2011-11-11

ඔයාලගෙ Nokia දුරකතනයට ඇන්ඩ්‍රොයිඩ් දාගන්න කැමතිද? (Android for Nokia Phones)





ඇත්තම කිව්වොත් නොකිය phone එකකට ඇන්ඩ්‍රොයිඩ් දාන්න බැහැ. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් දැම්ම වගේ පොඩි ප්‍රෝඩාවක් කරන්න පුලුවන්. ප්‍රෝඩාවක් උනාට මේක සුපිරි ගණයේ එකක්. ඇන්ඩ්‍රොයිඩ් තියන phone එකක් use කරන අත්දැකීමම විදගන්න පුලුවන් මේකෙන්. (මේක them එකක් නෙවෙයි) පොඩි software එකක්. දැන් මම කියන්නම් කොහොමද ඒක දාගන්නෙ කියල.තව ටිකෙන් අමතක වෙනව කියන්න ඇන්ඩ්‍රොයිඩ් විතරක් නෙවෙයි ඔන නම් Apple mobile OS , windows mobile OS , Black Berry mobile OS , Ubuntu වගේ එවත් දාගන්න පුලුවන්. හරිම සරලයි.

    Symbian S60 5th Edition Software වලට සහය දක්වන phones වලට විතරයි මේක දාන්න පුලුවන්.( Google වල search පාරක් දාල බැලුවොත් අනික් versions හොයාගන්න බැරි වෙන එකක් නෑ)

    1. පහල link එකෙන් සොෆ්ට්වෙයා එක download කරගෙන extract කරගන්න. Download Click Me 

    2. දැන් ඒක ඔයාගෙ phone එකේ මෙමරි කාඩ් එකට කොපි කරන්න.

    3. ඔයා දාගනිපු folder එක ඇතුලෙ තියන Gdesk v0.33g Install SIS කියන folder එක ඇතුලට ගිහින් ඒකෙ තියන .sis ෆයිල් ඔක්කොම ටික ඉන්ස්ටෝල් කරන්න.(phone එකෙන් කම්පියුටර් එකෙන් නෙවෙයි)

      1. දැන් ඔයාලගෙ phone එකේ Applications වල installed apps. ෆොල්ඩර් එකට ගිහින් ඒකෙ තියන Gdesk කියන application එක ඔපන් කරන්න. දැන මේවගේ එකක් දකින්න ලැබෙයි.

      2. මේක උඩ ටච් කරාම එන මෙනු එකෙන් design කියන එක select කරන්න දැන මේ වගේ එකක් එනව.

      3. මේ මෙනු එකේ තියන Load Design කියන එක කියන එක select කරන්න.
      4. දැන් මෙමරි කාඩ් එක select කරල අපි download කරල phone එකට දාගනිපු folder එක ඇතුලෙ තියන Android 2.1.gdd කියන file එක open කරන්න.

      5. ඔන්න දැන් වැඩේ හරි දැන් ඔයාලට මෙන්න මේ වගේ දැක ගන්න පුලුවන්.


        දැන් කැමති විදියට customize කරගන්න. මොනා හරි අවුලක් උනොත ආයෙ කලින් විදියට Load Design ගිහින් Android 2.1.gdd කියන file එක open කරන්න. එතකොට ආයෙ මුල් තත්වෙට පත්වෙනව.

      6. මේ ලින්ක් එකෙන් ගිහින් තව තව Desing download කරගන්න.
        http://gdesk.wetpaint.com/page/GDesk+designs
     
Share:

2011-11-10

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 08



15.echo කමාන්ඩ් එක ගැන........

මේ කමාන්ඩ් එක අපි කලින් use කරානෙ. ඒකෙන් අපි කරේ අපට අවශ්‍ය දේවල් ප්‍රින්ට් කරගනිපු එක.මේකෙ තව වැඩ කෑලි වගයක් තියෙනව අපි බලමු ඒවත්.

මේක හරියටම use කරන්නෙ මෙහෙමයි.

echo [options] [string, variables...]

මේ options කියන තැනට දාන ඒව ගැන අපි බලමු දැන්.

echo -n
-n -මේකෙන් කියන්නෙ output එක තවත් අලුත් ලයින් එකකට යවන්න එපා කියල.

echo -e
-e - මේකෙන් කියන්නෙ පහල තියෙන backslash හා specials characters වලින් ඉදිරිපත් වෙන අර්ත දැක්වීම් සක්‍රිය වෙන්න කියල.

දැන් කලින් කියපු දෙක උදාහරණ වලින් පැහැදිලි කර ගනිමු.

echo “Myname is kamal”

මේක රන් කරහම ටර්මිනල් එකේ ඊළඟ ලයින් එකේ Myname is kamal කියල ප්‍රින්ට් වෙලා ආයෙ කර්සර් එක පහල ලයින් එකට ගියා නේද ?(කර්සර් එක ට වම් පැත්තෙන් තව කම්පියුටර් එකේ නම user ගෙ නම වගේ විස්තර වගයකුත් තියෙනව මම ඒව ගැන සලකන්නෙ නැතුව තමයි කිව්වෙ)


දැන් මේක කරල බලන්න
echo -n “Myname is kamal”
මේක රන් කරහම ටර්මිනල් එකේ ඊළඟ ලයින් එකේ Myname is kamal කියල ප්‍රින්ට් වෙලා කර්සර් එක එතන ඉස්සරහම බ්ලින්ක් වෙවී තිබුන නේද ?


-n මගින් new ලයින් එකකට යන එක නවත්තනව කියල තේරුනා නේද?

ඊළඟට බලමු -e ගැන 
 
අපි echo මගින් ප්‍රින්ට් කරන්න හදන String (අකුරු ඉලක්කම් අයත් වන data type එක) එක ඇතුලෙ තියෙන special characters (key bord එකේ තියෙන backspace,escape වගේ keys නිරූපණය කරන characters ) වල නිරූපණය සක්‍රිය කරන්න කියන එක තමයි -e මගින් කියන්නෙ.

echo “Myname is kamal”
මේක රන් කරහම එන output එක දන්නවනෙ අපි දැන් මේකට special character එකක් එකතු කරමු. back space එක නියෝජනය කරන \b කියන එක තමයි එකතු කරන්නෙ.
echo “Myname is kamal'\b'”

දැන් හරි නම් out එක එන්න ඔන Myname is kama කියල ඒ මොකද \b කියන special character එකෙන් නිතරම ඊට කලින් තියෙන අකුර මකන නිසා (back space key එක ඔබන කොට වෙන දේ) ඒත් එහෙම වෙලා නෑ out එක එන්නෙ “Myname is kamal\b” කියල ඒ කියන්නෙ special character එකට අදාල දේ වෙලා නෑ කියන එක. ඊළඟට මේක රන් කරල බලන්න

echo -e “Myname is kamal'\b'”
මේකෙදි නම් out එක එනව “Myname is kama” කියල -e යොදපු නිසා special character වලට අදාල නිරූපණ සක්‍රිය වෙලා.

මෙතන තියෙනව වැදගත් වන special character කිහිපයක්
\a alert (bell)
\b backspace
\c suppress trailing new line
\n new line
\r carriage return
\t horizontal tab
\\ backslash

මේව use කරල බලන්න ඔයාල.
Share:

2011-10-26

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 07




13.වේරියබල්නාමකරණයේ නීති රීති.
01.shellවේරියබල්වලට Alphanumeric (අකුරුඉලක්කම් දෙකම අන්තර්ගත )නම්දෙන්න පුලුවන් ඒ වගේම underscore(_) එකත් භාවිතා කරන්නපුලුවන් පහල තියන උදාහරණ බලන්න.

ex-: HOME
BASH
van
_number
system_version

02.වේරියබල්වලට අගයන් assign කරනකොටමෙන්න මේවගේ සමාන ලකුණ දෙපැත්තෙඉඩ තියෙන්න බෑ හරිද ?

no = 10
name = saman 

ඒවගේම මේවත් වැරදියි 
 
no =10
no= 10

කොහොමහරි ඉඩ තියන්න බෑ = ලකුණදෙපැත්තෙ.

03.වේරියබල්නම් case-sensitive ඒකියන්නෙ අකුරු වල කැපිටල්සිම්පල් බේදය බලපානව ඒක තේරුම්ගන්න පහල තියෙන උදාහරණ බලන්න.
මුලින්මno කියල variable එකක්හදල ඒකට 10 assing කරන්න.

no=10

දැන්ඒක ප්‍රින්ට් කරල බලන්න

echo $no

10 කියලමනේද ප්‍රින්ට් වෙන්නෙ ?දැන් ආයෙ මෙහෙමකරන්න.

no=20

ආයෙත්ප්‍රින්ට් කරන්න දැන්
echo $no

උත්තරේ20 නේද ? මේකෙන්ඔයාට තේරේවි කලින් තිබුන noකියන වේරියබල් එකේvalue එකම තමයි දෙවනිපාරත් වෙනස් උනේ කියල.ඊළඟටබලන්න පහල තියෙන කතාව.
  1.  
    1.  
      1. animal=cat
      2. animaL=dog
      3. Animal=rabbit
මෙතනතියෙන වේරියබ්ල් 3ක්තුනේම නම එකමයි ඒත් ලියපු ආකාරවෙනස් තුනේම තියෙන ඒව ප්‍රින්ට්කරල බැලුවොත් එකිනෙකට වෙනස්අගයන් තමයි තියෙන්නෙ කලින්වගේ නැවත නැවත වේරියබල් valuesවෙනස් උනේ නෑ.දැන්තේරුනා නේද case-sensitive කතාව.

4. Null වේරියබල් සැදීම.

value එකක් assign නොකර හදන වේරියබල් එකක් තමයි නල් වේරියබල් එකක් කියල හදුන්වන්නෙ.ඒව හදන හැටි බලන්න දැන්


animal=
animal=” ”

මේක්‍රම දෙකටම කරන්න පුලුවන්දැන් මේක ප්‍රින්ට් කරල බලන්නඑතකොට terminal එකේහිස් ලයින් එකක් ප්‍රින්ට්වෙනව ඔයාලට බලාගන්න පුලුවන්.

5. අන්තිමටකියන්න තියෙන කරුණ තමයි ?හා * කියනලකුණු වේරියබල්ස් නම් කරනකොටයොදා ගන්න එපා කියල.ඔන්නඔය කිව්ව කරුණු 5 තමයිවේරියබල් නාමකරණයේ නීති රීතිවිදියට තියෙන්නෙ.
  1. වේරියබල් ඇක්සස් කිරීම හා ප්‍රින්ට් කිරීම
මේ ගැනනම් ඔයාල කලින් ඉගෙන ගත්ත.වේරියබල්එකක් access කරන්නෙමෙහෙමයි
$වේරියබල්එකේ නම
වේරියබල්හදන්නෙ මෙහෙමයි

flowers=rose

ඒ හදපුඑක ප්‍රින්ට් කරන්නෙ මෙහෙමයි
echo $flowers

ප්‍රින්ට්කරනකොට අනිවා $ දාන්නඔන නැත්තම් ප්‍රින්ට් වෙන්නෙවේරියබල් එකේ තියෙන value එකනෙවෙයි echo ට ඉස්සරහින්තියෙන එකමයි. $ මගින්තමයි නිතරම වේරියබල් තේරුම්ගන්නෙ.

 

  1.  
    1.  




