෙම කරොත් සමහර
විට අවුල් අතිවෙන්න පුලුවන්.
01.BASH - මේකෙ
තියෙන්නෙ අපේ computer එකේ
තියෙන shell වර්ගය(නම).
02.BASH_VERSION
-computer එකේ තියෙන shell
version.
03.COLUMNS- අපේ
ස්ක්‍රීන් එකේ තියෙන columns
ගණන.
04.HOME- අපේ
home directory එකේ name
එක.
05.LINES- අපේ
ස්ක්‍රීන් එකේ තියෙන ළlines
ගණන.
06.LOGNAME-දැනට
අපි ලොග් වෙලා ඉන්න නම.
07.OSTYPE- අපේ
තියෙන OS එකේ වර්ගය.
08.PATH-path වල
සැකැස්ම.
09.PS1-අපේ
ප්‍රොම්ට්(prompt) සැකැස්ම
10.PWD -අපි
දැනට ඉන්න ඩිරෙක්ටරි එක.
11.SHELL-මේකෙ
තියෙන්නෙ අපේ computer එකේ
තියෙන shell වර්ගය(නම).
12.USERNAME- දැනට
ලොග් වෙලා ඉන්න කෙනාගෙ username
එක.
මේ
තියෙන හැම වේරියබල් එකකම මොනව
හරි අගයක් save වෙලා
තියෙනව ඔයාලට ඒක බලා ගන්න ඔන
නම් මෙන්න මෙහෙම කරල බලන්න.
echo $BASH
echo $USERNAME
මෙහෙම
හැම variable එකකම තියෙන
අගයන් ප්‍රින්ට් කරල බලන්න
පුලුවන් අනිව $ මාර්ක්
එක තියෙන්න ඕන Variable එකට
ඉස්සරහින් හරිද ? මෙන්න
මෙහෙම කරොත් ප්‍රින්ට් වෙන්න
වෙන එකක්
echo BASH
වේරියබල්
එකේ නම ම තමයි ප්‍රින්ට් වෙන්නෙ.
අපට
පුලුවන්
BASH=”කැමති
වැලියු එකක්”
කියල දීල BASH
කියන SV එකේ
අගය වෙනස් කරන්න ඒත් එහෙම
කරන්න යන්න එපා. ඒ
වෙගේ ඒව පස්සෙ කරල බලන්න
පුලුවන්.
12.User defined
variables ගැන කතා කරමු
දැන්
අපි
හදමු name කියල
variable එකක් ඒකට
assign කරමු Nimal
කියල ඒක කරන්නෙ
මෙහෙමයි
name=nimal
හරිම
සරලයි මෙන්න මේකයි පොදු ක්‍රමය
වේරියබල් හැදීමේ
වේරියබල්
එකේ නම=assing කරන්න
බලාපොරොත්තු වෙන අගය
මතක
තියාගන්න name = nimal කියල
සමාන ලකුන දෙපැත්තෙ ඉඩ (spaces)
තියන්න බැරි බව.
මෙන්න
තව එව්ව ටිකක්
- animal=cat
- blogs=madterminal.blogspot.com
- vehicle=car
- integer=15
- double=19.258
හැබැයි
මෙන්න මෙහෙම නම් කරන්න බෑ හරිද
15=integer
මේවගේ value එකට
නමක් දාන්න නම් බෑ එතකොට
වැරදියි. නිතරම
දාන අගය තියෙන්න ඔන දකුණු
පැත්තෙ.
01.animal=cat
02.blogs=madterminal.blogspot.com
03.vehicle=car
මේ
තියෙන ඒව අර්ත දක්වන්නෙ මෙහෙමයි
animal=cat
-:Animal having cat සත්තු අතර
තමයි පූස ඉන්නෙ
blogs=madterminal.blogspot.com
-:blogs having madterminal.blogspot.com බ්ලොග්
වල තමයි madterminal.blogspot.com තියෙන්නෙ.
vehicle=car -:
vehicle having car වාහන වල තමයි
car තියෙන්නෙ.
වේරියබල්
නාමකරණයේ නීති රීති. next පාඩමෙන් බලාපොරොත්තු වෙන්න.
1 comments:
this is good post
Post a Comment