2011-10-06

ලිනක්ස් Shell Programming පාඩම-කොටස 01




                                       මම දැන් කියල දෙන්න හදන්නෙ ලිනක්ස් පාඩම් මාලාවක්.ලිනක්ස් කිව්වට Linux shell Programming පාඩම් මාලාවක් ගැන තමයි කියන්න යන්නෙ. ගොඩක් සරලව හැමෝටම තේරෙන විදියට කියල දෙන්න තමයි මගේ උත්සාහය. මොනව හරි තේරෙන්නෙ නැත්තම් හරි අපැහැදිලිනම් හරි comment එකක් දාල ඒ ගැන අහන්න.ඔන්න එහෙනම් වැඩෙ පටන් ගත්ත. වරදක් අඩු පාඩුවක් එහෙම තියෙනවනම් ඒ ගැන පෙන්නා දෙන්න කියලත් ඉල්ලා කාරුණිකව ඉල්ලා සිටිනව.

01.මුලින්ම බලමු මොකද්ද මේ ලිනක්ස් කියන්නෙ කියල
 
                                   සරලවම කිව්වොත් ලිනක්ස් කියන්නෙ පරිඝණක මෙහෙයුම් පද්ධ්තියක් (Os එකක්).මේකෙ තියන වැදගත් කම් වලින් කිහිපයක් තමයි

1. මේක අපට ලැබෙන්නෙ සම්පූර්ණ නොමිලේ විම.
2. මේකෙ කේත (Source Code) නොමිලේ ලබා ගන්න හැකි විම.
3. GNU General Public License එක යටතේ තිබිම.


                                    ලිනක්ස් වල තාත්ත හැටියට හදුන්වන්න පුලුවන් Unix කියන කෙනා.මෙ Unix වල වයස අවුරුදු 35 විතර වෙනව. මේක develop කරේ Bell Labs, MIT & General Electric කියන ආයතන කිහිපය එකතු වෙලා. ඒ උනට මේක සාර්ථක Os එකක් වෙලා නැහැ. කොහොම කොහොම හරි 1991 දි Linus Torvalds කියන විශ්ව විද්‍යායල ශිෂයා විසින් තමාගෙ පරික්ෂන කටයුතු වලට යොදා ගන්න හදාගනිපු MINIX කියන OS එක තමයි පස්සෙ පස්සෙ linux කියල ගොඩනැගිල තියෙන්නෙ. C කියන පරිඝණක භාෂාව යොදාගෙන තමයි ලිනක්ස් හදල තියෙන්නෙ කියලත් මතක තියා ගන්න.Unix කියන තාත්ත ගෙන් linux ට උරුම උන දේවල් ගොඩක් තියෙනව ( තාත්තට තියෙන ගති ලක්ෂණම) බලන්න එ මොනවද කියල.

1.ගොඩක් දුරට C පරිඝණක භාෂාව යොදාගෙන තමයි හදල තියෙන්නෙ

2.Multi-user/Multitasking/32 or 64 bit Network OS එකක් - එක පාරකට users ල ගොඩ දෙනක්ට use කරන්න පුලුවන්.Programs ගොඩක් රන් කරවන්න පුලුවන්. 32 බිට් හරි 64 බිට් වගේ hardware platform වල වැඩ කරන්න පුලුවන් network os එකක් කියල තමයි කියන්නෙ.

3.Development/Programming environment එකකින් සන්නද්ධවෙලා තියෙන්නෙ - ලිනක්ස් උඩ Development වැඩ පොඩ්ඩක් හරි කරපු කෙනෙකුට මේ ගැන තේරුම් ගන්න පුලුවන්.

4.වෙනස් වෙනස් වර්ග වල Hardware Platform මත වැඩ කරන්න පුලුවන්.
මෙන්න මේ වගේ
Intel x86 processor (Celeron/PII/PIII/PIV/Old-Pentiums/80386/80486)
Macintosh PC's 
Cyrix processor 
AMD processor 
Sun Microsystems Sparc processor
Alpha Processor (Compaq)
Mobile Phones

                                             කලින් කිව්වෙ ලිනක්ස්ගෙ තාත්ත ගැන නෙ. දැන් කියන්නෙ Linux ගෙ දරුවො ගැන Linux ගෙ පවුලෙ දරු පැටව් ගොඩක් ඉන්නව.අපි බලමු කවුද මේ දරුවො කියල. බලන්න පහල තියන පින්තුරෙ දිහා, හිතා ගන්න පුලුවන් නෙ කොයි තරම් ලොකුද කියල. දරුවන්ගෙ දරුවොත් ඉන්නව. මෙයාලට දරුවො කියන්නෙ ඇයිද දන්නවද ? මෙයාල එකිනෙකට වෙනස් උනත් හැමෝවම හදල තියෙන්නෙ Linux kernel එක use කරල. kernel එක කියන්නෙ මොකද්ද කියල ඉස්සරහට කියල දෙන්නම්.