Share:

2011-10-20

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 06



11. විචල්‍ය (වේරියබල්)

                           අපි කම්පියුටරෙන් මොකක් හරි වැඩක් කරනකොට අපි භාවිතා කරන සමහර දත්ත RAM මෙමරි එකේ තැම්පත් කරල තියාගන්නව කියල ඔයාල දන්නවනෙ. Ram එක කුඩා කොටස් ගණනාවකට බෙදල තියෙන්නෙ ඒ හැම කොටසකටම එකිනෙකට වෙනස් ඇඩ්ඩ්‍රස් තියෙනව හරියට අපෙ ගෙවල් වලට තියෙනව වගේ අපි ඒ කුඩා කොටසක් හදුන්වනව memory location එකක් කියල. ඒව ඇතුලෙ තමයි අපේ දත්ත ගබඩා වෙලා තියෙන්නෙ. ප්‍රෝග්‍රැමර්ස් ලට පුලුවන් ඒ අඩ්ඩ්‍රස් වෙනස් කරගන්න කැමති විදියකට. අන්න එහෙම වෙනත් නමකින් memory location එකක් වෙන් කර ගත්තම අපි එකට කියනව variable එකක් කියල.මේ variable එකක එක පාරකට save කරන්න පුලුවන් එක වර්ගයක දත්ත විතරයි.

Shell ගැන කතා කරනකොට අපි variables දෙකක් ගැන කතා කරනව ඒව තමයි.
  1. System Variables (SV)- මේව හදල තියෙන්නෙ shell හදපු අයම තමයි අපට වෙනස් කරන්න බෑ නිතරම මේව ලියන්නෙ ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින්.
  2. User defined Variables (UDV) – මේව හදල නඩත්තු කරන්නෙ User ඒ කියන්නෙ අපි. මේ වේරියබල්ස් ලියනකොට ලියන්නෙ ඉංග්‍රීසි සිම්පල් අකුරු වලින්.
මම දැන් දෙනව ගොඩක් වැදගත් වෙන SV කිහිපයක් ඒව මේව වෙනස් කරන්න යන්න නම් එපා. එහෙම කරොත් සමහර විට අවුල් අතිවෙන්න පුලුවන්.

01.BASH - මේකෙ තියෙන්නෙ අපේ computer එකේ තියෙන shell වර්ගය(නම). 

02.BASH_VERSION -computer එකේ තියෙන shell version.

03.COLUMNS- අපේ ස්ක්‍රීන් එකේ තියෙන columns ගණන.

04.HOME- අපේ home directory එකේ name එක.

05.LINES- අපේ ස්ක්‍රීන් එකේ තියෙන ළlines ගණන.

06.LOGNAME-දැනට අපි ලොග් වෙලා ඉන්න නම.

07.OSTYPE- අපේ තියෙන OS එකේ වර්ගය.

08.PATH-path වල සැකැස්ම.

09.PS1-අපේ ප්‍රොම්ට්(prompt) සැකැස්ම

10.PWD -අපි දැනට ඉන්න ඩිරෙක්ටරි එක.

11.SHELL-මේකෙ තියෙන්නෙ අපේ computer එකේ තියෙන shell වර්ගය(නම). 

12.USERNAME- දැනට ලොග් වෙලා ඉන්න කෙනාගෙ username එක.

මේ තියෙන හැම වේරියබල් එකකම මොනව හරි අගයක් save වෙලා තියෙනව ඔයාලට ඒක බලා ගන්න ඔන නම් මෙන්න මෙහෙම කරල බලන්න.

echo $BASH

echo $USERNAME 

මෙහෙම හැම variable එකකම තියෙන අගයන් ප්‍රින්ට් කරල බලන්න පුලුවන් අනිව $ මාර්ක් එක තියෙන්න ඕන Variable එකට ඉස්සරහින් හරිද ? මෙන්න මෙහෙම කරොත් ප්‍රින්ට් වෙන්න වෙන එකක් 
 
echo BASH
වේරියබල් එකේ නම ම තමයි ප්‍රින්ට් වෙන්නෙ.

අපට පුලුවන් 
                     BASH=කැමති වැලියු එකක්”

කියල දීල BASH කියන SV එකේ අගය වෙනස් කරන්න ඒත් එහෙම කරන්න යන්න එපා. ඒ වෙගේ ඒව පස්සෙ කරල බලන්න පුලුවන්.

12.User defined variables ගැන කතා කරමු දැන්

අපි හදමු name කියල variable එකක් ඒකට assign කරමු Nimal කියල ඒක කරන්නෙ මෙහෙමයි

name=nimal 

හරිම සරලයි මෙන්න මේකයි පොදු ක්‍රමය වේරියබල් හැදීමේ 
 
වේරියබල් එකේ නම=assing කරන්න බලාපොරොත්තු වෙන අගය 
 
මතක තියාගන්න name = nimal කියල සමාන ලකුන දෙපැත්තෙ ඉඩ (spaces) තියන්න බැරි බව.

මෙන්න තව එව්ව ටිකක්
      1. animal=cat
      2. blogs=madterminal.blogspot.com
      3. vehicle=car
      4. integer=15
      5. double=19.258
හැබැයි මෙන්න මෙහෙම නම් කරන්න බෑ හරිද

15=integer

 මේවගේ value එකට නමක් දාන්න නම් බෑ එතකොට වැරදියි. නිතරම දාන අගය තියෙන්න ඔන දකුණු පැත්තෙ.

01.animal=cat
02.blogs=madterminal.blogspot.com
03.vehicle=car

මේ තියෙන ඒව අර්ත දක්වන්නෙ මෙහෙමයි

animal=cat -:Animal having cat සත්තු අතර තමයි පූස ඉන්නෙ
blogs=madterminal.blogspot.com -:blogs having madterminal.blogspot.com බ්ලොග් වල තමයි madterminal.blogspot.com තියෙන්නෙ.

vehicle=car -: vehicle having car වාහන වල තමයි car තියෙන්නෙ.

වේරියබල් නාමකරණයේ නීති රීති. next පාඩමෙන් බලාපොරොත්තු වෙන්න.

Share:

2011-10-19

වැඩකාරයෙක් නම් මේක විසඳන්න..


මේක පොඩි ගණිත ගැටලුවක්. සමහර අය නම් දන්නවා ඇති ඒ අය අනිත් අයට පොඩ්ඩක් හිතන්න ඉඩ දෙන්න. පිළිතුර එකපාරටම කියන්න යන්න එපා.


ගැටලුව -: ළමයි තුන්දෙනෙක් හිටිය මේ තුන්දෙනා දවසක් කඩේකට ගියා තේ බොන්න.අන්තිමට ඒ අයගෙ බිල රුපියල් 25 දැන් එක් එක් කෙනා රුපියල් දහය බැගින් දෙනව කඩේට ඒ කියන්නෙ රුපියල් 30. දැන් මේ අයගෙ බැලන්ස් එක රුපියල් 5 නෙ,මුදලාලි ඒ රුපියල් පහ දෙන්නෙ රුපියලේ කාසි 3 යි දෙකේ කාසි 1 යි.දැන ළමයි තුන් දෙනා රුපියලේ කාසි තුන බෙදා ගන්නව. ඉතුරු රුපියල් දෙක වේටර්ට ටිප් එකක් විදියට දෙනව. එතකොට ගාන ඔක්කොම හරිනෙ. 

දැන් ගැටලුව මේකයි එක් ළමයෙක්ගෙන් වියදම රුපියල් 9 නෙ (ළමයෙක් කඩේට රුපියල් 10 ක් දුන්න අන්තිමට මුදලාලි දුන්න 5 න් දෙකක් වේටර්ට දීල ඉතුරු රුපියල් තුන එක් එක් ළමය බෙදා ගත්තනෙ) එතකොට මුලු ගාණ මෙහෙමනෙ.

 එක් ළමයෙක්ගෙන් වියදම        = රු  9 
ළමයි තුන්දෙනාගෙන්ම වියදම     = රු  9 * 3
                                         = රු   27/=
වේටර්ට දුන්න ටිප් එක             = රු     2/=

එතකොට මුලු වියදම                = රු   27 + 2 
                                         = රු    29/=

දැන් තියන ප්‍රශ්නෙ ඉතුරු රුපියලට මොකද උනේ ?
Share: