25.පයිප්ප
(Pipes).
පයිප්ප
කිවිවෙ වතුර යන ඒව නම් නෙවෙයි.
මේවයි යන්නෙ
කමාන්ඩ්. තේරුනේ
නැද්ද? මෙහෙමයි
අපි මේ පයිප්ප කියන ඒවයින්
කරන්නෙ එක කමාන්ඩ් එකක output
එක තවත්
කමාන්ඩ් එකක් ඉන්පුට් එකකට
ලබාදෙන එක. මේකෙ
තියන විශේෂත්වය තමයි එහෙම
වෙනකොට කිසිම temporary file එකක්
හැදෙන්නෙ නැති වීම (මෙහෙම
කියන්නෙ පළමු කමාන්ඩ් එක මගින්
දෙන output එක
කිසි තැනක save කරගන්නෙ
නැතුව කෙලින්ම දෙවනි කමාන්ඩ්
එකේ input එකට
ලබාදෙන නිසා ). අපට
මේක use කරන්නෙ
පුලුවන් program එකක
out put එක
තවත් program එකක
ඉන්පුට් එකට සෙට් කරවන්න
ටෙම්පරි file හදන්නෙ
නැතුව.
උඩ
තියන පින්තුරෙන් ඒ ගැන අදහසක්
ගන්න උත්සාහ කරන්න.
මේ
Syntax එක
use කරන්නෙ
මේ විදියට.
Command 1 | Command 2
මෙන්න
මේ උදාහරණ බැලුවහම හරියටම
තේරුම් ගන්න පුලුවන් වේවි.
- ls | more –ls කමාන්ඩ් එකෙන් වෙන දේ දන්නවනෙ. more කියන කමාන්ඩ් එකත් එක්ක combine කරහම වෙන්නෙ මෙහෙම වැඩක් අපි හිතමු අපි files හා folders ගොඩක් තියන directory එකක ඉදන් ls type කරා කියල එතකොට මෙන්න මේවගේ result එකක් තමයි ටර්මිනල් එකේ Display වෙන්නෙ.
අපි
ls | more කියන
විදියට රන් කරොත් මෙන්න මේවගේ
result එකක්
තමයි ලැබෙන්නෙ.කමාන්ඩ්
දෙකක එකතුවකින් තමයි මේ result
එක ලැබුනෙ.
පෙන්නන
තියන දේවල් ලිස්ට් එකක් විදියට
පෙන්නනන එක තමයි විශේෂත්වය.
එහෙම
පෙන්නන්න Screen එක
මදිනම් --More-- කියන
එක උඩ enter button එක
එබීමෙන් ඊළඟ ටික බලන්න පුලුවන්.
2. who | sort
who කියන
කමාන්ඩ් එකෙන් ලැබෙන්නෙ user
Account ප්‍රමාණය.
Sort කියන
කමාන්ඩ් එකත් කලින් use
කරල තියෙනව
ඒකෙන් වෙන්නෙ අනුපිළිවෙලකට
සැකසෙන එක.මේ
කමාන්ඩ් එක රන් කිරීමෙන් sort
උන user
Account ප්‍රමාණය
බලා ගන්න පුලුවන්.
3.who | sort >
user_list
කලින්
කමාන්ඩ් එක මගින් උන දේම තමයි
සිද්ධවෙන්නෙ. හැබැයි
output එක
write වෙන්නෙ
ඔයා දැනට ඉන්න ඩිරෙක්ටරි එකේ
user_list කියල
හැදෙන file එකේ.(
> ,>> ,< මේව
මතකයිනෙ redirection වලදි
කරේ )
4. who | wc -l
wc කියන
කමාන්ඩ් එකෙන් යමක lines
ප්‍රමාණය,වචන,අකුරු
වගේ ඒවගෙ count එකක්
ගන්න පුලුවන්.භාවිතා
කරන හැටි පහල තියන ඒව් මගින්
ඉගෙන ගන්න.
wc -c :-මේකෙන්
bytes වල
එකතුව ගන්න පුලුවන්
wc -m :-අකුරු
වල එකතුවක් ලබා ගන්න පුලුවන්.
wc -C :- wc -m වලින්
ලැබුන ප්‍රතිඑලයම තමයි.
wc -l : lines වල
එකතුව.
wc -w : අකුරු
අතර තියන හිස් අවකාශය(white
space) count කරනව.
who | wc -lවලින්
පෙන්නන්නෙ ලයින් ප්‍රමාණෙ
count එකusers
ල 5ක්
හිටියොත් රිසල්ට එක 5
කියල පෙන්නනෙ.
ඔයාලගෙ
ඉන්න users ප්‍රමාණයෙ
එකතුවක් දකින්න ලැබෙයි.
- ls -l | wc -l
මේක
ඔයාල කරල බලලම තේරුම් ගන්න
හැම එකම කියල දෙන එක හොඳ නෑ
නෙ.