2012-11-28

ලිනක්ස් වලට Dreamviewer (Dreamviewer for Linux)


                                        ගොඩ කාලෙකින් තමා මේ පැත්තට ආවෙ ආපහු බ්ලොග් එක ලියනව කියල හිතුව. මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනව වේබ් development කරන අයට. මම අද දෙන්නෙ හදන්නෙ Dreamviewer  CS5 software එක මේකෙ තියන විශේෂත්වය තමයි මේක LINUX වලත්  වැඩ කරන එක (wine මත). ලේසි වැඩ්ක් තියෙන්නෙ. පහල තියෙන ලින්ක් එකෙන් මේක download කරගෙන wine emulator එකෙන් open කරල සාමන්‍ය විදියට(windows වල කරන විදියට) install කරගන්න. මතක තියාගන්න මේක වැඩ කරන්න wine තියෙන්න ඕනමයි කියන එක wine නැත්තම් පහල තියන command එක tarminal එකේ රන් කරල install කර ගන්න.

 sudo apt-get install wine1.4

Download Link 

ලින්ක්ස් වලත් Dreamviewer තරමට advanced නැති application එකක් තියෙනව KompoZer කියල


http://www.kompozer.net/index.php  වලින් හරි software center එකන් මේක ලේසියෙන්ම download කරගන්න පුලුවන්.
 ඔන්න එහෙනම් අපි ගියා

Share:

2012-04-13

2012-03-04

බ්ලොක් කරපු සයිට් වලට යන්න (Linux අයටත්)

 
මම මේක ලියන්නෙ වැඩියෙන්ම ලිනක්ස් භාවිතා කරන අයට වැදගත් වෙන නිසා.වින්ඩෝස් වලදි
 නම් අමතර softwares use කරල බ්ලොක් කරපු වෙබ් සයිට් වලට යන්න ක්‍රම ගොඩක් තියෙනව.මම 
දැන් කියන එක windows වලදි වුනත් භාවිතා කරන්න පුලුවන්.මේ program එකේ නම vidaliya 
මේක අයිති වෙන්නෙ    tor කියන project එකට. මුලින්ම මෙතනට ගිහින් Browser Bundle එක os 
එකට අදාලව download කරගන්න.
 
මම දැන් පැහැදිලි කරන්නෙ ලිනක්ස් අය කොහොමද මේක use කරන්නෙ කියල.මුලින්ම download 
කරපු file එක extract කරන්න.දැන පහල රූපෙ තියෙන විදියට start-tor-browser කියන එක රන්
කරන්න.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
දැන් මේ විදියෙ එකක් එනව ටික වෙලාවක් ගිහින් ඔයාලගෙ web browser එක ඕපන් වෙයි.ඒකෙන්
 ඕනම block කරපු සයිට් එකකට යන්න පුලුවන්.
 

 sudo aptitude install vidalia කියන කමාන්ඩ් එක ටර්මිනල් එකේ රන් කරලත් vidaliya install  
කරගන්න පුලුවන්.  
Share:

2012-02-29

ලිනක්ස් වලදි මම කැමතිම software එකතුව

අද මම කියන්න යන්නෙ ලිනක්ස් ඉන්ස්ටෝල් කරහම මම ඉන්ස්ටෝල් කරන මගේ කැමතිම 
softwares  ටික ගැන මම හිතනව තවත් ගොඩක් අයට මේක වැදගත් වේවි කියල විශේෂයෙනම
වින්ඩෝස් වලම හිරවෙලා ඉන්න අයට.

 1.මුලින්ම ඉන්ස්ටෝල් කරන්නෙ නම්  Restricted extras කියන package එක. දන්නවනෙ
 Linux based Os එකක් ඉන්ස්ටෝල් කරගමන් Mp3 එකක් වත් ran වෙන්නෙ නෑ කියන එක 
මේ package ඒකෙන් තමයි ඒ පහසුකම ලැබෙන්නෙ(මේකෙ හැම codecs  එකක්ම 
තියෙනවavi,mkv,mpge වගේ) package manager එකේ search කරහම මේක ලේසියෙන්ම
 install කරගන්න පුලුවන්.
 
2.codecs  ඉන්ස්ටෝල් කරාම දාගන්නෙ Audacious කියන audio player එක මේක හරියට
 win amp එක වගේ එකක් .
 
 
 
 3. stardict එක තමයි මධුර ඩික් එකට ආදේශකයක් විදියට තියෙන්නෙ ඒකට සින්හල දාගන්න 
ඕන.  ඒක කරනහැටි  මේ බ්ලොග් එකේ මුල post වල තියෙනව. මේ ඩික් එක භාවිතය නම් පට්ට 
සරලයි ගොඩාක් වටින සොෆ්ට්වෙයා එකක් කියලයි මම නම් හිතන්නෙ.
 
 
  
 4.Furius ISO Mount තමයි alcohol වලින් කරන වැඩ ටික කරන්න යොදාගන්නෙ.මේකෙන් 
පුලුවන් cd /dvd images මවුන්ට් කරන්න virtual drivers හදනව වගේ වැඩ කරන්න.
 
 
  
 5.photoshop වලින් කරන ගොඩක් දේවක් කරන්න පුලුවන් gimp  වලින් .
 

 6.incspace කියන්නෙ corel draw වලට ආදේශකයක්.
 
 
 
 7. torrent වලින් හෝ ගාල ඩවුන් ලෝඩ් කරන්න use කරන්නෙ deluge හරි qbittorrent දෙකෙන්
 එකක් දෙකම එල


 
 8.download manager ගෙ වැඩ කටයුතු ටික කරගන්න දාන්නෙ FatRat ව.
 
 
 9.TOR Vidaliya බ්ලොක් කරපු සයිට් වලට යන්න මේකෙන් පුලුවන්.
 

 10.පොඩි පොඩි වැඩ වලට teamviewer එකත් ඉන්ස්ටෝල් කරගන්නව.
 
 
 
 11.cd /Dvd එහෙම burn කරගන්න ඕන උනගමන් මතක් වෙන nero  තමයි ඊළගට install 
කරගන්නෙ(Nero Linux).
 
 

 12.pen drive වල තියෙන virus එහෙම මකල දානන bitdefender එකත් ඉන්ස්ටෝල් කරනව.
 
 
 
 13. Wine කියන ඉමියුලේටර් එකෙන් පුලුවන් වින්ඩෝස් වල වැඩ කරන ගොඩක් සොෆ්ට්වෙයා
 ලිනක්ස් මත රන් කරවන්න.
 

 14. ලේසියෙන් සින්හල ටයිප් කරගන්න සින්ගිලිශ් දාගන්නව.
 
 මෙතනින් යන්න
 
 
 15. cheese web cam මේකෙන් තමයි වෙබ් කැම් එක ඕපන් කරගන්නෙ.
 
 16.Ubuntu Tweak මේක මගින් පුලුවන් උබුන්ටු තවදුරටත් පහසු කර ගන්න ඒ කිව්වෙ customize
කරගන්න පුලුවන්.

 
 

Share:

2012-02-26

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 10




19 .කැළෑ කාඩ් 
 
හි.. ඔයාල බලයි මේ මොන මගුලක්ද කියල කැළෑ කාඩ් (Wild Card) කියන්නෙ.අපි බලමු ඒ ගැන දැන්. ඔයාලට කම්පියුටර් එකේ තියෙන එකම ජාතියෙ files ඔක්කොම බලාගන්න ඔන උනහම කරන දේ දන්නවනෙ search bar එකේ *.අදාල file වර්ගයෙ extension එක ගහල search කරනවනෙ. අපි හිතමු ඔයාලට ඕන කියල තියෙන ඔක්කොම Mp3 files ටික බලා ගන්න කියල එතකොට කරන්න ඔන *.mp3 කියල search කරන එක.ඔයාල හිතුවද ඇයි මේ * දාන්නෙ කියල එහෙම දාන්නෙ අපි හරියටම එතනට දාන්න ඕන එක දන්නෙ නැති නිසා. තවත් එකක් ගත්තොත් අපේ කම්පුටර් එකේ තියෙන මුල අකුරු තුන abc කියල තියෙන Text file ඔක්කොම බලාගන්න ඕන එතකොට Search කරන්න ඕන මෙහෙම abc*.txt මෙන්න මේවගේ ඒවට යොදාගන්න සලකුණු අපි හදුන්වනව wild card කියල. මූලිකවම අපි wild card වර්ග තුනක් ගැන කතා කරනව.
  1. * -මේකෙන් පුලුවන් string එකක හරි characters set එකක හරි තියෙන දේවල් ගලපල බලන්න.
    භාවිතා කරන ආකාර.
    01. ls * -ඉන්න ඩිරෙක්ටරි එකේ තියෙන ඔක්කොම දේවල් පෙන්නනව.
    02 .ls m*-ඉන්න ඩෙරෙක්ටරි එකේ තියෙන m අකුරෙන් පටන් ගන්න ඔක්කෙම file පෙන්නනව.(m අකුර වෙනුවට කැමති එකක් දාගන්න පුලුවන්)
    03.ls *.c  -extension එක c තියෙන හැම file එකක්ම පෙන්නනව.
    04.ls ab*.c -extension එක c තියෙන file name එක ab වලින් පටන් ගන්න හැම file එකක්ම පෙන්නනව.
      1. ?- මේකෙන් පුලුවන් ඔනම තනි අකුරක් ගලපල බලන්න.
භාවිතා කරන ආකාර.

01.ls ? - file name එක තනි අකුරක් විතරක් තියෙන files බලාගන්න පුලුවන්.
02.ls fo?- fo කියල නම පටන් ගන්න දිග අකුරු තුනක් වන සියලුම files බලාගන්න පුලුවන්.

      1. […] - වරහන් දෙක ඇතුලෙ තියෙන ඔනෑම character එකක් ගලපල බලන්න පුලුවන්.
භාවිතා කරන ආකාර.

          1. ls [mad]* - m , a , d කියන අකුරු වලින් පටන් ගන්න සියලුම files බලාගන්න පුලුවන්. ls [a-f]* කියල දුන්නොත් a සිට f දක්වා නම් වලින් පටන් ගන්න files බලා ගන්න පුලුවන්.

[!a-f] කියල හරි [^a-f] කියල හරි දුන්නෙත් a සිට f දක්වා නම් වලින් පටන් ගන්න files ඇර අනිත් ඒව ඔක්කොම බලා ගන්න පුලුවන්.

20.එකම කමාන්ඩ් ලයින් එකේ කමාන්ඩ් කිහිපයක් රන් කිරීම.

කමාන්ඩ්1;කමාන්ඩ්2
මෙහෙම රන් කරහම ඒ කමාන්ඩ් දෙකම එක පාර රන් වෙනව.
මේක බලන්නකො.
date;who
දෙකම කමාන්ඩ්. මේක රන් කරහම කමාන්ඩ් දෙකේම ප්‍රතිඑල පෙන්නනව.


21.Command line Processing 

ටර්මිනල් එක open කරල මෙන්න මෙහෙම ටයිප් කරන්න.
ls mad_terminal
එතකොට මෙන්න මේවගේ error පණිවිඩයක් පෙන්නාවි
ls: cannot access mad_terminal: No such file or directory
මේකියන්නෙ mad_terminal කියල file එකක් හරි directory එකක් වත් නැතිලු ඒක ඇතුලෙ තියෙන ඒව පෙන්නන්න. (ls මගින් පුලුවන්නෙ directory එකක තියෙන content එක බලාගන්න)
මෙතනදි ls කියන්නෙ execute වෙන කමාන්ඩ් එක ඒකට ඉස්සරහින් තියෙන ඒවට අපි කියනව arguments කියල කලින් කරපු එකේ තියෙන argument එක තමයි mad_terminal කියන එක.පහල තියෙන උදාහරණ වලින් මේගැන පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් වෙයි.

          1. ls mad - කලින් කරපු එක වගේමයි. කමාන්ඩ් එක ls ආගියුමන්ට් එක mad ආගියුමන්ට් ගනන එකයි.
          2. clear - කමාන්ඩ් එක clear ආගියුමන්ට් නැත.
          3. date - කමාන්ඩ් එක clear ආගියුමන්ට් නැත.
          4. tail -22 mad - කමාන්ඩ් එක tailආගියුමන්ට් -22 හා mad ආගියුමන්ට් ගනන දෙකයි.
          5. cp he he.in-කමාන්ඩ් එක cpආගියුමන්ට් he හා he.in ආගියුමන්ට් ගනන දෙකයි.

අපි බලමු ඊළඟට ඇයි මේ arguments කියන ඒව භාවිතා කරන්නෙ කියල.

Share: