2012-12-18

ලංකාවේ විශාලතම OpenSource Community එලිදැක්වීමට නියමිතයි

 
http://linuxlanka.com/

පොදුවේ ලිනක්ස් භාවිතා කරන්නන් හට ඇතිවන ගැටලු වලට විසදුම් ලබා ගැනීමට හා ඒ ගැන උනන්දුව ඇති පිරිසට තම දැනුම් අන් අය හා බෙදා ගැනීමට අත්වැලක් සැපයීම මෙහි අරමුණයි. තවද ප්‍රජාව තුල open source software හා සේවාවන් පිළිබද ප්‍රචලිත කිරිම හා දැනට රට තුල ක්‍රියාත්මක open source projects හා සේවාවන් වලට වැඩි වටිනා කමක් ලබා දීමටය.
Share:

2012-12-07

ලිනක්ස් වලට Photoshop (Photoshop Cs5 for Linux)


කලින් පොස්ට් එකෙන් Dreamviewer ඉන්ස්ටෝල් කර ගන්න ඇති කියල හිතනව.අද දෙන්න යන්නෙ Adobe photoshop. වයින් මත තමයි ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ  Dreamviewer install කරපු විදියටම තමයි කරන්න තියෙන්නෙ.
මෙතනින් බාගන්න. Download now
අපි ගියා එහෙනම් comment එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.
Share:

2012-11-28

ලිනක්ස් වලට Dreamviewer (Dreamviewer for Linux)


                                        ගොඩ කාලෙකින් තමා මේ පැත්තට ආවෙ ආපහු බ්ලොග් එක ලියනව කියල හිතුව. මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනව වේබ් development කරන අයට. මම අද දෙන්නෙ හදන්නෙ Dreamviewer  CS5 software එක මේකෙ තියන විශේෂත්වය තමයි මේක LINUX වලත්  වැඩ කරන එක (wine මත). ලේසි වැඩ්ක් තියෙන්නෙ. පහල තියෙන ලින්ක් එකෙන් මේක download කරගෙන wine emulator එකෙන් open කරල සාමන්‍ය විදියට(windows වල කරන විදියට) install කරගන්න. මතක තියාගන්න මේක වැඩ කරන්න wine තියෙන්න ඕනමයි කියන එක wine නැත්තම් පහල තියන command එක tarminal එකේ රන් කරල install කර ගන්න.

 sudo apt-get install wine1.4

Download Link 

ලින්ක්ස් වලත් Dreamviewer තරමට advanced නැති application එකක් තියෙනව KompoZer කියල


http://www.kompozer.net/index.php  වලින් හරි software center එකන් මේක ලේසියෙන්ම download කරගන්න පුලුවන්.
 ඔන්න එහෙනම් අපි ගියා

Share:

2012-04-13

2012-03-04

බ්ලොක් කරපු සයිට් වලට යන්න (Linux අයටත්)

 
මම මේක ලියන්නෙ වැඩියෙන්ම ලිනක්ස් භාවිතා කරන අයට වැදගත් වෙන නිසා.වින්ඩෝස් වලදි
 නම් අමතර softwares use කරල බ්ලොක් කරපු වෙබ් සයිට් වලට යන්න ක්‍රම ගොඩක් තියෙනව.මම 
දැන් කියන එක windows වලදි වුනත් භාවිතා කරන්න පුලුවන්.මේ program එකේ නම vidaliya 
මේක අයිති වෙන්නෙ    tor කියන project එකට. මුලින්ම මෙතනට ගිහින් Browser Bundle එක os 
එකට අදාලව download කරගන්න.
 
මම දැන් පැහැදිලි කරන්නෙ ලිනක්ස් අය කොහොමද මේක use කරන්නෙ කියල.මුලින්ම download 
කරපු file එක extract කරන්න.දැන පහල රූපෙ තියෙන විදියට start-tor-browser කියන එක රන්
කරන්න.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
දැන් මේ විදියෙ එකක් එනව ටික වෙලාවක් ගිහින් ඔයාලගෙ web browser එක ඕපන් වෙයි.ඒකෙන්
 ඕනම block කරපු සයිට් එකකට යන්න පුලුවන්.
 

 sudo aptitude install vidalia කියන කමාන්ඩ් එක ටර්මිනල් එකේ රන් කරලත් vidaliya install  
කරගන්න පුලුවන්.  
Share: