2013-02-02

windows share මවුන්ට් කරමු full permission එක්ක.




මම අද මේ කියන වැඩේ නෙට්වර්ක් වල වැඩ කරන අයට ගොඩක් වැදගත් වෙයි.විශේෂයෙන්ම ලිනක්ස් හා වින්ඩෝස් computer දෙවර්ගයම තියන නෙට්වර්ක් වල වැඩ කරන අයට ගොඩක්ම වැදගත් වෙයි.අපට පහල තියෙන කමාන්ඩ් එකෙන් පුලුවන් windows computer එකක තියන share එකක් අපේ ලිනක්ස් computer එකට mount කරගන්න.

 sudo mount -t cifs //192.168.0.3/Tutorials -o username=pc,password=mypw /mnt/wshares

 cifs - නෙට්වර්ක් file system එක මේ වෙනුවට smbfs කියල එකකුත් තියනව ඒක ටිකක් පරනයි.
 //192.168.0.3/ - mount කරගන්න ඕන computer එකේ ip එක.
 Tutorials - mount කරගත යුතු folder එක.
  -o username=pc,password=mypw - windows computer එකේ un හා password එක.
 mount කරන ස්ථානය. (file system එකේ mnt ෆෝල්ඩරය තුල ඇති මා සාදාගත් wshares ෆෝල්ඩර් එක)

මේකෙන් share එක mount උනාට අපට share එකේ write permssion එක ලැබෙන්නෙ නෑ. එහෙම ලබාදීල තිබුනත් වින්ඩෝස් වලදි. :D
අපි හිතමු අපිට නෙට්වර් එකේ ඉදගෙන eclips හෝ netbeans project එකක් එහෙම edit කරන්න ඕන කියල,වින්ඩෝස් share එකක තියන.
එතකොට edit කරන්න තියා project එක බලන්න වත් බෑ මොකද netbeans හෝ eclips වල open dialog box වල network shares පෙන්නන්නෙ නැති නිසා.
දැන් මම කියන්නම් කොහොමද මේක write permission එකත් එක්ක file system එකේ කොහේට හරි mount කරගන්න ඕන කියල. පහල තියන කමාන්ඩ් එකෙන් ඒක පුලුවන්

sudo mount -t cifs //192.168.0.3/Tutorials -o username=pc,password=mypw,rw,gid=500,uid=1000,umask=0000 /mnt/wshares

කලින් එකම තමා පොඩ්ඩක් කැලි වැඩියි.

rw - read / write අවසර
GID- Group identification number
uid  - user id එක මෙතනට තමන්ගෙ uid එක දෙන්න ඕන. ඒක බලාගන්න terminal එකේ id -u username කමාන්ඩ් එකෙන් පුලුවන් username කියන තැනට
තමන් ලොග් වෙලා ඉන්න user account එකේ නම දෙන්න.
umask - file permission ලෙවෙල් එක.

උඩ තියන command එක හරියට ගැහුව නම් ඊළඟට තමන් log වෙලා ඉන්න Account එකේ පාස්වර්ඩ් එක අහවි දැන් ඒක ලබා දීල /mnt/wshares වලට ගිහින් බැලුවොත් mount උන ඒව පෙනෙයි(තමන් mount කරගනිපු තැන.).

අපි ගියා. bye
 තව ටිකෙන් අමතක වෙනව unmount කරගන්න කමාන්ඩ් එක
sudo umount /mnt/wshares
Share:

2013-01-02

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 11


  1. ඇයි මේ Command Line arguments අවශ්‍ය වෙන්නෙ.

ප්‍රධාන කාරණා දෙකක් තියෙනව.
      1. කමාන්ඩ් එකට අවශ්‍ය option එකක් ලබා දීමට.
        echo -e “mad”
        මේකෙ මේ -e කියල තියෙන්නෙ පළමු argument එක ඒක echo කියන command එකේ option එක.
      2. කමාන්ඩ් එකට මොන files reading and writing කරන්න ඕන කියල ලබා දෙන එක.
        rm කියන කමාන්ඩ් එකෙන් පුලුවන් file එකක් remove කරන්න ඒ කිව්වෙ delete කරන්න ඉතින් එහෙම කරන්න මොන file එකද අයින් කරන්න ඔන කියල කමාන්ඩ් එකට දෙන්න ඔන. ඒක කරන්නෙ මෙහෙමයි.
rm file එකේ නම
rm filename
ඊළඟට බලමු කොහොමද command line arguments අපේ shell ස්ක්‍රිප්ට් එකට pass කරන්නෙ කියල.
අපි හදපු my.shell කියල ශෙල් script එකක් තියනව කියල හිතමු. දැන් ටර්මිනල් එකෙන් ඒක රන් කරමු 24 කියන argument එකත් pass කරගෙන.
./my.shell 24
මේවගේ අපට කැමති arguments ගණනක් pass කරන්න පුලුවන්.ඊළඟට බලමු කොහොමද අපි ටර්මිනල් එකෙන් පාස් කරපු arguments ශෙල් එක ඇතුලෙදි අල්ල ගන්නෙ කියල.අපි හිතමු අපි අපි argument තුනක් පාස් කරා කියල ඒ තුන අපට $1 , S2 , $3 කියල හදා ගනිපු වේරියබල් තුනකින් ඒ පාස් කරපුව අල්ල ගන්න පුලුවන්. සරලවම කිව්වෙත් $1 කියල හදපු වේරියබල් එකට පළමු argument එකත් $2 ට දෙවනි argument එකත් S3 ට තුන්වෙනි argument එකත් assign වෙනව.තවමත් පැහැදිලි නැත්තම් මේ උදාහරණය බලන්න.