                                               

ඔයාල කමති Linux distributions. එකක් තෝර ගන්න වැඩ කරන්න. මම නම් ඉතින් උබුන්ටු තමයි.
මේ post එක බලල හොඳ එකක් තෝර ගන්න. ලිනක්ස් වලට මාරු වෙමු.


2. Linux අපට මොන විදියටද භාවිතා කරන්න පුලුවන්.
1.Personal Work- සින්දු අහන්න ලියුම් ලියන්න වගේ වැඩ වලට.
2.Web Server- වෙබ් සේවර් එකක් විදියට.
3.Software Development Workstation- සොෆ්ට්වෙයා Development වැඩ වලට.

4.Workgroup Server- workgroup සේවර් එකක් විදියට.

5. FTP, Telnet, SSH, Web, Mail, Proxy, Proxy Cache Appliance මෙන්න මේවගේ දත්ත සේවා වැඩ වලට.

තව මෙකී නොකී ගොඩක් දේවල් කරගන්න පුලුවන්.

3.මොකද්ද මේ කර්නල් එක කියන්නෙ ?

ලිනක්ස් os එකක හදවත වගේ කොටස තමයි අපි kernel කියල හදුන්වන්නෙ. ඒකෙන් තමයි ලිනක්ස් වල තියෙන සම්පත් පාලනය කරන්නෙ. සම්පත් කිව්වෙ රන් රීදී මුත මැණික් වගේ ඒවට නම් නෙවෙයි.තියෙන Hardware පහසුකම් වලට තවත් තේරෙන්න කිව්වොත් memory, file management,දත්ත තැන්පත් කිරීම,Hardware Device එකක් පාලනය කිරීම වගේ දේවල්.
මේ කර්නල් එක සුලු පටු එකක් නම් නෙවෙයි. ලයින් මිලියනන 13ක් තියෙන source code එකක්.කර්නල් එක තමයි කම්පියුටරේ Hardware interface එකත් එක්ක කෙලින්ම සෙට් වෙන එක්කෙනා. user ඒ කියන්නෙ අපි කරන්න කියන ඉල්ලිම් (Applications හෝ Shell මගින් ) මුලින්ම ලැබෙන්නෙ kernel ට එයා තමයි ඒව hardware interfae(physical hardware) Layer එකට ලබාදෙන කෙනා.තවත් විදියකට කිව්වොත් kernel එක තමයි කව්ද සම්පත් use කරන්නෙ කොයි තරම් වෙලාවකටද කොහේදිද කියල තීරණය කරන්නෙ.
පහල තියෙන පින්තූරෙ බැලුවහම ඒක තේරේවි



ප්‍රධාන වශයෙන් කර්නල් එකෙන් මෙන්න මේදේවල් කරනව.

I/O management
Process management
Device management
File management
Memory management


ඊළඟ කොටසින් හමු වෙමු.

Share:

ලිනක්ස් වලට මාරු වෙමු.


අපි බලමු කොහොමද හොද ලිනක්ස් ඩිස්ට්‍රො එකක් (ඒ කිව්වෙ ලිනක්ස් කර්නල් එක පාදක කරගත් os එකක්) ඉන්ස්ටෝල් කරගන්නෙ කියල. ඔයාලට පුලුවන් කැමති ඩිස්ට්‍රෝ එකක් තෝරගන්න එහෙම තෝර ගන්න ඩිස්ට්ට්‍රෝ 750 විතර දැනට තියෙනව.ඒ අතරින් මේ කාලෙ ගොඩක් ජනප්‍රිය උන ඩිස්ට්‍රො 10 ක් ගැන පහල තියෙනව ඒ අදාල web sites වලට ගිහින්, තව විස්තර හොයල බලල download කර ගන්න. මම නම් ගොඩක් කල් ඉදල use කරන්නෙ ubuntu කියන os එක මම නම් හිතන්නෙ අනෙක් ඒවට වඩා උබුන්ටු පහසුයි කියල. අනික උබුන්ටු වලට ගොඩක් hardware device කිසි කරදරයක් නැතුව ඩිටෙක් කර ගන්නව.(ඩොන්ගල් ,ස්කෑනර් , කැමරා වගේ ඒව) Applications හා updates එහෙමත් කරදරයක් නැතුව ලබා ගන්න පුලුවන්(ඔක්කෙම දෙන්නෙ free දෙන නිසා කිසි කරදරයක් නෑ).

01.Ubuntu

  http://www.ubuntu.com/



02.Fedora 




03.Open Suse
                  



04.Debian





05.Mandriva




06.Linux mint


http://linuxmint.com/

                        
 
07.Pc linux os




08.Slackware



09.Gentoo linux
 



10.Cent os


  
                                              මේවයින් කැමති එකක් ඩ්වුන්ලෝඩ් කරගෙන cd එකකට හරි dvd එකකට හරි Write කර ගන්න. මේව ඉන්ස්ටෝල් කරන්න ආකාර කිහිපයක් මම කියල දෙන්නම් ඔයාලට කැමති විදියක් තෝර ගන්න. මම කියල දෙන්නෙ ubuntu os එක ඉන්ස්ටෝල් කරන්න අනිත් ඒවත් ගොඩක් දුරට ඒ වගේම තමයි.Ms windows වලට ගොඩ කාලයක් පුරුදු වෙලා හිටපු අයනෙ ගොඩක්ම ඉන්නෙ ඒ අයට ගැලපෙන විදියට, හුරු විදියට වැඩේ කරොත් හොදයි කියල මම හිතනව.
                                       
1.Ubuntu පමණක් ඉන්ස්ටෝල් කිරීම
                                                  
                                          මේකෙදි කම්පියුටර් එකේ තියෙන්නෙ උබුන්ටු ම විතරයි වෙන කිසිම os එකක් නෑ උබුන්ටු වලට ආධුනිකයෙකුට නම් මේක ඒ තරම් සුදුසු නෑ කියලයි මම නම් හිතන්නෙ.හරි කමක් නෑ අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල.

      1. මුලින්ම ububtu cd එක හරි dvd එක හරි දාල boot කරන්න. දැන් එනව මෙන්න මේ වගේ boot මෙනු එකක්. ඒකෙ දෙවනි එක click කරන්න ඒ කියන්නෙ Install Ubuntu කියන එක.

           

        2.ඊළඟට මේ මෙනු එක එනව මෙතනින් try කියන එකෙන් ගියොත් කම්පියුටර් එකේ කිසි වෙනසක් කරන්නෙ නැතුව උබුන්ටු මෙනවගේ එකක්ද කියල බලන්න පුලුවන්. os එක රන් වෙන්නෙ cd එක උඩ් ඒ නිසා ටිකක් slow(හැම ඩිස්ට්‍රෝ එකකම මෙහෙම බලන්න බෑ) කොහොම හරි මේකෙන් අපට යම් අදහසක් ගන්න පුලුවන් os එක ගැන. os එක ඉන්ස්ටෝල් කරගන්න ඔන නම් install ubuntu කියන එක ඔබන්න.


                        3.මේකෙ Download updates while installing කියන එකට හරි       දාන්න ඔන වේගවත් ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තියෙනවනම් විතරයි නැත්තම් ඉන්ස්ටෝල් වෙන්න ගොඩක් වෙලා යවි.install this third-party software කියන එකටත් හරි දාන්න.

                                                       
4.මෙතන තමයි ගොඩක්ම වැදගත් තැන මෙතන මෙතනින් තමයි උබුන්ටු ඉන්ස්ටෝල් කරන තැන තීරණය කරන්නෙ.

                                
 
කොහොම උනත් මම කියල දෙන්නෙ manual partition කරන විදිය නැත්තම් නා ගන්න වෙන නිසා. ඔයාල මෙතනින් Something else කියන එක select කරල forward button එක click කරන්න.

5.ඊළඟට කරන්න තියෙන්නෙ partition කරන වැඩේ මේක ගොඩක් පරිස්සමින් කරන ඔන. උදාහරණයක් විදියට අපි හිතමු අපට ඔන අපේ 320 Gb hard disk එක 100gb කොටස් දෙකයි 60gb කොටස් දෙකකටයි partition කරල් එක 60 gb කොටසකට උබුන්ටු දාගන්න ඔන කියල. එතකොට අපි හදාගන්න ඔන partition ප්‍රමාණ්ය.
100 gb – දෙකයි
60 gb - දෙකයි 
 
මුලු partition ගණන හතරයි .ඒ උනත් උබුන්ටු දා ගන්න අපි අඩුමතරමෙ උබුන්ටු වලට විතරක්ම partitions තුනක් හදා ගන්න ඔන. එහෙම බැලුවෙත් මෙන්න මේ තරම් partitions ගණනක් අවශ්‍ය වෙනව.
100 gb – දෙකයි
60 gb – 1
x gb -1
y gb -1
z gb -1
මුලු partitions ගණන 6 වෙනව. අපි 60 gb එකකටනෙ උබුන්ටු දාන්න හිතාගෙන හිටියෙ ඒ 60 gb එක තමයි x , y , z කියල කොටස් තුනකට බෙදුවෙ. ඊළඟට බලමු කොහොමද මේව බෙදන්නෙ කියල
මම කලින් කිව්වනෙ උබුන්ටු දා ගන්න අඩුම තරමෙ partitions තුනක් වත් හදා ගන්න් ඔන කියල, ඒ partitions තුන root , boot හා swap කියල හදුන්වනව.
swap – මෙයා හදන්න ඔන ram එක වගේ දෙගුණයක්.
boot(/boot) – මෙයා 200 mb වගේ ගානක් දුන්නාම ඇති.
root(/) - මෙයාට තමයි වැඩිපුරම ඉඩ ප්‍රමාණයක් දෙන්න ඔන.

උදාහරණයක් විදියට අපේ 60 gb partitions එක මෙන්න මේ විදියට තමයි බෙදෙන්නෙ
swap- ram එක 1gb(1024 mb) කියල හිතුවොත් swap එක 2048 mb දෙන්න .
boot- 250 mb
root -60 gb වලින් swap හා boot partitions වලට යන ගණන අයින් කරහම එන ප්‍රමාණය. (ආසන්නව 56 gb වගේ)

ඔන්න ඔය විදියට තමයි partitions කරගන්න ඔන (මේක කරන්න පුලුවන් සරලම ක්‍රමයක් විතරයි මීට වඩා ගොඩක් Advanced විදියට කරන්න පුලුවන්)


උඩ තියෙන වගේ එකකින් තමයි partitions කරන්න දෙන්නෙ. ඔය තියෙන්නෙ කොටස් හතරකට බෙදෙපු hard disk එකක්. add කියන button එක click කරහම පහල තියෙන වගේ වින්ඩෝ එකක් එනව ඒකෙන් තමයි හදන partitions එකේ ප්‍රමාණය,ෆොමැට් එක, mount point එක(එ කිව්වෙ root boot swap කියන එක) තෝරන්නෙ.

format type- වින්ඩෝස් වල තියෙන්නෙ ntfs කියල format එකක් කියල ඔයාල දන්නවනෙ ? ඒ වගේ උබුන්ටු වලත් තියෙනව format type කිහිපයක් අලුතෙන්ම ආපු ටයිප් එක තමයි Ext4 කියන වර්ගය. Ubuntu තියන partitions (/)එක අනිවාර්‍යෙන්ම මේ ext ටයිප් එකකට format කරන්න ඔන. boot එකත් එ විදියටම තමයි.අපි කලින් හදන්න හිතන් හිටි partition table එකේ 100 gb කොටස් දෙකක් තිබුනනෙ.ඒව වඩා හොඳයි ntfs වලට format කරොත්. මොකද හදිස්සියෙවත් වින්ඩෝස් තියෙන කම්පියුටර් එකකට hard disk එක හයි කරල බලන්න උනොත් එහෙම පොඩි අවුලක් වෙනව ext4 type එක වින්ඩෝස් වලදි පේන්නෙ නැති නිසා.


5.ඊළඟට තියෙන්නෙ time zone එක තෝරගන්න.
                          
                                              
6.keyboard layer එක තෝරන්න.
වෙනස් කරන්න එපා default එන එකම තියන්න.
 

7.user name password ලබා දෙන්න.

                                
8.Complete
ඊළඟට ඉන්ස්ටෝල් කිරීම ඉවර කරන්න තියෙන්නෙ.
                                 


2.වින්ඩෝස් හා උබුන්ටු යන දෙකම ඉන්ස්ටෝල් කිරීම( වින්ඩෝස් තුලටම ඉන්ස්ටෝල් කිරීම).
මේක කරන්න අනිවාර්‍යෙන්ම කම්පියුටර් එකට මුලින් වින්ඩෝස් දාල තියෙන්න ඔන.මේහෙම ඉන්ස්ටෝල් කරනකොට partition කරන වැඩ කිසි එකක් නෑ හරිම ලේසියි. තියෙන partition එකකටම තමයි ඉන්ස්ටෝල් වෙන්නෙ. හැබැයි අවුලකට තියෙන්නෙ මෙහෙම ඉන්ස්ටෝල කරහම උබුන්ටු වල උපරිම performance ලැබෙන්නෙ නැති එක. ඉන්ස්ටෝල් කර ගන්නෙ මෙහෙමයි වින්ඩෝස් වලින් ලොග් වෙලා උබුන්ටු cd එක රොම් එකට දාන්න ඊළඟට මේ මෙනු එක එනව
                            
 
මෙතනින් install inside windows කියන එක click කරන්න.ඊළඟට එන මෙනු එකෙන් ඉන්ස්ටෝල් කරන්න ඔන තැන(වැඩි ඉඩ පරමාණයක් තියෙන partition එකක් තෝර ගන්න ),ප්‍රමාණය (උබුන්ටු සඳහා කොයි තරම් ප්‍රමාණයක් ඉඩ වෙන් කරනවද කියන එක ),භාෂාව තෝරන්න password,user name ලබා දෙන්න.

 
ඊළඟට ඉන්ස්ටෝල් button එක click කරල ඉන්ස්ටෝල් කරන්න.

 
වැඩ ඔක්කොම ඉවර උනාට පස්සෙ computer එක restart කරන්න.එතකොට මේ විදියට ඉන්ස්ටෝල් උන එක පෙන්නාවි.

                               
ඕනම වෙලාවක වින්ඩෝස් වල add/remove programs වලට ගිහින් ඉන්ස්ටෝල කරපු os එක සාමන්‍ය programma එකක් වගේම ඉවත් කරන්න පුලුවන්

  1. වින්ඩෝස් හා උබුන්ටු යන දෙකම ඉන්ස්ටෝල් කිරීම
මෙතනදි කරන්නෙත් පළවෙනි ක්‍රමයට කරපු දේම තමයි.පළවෙනි එකේ ගනිපු උදාහරණෙම මම මේකත ගන්නම්. අපි හිතමු අපට ඔන අපේ 320 Gb hard disk එක 100gb කොටස් දෙකයි 60gb කොටස් දෙකකටයි partition කරල් එක 60 gb කොටසකට වින්ඩෝස් හා අනික් 60gb කොටසට උබුන්ටු දාගන්න ඔන කියල. එතකොට අපි හදාගන්න ඔන partition ප්‍රමාණය.

100 gb – දෙකයි
60 gb – එකයි (windows සඳහා)
ඉතුරු 60 gb partition කරල කලින් වගේ උබුන්ටු වලට තුනක් හදා ගන්න ඔන.
x gb -1
y gb -1
z gb -1
මුලින්ම ඉන්ස්ටෝල් කරන්න ඔන  වින්ඩෝස් ඒක අනිවාර්‍යයි.වැඩේ ලේසි වෙන්න මෙන්න මේ විදියට කරන්න.
වින්ඩෝස් දානකොට hard disk එක 100gb -2 , 60 gb -2 කොටස් වලට partition කරල එක 60 gb එකකට windows දාන්න.ඊළඟට Ubuntu දාන කොට පරිස්සමින් අනිත් 60 gb partition එක තෝරල එක අයෙත් කොටස් තුනකට (root,boot හා swap සඳහා)  partition කරල. පළවෙනි ක්‍රමේදි කියල දුන්න පිළිවෙලට දිගටම කරගෙන යන්න.
Share:

2011-09-24

හොදම Graphics තියෙන පරිඝණක ක්‍රීඩා 10

මේ තියෙන්නෙ මේ පරම්පරාවෙ හොදම Graphics තියෙන පරිඝණක ක්‍රීඩා 10.බලන්න කොහොමද කියල මේව play කරන්න නම් ඉතින් හොද Graphic Card එකක් ඕන වෙනව.



 10 වන ස්ථානය. witcher-2













 9 වන ස්ථානය. uncharted-2

 8 වන ස්ථානය. mirrors-edge

7 වන ස්ථානය. metro-2032

 6 වන ස්ථානය. killzone



 5 වන ස්ථානය. halo-reach


 4 වන ස්ථානය. halo-3








 3 වන ස්ථානය. half-life-2-with-mods



 2 වන ස්ථානය. gears-of-war-3



 1වන ස්ථානය. Crysis






Share:

2011-09-23

Bit Defender හැමදාටම (BitDefender for life time)

Bit Defender virus Gard මුලු ජිවිත කාලෙටම සම්පූර්ණයෙන්ම නෙමිලේ භාවිතා කරන්න කැමතිද? Crack කරල නෙවෙයි හොදේ.......හැබැයි මෙ Version එක තියෙන්නෙ ලින්ක්ස් වලට විතරයි.  හික්ස්!  ලින්ක්ස් වලට මොන වයිරස් ද?  එහෙම නෙවෙයි අපිට පුලුවන් මේකෙන් වින්ඩෝස් තියෙන කම්පුටර් එකක ගහපු, වයිරස් බෝ උන පෙන් එකක තියන වයිරස් එහෙම අයින් කර ගන්න.මම දැන් කියන්නම් කෙහොමද මේක ඉන්ස්ටෝල් කරන්නෙ කියල මුලින්ම මෙන්න මේ file එක download කර ගන්න 40 MB විතර තියෙනවා.ලින්ක් එක click  කරහම නිකන් පෙන්නන්නෙ text  file එකක් විදියට නම් ඒක කොහේට හරි මෙන්න මේ නමින් Save  කර ගන්න. BitDefender-Antivirus-Scanner-7.6-4.linux-gcc4x.i586.deb.run
දැන්  Applications>Accessors>Terminal ගිහින් ටර්මිනල් එක open කර ගන්න. දැන් cd command එක use කරල Download කරපු file එක තියෙන තැනට යන්න(cd command එක use කරන හැටි කලින් පොස්ට් වල බලන්න)
Download කරපු file එක තියෙන තැනට ගිහින් මේ command එක දෙන්න.
 sudo sh BitDefender-Antivirus-Scanner-7.6-4.linux-gcc4x.i586.deb.run  දැන් root Password එක අහනව එකත් දෙන්න. දැන් Agreement එකක් පෙන්නනව පිස්සු නම් කියවන්න. දැන් අහනව 
Agreement එකට එකඟ ද කියල. ඔව් නිසා accept කියල type කරල Enter key එක ඔබන්න.

දැන් අහනව
Do you want to install BitDefender Antivirus Scanner GUI package (Y/N) කියල දෙන්න Y කියල. දැන් ඉන්ස්ටෝල් වෙලා ඉවර උනහම Applications>System tools වලට ගිහින් Bit Defender open කරන්න. 

දැන් ඒකෙ තියෙන  Get a new Free license key for personal use කියන ලින්ක් එක click කරල අවශය  විස්තර ලබා දිල license key එක e-mail එකට ගෙන්න ගන්න. license key එක 365 day valid ඒක ඉවර උනහම තව එකක් ගන්න පුලුවන් නිකම්ම. මේ වැඩ ඔක්කොම ඉවර කරල Update කරන්න.
Share:

2011-09-17

Eset for Everyday (Eset හැමදාම use කරන්න.)

මම අද කියන්න යන්නෙ කොහොමද Eset Smart Security Anti Virus Gard එක Trial keys වලින් දිගටම use කරන්නෙ කොහොමද කියල.මුලින්ම Eset Virus Gard එක Download කරගෙන Install කරගන්න.දැන් මේ සොෆ්ට්වෙයාර් එක Download කරල ඉන්ස්ටෝල් කරගන්න
AUTO KEY fINDER
මේක රන් වෙන්න ජවා රන්ටයිම් එන්වයර්මන්ට් එක තියෙන්න ඔන
ඒක නැත්තම් මෙතනින් Download  කර ගන්න.
jAVA RUNTIME ENVIRONMENT
මේ file එකත් Download කරගන්න.
SERVERS.TXT

දැන් Virus Gard  එක Open කරල F5 කී එක ඔබන්න. එතකොට මේ වින්ඩෝ එක එනව.



මේකෙ  තියන Address Management කියන එක ක්ලික් කරන්න දැන් ඒකෙ තියෙන From file කියන් එක

ක්ලික් කරල අපි Download කර ගනිපු Servers.txt කියන file එක open කරන්න.


දැන් හරි දැන් Ok කරල ඔක්කොම වින්ඩො close කරන්න.

අර කලින් ඉන්ස්ටෝල් කරගනිපු Software  එක රන් කරන්න. එතකොට license automatic   ඉන්ස්ටෝල් වෙනව license එක expire වෙන හැම වාරෙකම මේක රන් කරන්නයි තියෙන්නෙ.
Share: