ගොඩ
කාලෙකින් තමයි පොස්ට් එකක්
දාන්නෙ. ශෙල් පාඩම
ආයෙමත් පටන් ගන්නව ඉක්මනින්ම.
අද මම
කියන්න යන්නෙ ලිනක්ක් os එක
use කරන අයට පට්ට
විදියට වැදගත් වන දෙයක් ගැන
එකම කම්පියුටර් එකේ ලිනක්ස්
හා වින්ඩොස් os දෙකම
use කරන අයට මේක
පට්ටම පට්ට විදියට වැදගත්
වෙනව.
ඔයාලටත්
මේ වගේ වැඩ වෙලා තියෙනවද ?
වින්ඩොස්
ලිනක්ස් දෙකම තියෙන එකක මේක
උනාම දෙකෙන් එකකට වත් යන්න
ලැබෙන්නෙ නෑ මේක සිද්ධ වෙන්නෙ
GRUB (GRand Unified Bootloader )කියන
Boot loader එක මැකුනහම
හරි වෙන මොකක් හරි සිද්ධියක්
උනහම එතකොට boot වෙන්න
ඔන මොන os එකද කියල
කම්පියුටර් එකට හොයා ගන්න
බැරි වෙනව. Grub වලින්
තමයි multi os තියෙනකොට
අවශය OS එක තෝරල
boot කරන්න පහසු කම
සලසල දෙන්නෙ.
දැන්
බලමු කොහොමද මේක අවුල් උනොත්
repair කර ගන්නෙ
කියල.මුලින්
මෙතෙන්ට ගිහින් මේ තියන .iso
එක Download කරගෙන
cd එකකට burn කරගන්න
නැත්තම් bootable pen creator එකක්
use කරල pen එකකට
දාගන්න.
ඊළගට
cd එක CD-ROM එකට
දාල computer එක restart
කරන්න. දැන්
cd එක boot කරන්න
එකොට පහල තියෙනව වගේ පෙනෙයි
මෙතනින් තෝරන්න 32 bit ද
64 bit ද කියන එක ඔයාලගෙ
computer එක අනුව
ඊළගට
මේක පොර්ටබල් os එකක්
විදියට LOAD වෙනව
ලස්සන ඩෙස්ක්ටොප් එකකුත්
එක්ක. මේකෙ තියන
Main මෙනු එකේ තියනව Boot Repair කියල
සොෆ්ට්වෙයාර් එකක්
ඒක
ඔපන් කරල Recommended repair කියන
එක තෝරල උඩ තියන පින්තුරෙ
විදියට කරල apply කරන්න.
ඊට පස්සෙ කම්පියුටර්
එක restart කරල බලන්න
පුලුවන්. තවත්
මේකෙ තියන පට්ට වැදගත් දෙයක්
තමයි OS-Uninstaller කියන
tool එක මේකෙන්
පුලුවන් computer එකේ
දැනට තියෙන OS එකක්
uninstall කරන්න.
වැඩේ එල නම් කමෙන්ට් එකකුත් දාල යන්න.
sudo add-apt-repository ppa:yannubuntu/boot-repair && sudo apt-get update sudo apt-get install -y boot-repair && boot-repair
මෙන්න මේ කමාන්ඩ්
දෙක ලින්ක්ස් වල ටර්මිනල්
එකේ රන් කරල boot-repair tool එක
වෙනමම තමන් දෑන් ඉන්න OS එකට ඉන්ස්ටොල් කර ගන්නත්
පුලුවන් ඒත් CD එකකට
Burn කරල තියන එක්
තමයි ගොඩක් වටින්නෙ.