අපි මුලින්ම හදාගනමු my.shell කියල script එකක් ඒකෙ මෙන්න මෙහෙම ටයිප් කරල save කරගන්න.
#########################################

# gedit my
#!/bin/bash
# Catch arguments
# sh scriptname 1 2 3

echo "My 1st Argument is : $1"
echo "My 2nd Argument is : $2"
echo "My 3rd Argument is : $3"
#########################################

දැන් ටර්මිනල් එකේ මේක රන් කරනකොට මෙන්න මේ විදියට argument තුනකුත් එක්ක රන් කරන්න.
./my.sh 5 9 4
resutl එක මෙන්න මේ විදියට පෙනේවි.

My 1st Argument is : 5
My 2nd Argument is : 9
My 3rd Argument is : 4
අපි පාස් කරපු එක shell එක ඇතුලෙදි අල්ලගෙන ප්‍රින්ට් කරපු එක තමයි මෙතනදි සිද්ද උනෙ.තව වැදගත් වෙන දේවල් කිහිපයක් බලමු ඊළඟට
01. $0 කියන වේරියබල් එකක් හැදුවොත් ඒකට assign වෙනව shell එකේ නම. 
02.$* හරි $@ කියන ඒවයින් ටර්මිනල් එකෙන් එවන argument  
   ඔක්කෙම  එක පාරට අල්ල ගන්න පුලුවන්.

මේ උදාහරන කරල බලන්න ඒවයින් තේරුම් ගන්න පුලුවන් ලේසියෙන්ම.

Arguments කැමති ගානකුත් එක්ක මේක රන් කරන්න.

#########################################

# gedit my
#!/bin/bash
# Catch arguments
#
echo "My Arguments are : $@"
#########################################



Arguments තුනක් එක්ක මේක රන් කරන්න.

#########################################

# gedit my
#!/bin/bash
# Catch arguments
#
echo "My Argument name is : $0"
echo "My Arguments are : $1"
echo "My Arguments are : $2"
echo "My Arguments are : $3"
#########################################

තව මතක තියා ගන්න ඕන කරුණක් තමයි $0,$2,$3 කියල අර්ගියුමන්ට් අල්ල ගන්න වේරියබල් අපට script එක ඇතුලෙ ආයෙ භාවිතා කරන්න බැරි බව.

නැවත හමුවෙමු.  

කට්ටිය අපේ ලිනක්ස් Communtiy  එකට උදව් දෙන්නත් ඕන කියල මතක තියාගන්න.

 

Share:

2012-12-18

ලංකාවේ විශාලතම OpenSource Community එලිදැක්වීමට නියමිතයි

 
http://linuxlanka.com/

පොදුවේ ලිනක්ස් භාවිතා කරන්නන් හට ඇතිවන ගැටලු වලට විසදුම් ලබා ගැනීමට හා ඒ ගැන උනන්දුව ඇති පිරිසට තම දැනුම් අන් අය හා බෙදා ගැනීමට අත්වැලක් සැපයීම මෙහි අරමුණයි. තවද ප්‍රජාව තුල open source software හා සේවාවන් පිළිබද ප්‍රචලිත කිරිම හා දැනට රට තුල ක්‍රියාත්මක open source projects හා සේවාවන් වලට වැඩි වටිනා කමක් ලබා දීමටය.
Share:

2012-12-07

ලිනක්ස් වලට Photoshop (Photoshop Cs5 for Linux)


කලින් පොස්ට් එකෙන් Dreamviewer ඉන්ස්ටෝල් කර ගන්න ඇති කියල හිතනව.අද දෙන්න යන්නෙ Adobe photoshop. වයින් මත තමයි ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ  Dreamviewer install කරපු විදියටම තමයි කරන්න තියෙන්නෙ.
මෙතනින් බාගන්න. Download now
අපි ගියා එහෙනම් comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.
Share: