2013-01-02

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 11


  1. ඇයි මේ Command Line arguments අවශ්‍ය වෙන්නෙ.

ප්‍රධාන කාරණා දෙකක් තියෙනව.
      1. කමාන්ඩ් එකට අවශ්‍ය option එකක් ලබා දීමට.
        echo -e “mad”
        මේකෙ මේ -e කියල තියෙන්නෙ පළමු argument එක ඒක echo කියන command එකේ option එක.
      2. කමාන්ඩ් එකට මොන files reading and writing කරන්න ඕන කියල ලබා දෙන එක.
        rm කියන කමාන්ඩ් එකෙන් පුලුවන් file එකක් remove කරන්න ඒ කිව්වෙ delete කරන්න ඉතින් එහෙම කරන්න මොන file එකද අයින් කරන්න ඔන කියල කමාන්ඩ් එකට දෙන්න ඔන. ඒක කරන්නෙ මෙහෙමයි.
rm file එකේ නම
rm filename
ඊළඟට බලමු කොහොමද command line arguments අපේ shell ස්ක්‍රිප්ට් එකට pass කරන්නෙ කියල.
අපි හදපු my.shell කියල ශෙල් script එකක් තියනව කියල හිතමු. දැන් ටර්මිනල් එකෙන් ඒක රන් කරමු 24 කියන argument එකත් pass කරගෙන.
./my.shell 24
මේවගේ අපට කැමති arguments ගණනක් pass කරන්න පුලුවන්.ඊළඟට බලමු කොහොමද අපි ටර්මිනල් එකෙන් පාස් කරපු arguments ශෙල් එක ඇතුලෙදි අල්ල ගන්නෙ කියල.අපි හිතමු අපි අපි argument තුනක් පාස් කරා කියල ඒ තුන අපට $1 , S2 , $3 කියල හදා ගනිපු වේරියබල් තුනකින් ඒ පාස් කරපුව අල්ල ගන්න පුලුවන්. සරලවම කිව්වෙත් $1 කියල හදපු වේරියබල් එකට පළමු argument එකත් $2 ට දෙවනි argument එකත් S3 ට තුන්වෙනි argument එකත් assign වෙනව.තවමත් පැහැදිලි නැත්තම් මේ උදාහරණය බලන්න.


අපි මුලින්ම හදාගනමු my.shell කියල script එකක් ඒකෙ මෙන්න මෙහෙම ටයිප් කරල save කරගන්න.
#########################################

# gedit my
#!/bin/bash
# Catch arguments
# sh scriptname 1 2 3

echo "My 1st Argument is : $1"
echo "My 2nd Argument is : $2"
echo "My 3rd Argument is : $3"
#########################################

දැන් ටර්මිනල් එකේ මේක රන් කරනකොට මෙන්න මේ විදියට argument තුනකුත් එක්ක රන් කරන්න.
./my.sh 5 9 4
resutl එක මෙන්න මේ විදියට පෙනේවි.

My 1st Argument is : 5
My 2nd Argument is : 9
My 3rd Argument is : 4
අපි පාස් කරපු එක shell එක ඇතුලෙදි අල්ලගෙන ප්‍රින්ට් කරපු එක තමයි මෙතනදි සිද්ද උනෙ.තව වැදගත් වෙන දේවල් කිහිපයක් බලමු ඊළඟට
01. $0 කියන වේරියබල් එකක් හැදුවොත් ඒකට assign වෙනව shell එකේ නම. 
02.$* හරි $@ කියන ඒවයින් ටර්මිනල් එකෙන් එවන argument  
   ඔක්කෙම  එක පාරට අල්ල ගන්න පුලුවන්.

මේ උදාහරන කරල බලන්න ඒවයින් තේරුම් ගන්න පුලුවන් ලේසියෙන්ම.

Arguments කැමති ගානකුත් එක්ක මේක රන් කරන්න.

#########################################

# gedit my
#!/bin/bash
# Catch arguments
#
echo "My Arguments are : $@"
#########################################



Arguments තුනක් එක්ක මේක රන් කරන්න.

#########################################

# gedit my
#!/bin/bash
# Catch arguments
#
echo "My Argument name is : $0"
echo "My Arguments are : $1"
echo "My Arguments are : $2"
echo "My Arguments are : $3"
#########################################

තව මතක තියා ගන්න ඕන කරුණක් තමයි $0,$2,$3 කියල අර්ගියුමන්ට් අල්ල ගන්න වේරියබල් අපට script එක ඇතුලෙ ආයෙ භාවිතා කරන්න බැරි බව.

නැවත හමුවෙමු.  

කට්ටිය අපේ ලිනක්ස් Communtiy  එකට උදව් දෙන්නත් ඕන කියල මතක තියාගන්න.

 

Share:

2012-12-18

ලංකාවේ විශාලතම OpenSource Community එලිදැක්වීමට නියමිතයි

 
http://linuxlanka.com/

පොදුවේ ලිනක්ස් භාවිතා කරන්නන් හට ඇතිවන ගැටලු වලට විසදුම් ලබා ගැනීමට හා ඒ ගැන උනන්දුව ඇති පිරිසට තම දැනුම් අන් අය හා බෙදා ගැනීමට අත්වැලක් සැපයීම මෙහි අරමුණයි. තවද ප්‍රජාව තුල open source software හා සේවාවන් පිළිබද ප්‍රචලිත කිරිම හා දැනට රට තුල ක්‍රියාත්මක open source projects හා සේවාවන් වලට වැඩි වටිනා කමක් ලබා දීමටය.
Share:

2012-12-07

ලිනක්ස් වලට Photoshop (Photoshop Cs5 for Linux)


කලින් පොස්ට් එකෙන් Dreamviewer ඉන්ස්ටෝල් කර ගන්න ඇති කියල හිතනව.අද දෙන්න යන්නෙ Adobe photoshop. වයින් මත තමයි ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ  Dreamviewer install කරපු විදියටම තමයි කරන්න තියෙන්නෙ.
මෙතනින් බාගන්න. Download now
අපි ගියා එහෙනම් comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.
Share:

2012-11-28

ලිනක්ස් වලට Dreamviewer (Dreamviewer for Linux)


                                        ගොඩ කාලෙකින් තමා මේ පැත්තට ආවෙ ආපහු බ්ලොග් එක ලියනව කියල හිතුව. මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනව වේබ් development කරන අයට. මම අද දෙන්නෙ හදන්නෙ Dreamviewer  CS5 software එක මේකෙ තියන විශේෂත්වය තමයි මේක LINUX වලත්  වැඩ කරන එක (wine මත). ලේසි වැඩ්ක් තියෙන්නෙ. පහල තියෙන ලින්ක් එකෙන් මේක download කරගෙන wine emulator එකෙන් open කරල සාමන්‍ය විදියට(windows වල කරන විදියට) install කරගන්න. මතක තියාගන්න මේක වැඩ කරන්න wine තියෙන්න ඕනමයි කියන එක wine නැත්තම් පහල තියන command එක tarminal එකේ රන් කරල install කර ගන්න.

 sudo apt-get install wine1.4

Download Link 

ලින්ක්ස් වලත් Dreamviewer තරමට advanced නැති application එකක් තියෙනව KompoZer කියල


http://www.kompozer.net/index.php  වලින් හරි software center එකන් මේක ලේසියෙන්ම download කරගන්න පුලුවන්.
 ඔන්න එහෙනම් අපි ගියා

Share: